ada idan lankawata pena වල්ගාතරුව
අද සිට ලබන 24 වැනි දා තෙක් මෙරට ජනතාවට ‘පෑන්ස්ටාර්ස්’ ධූම කේතුව දැකිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
හිරු බැස ගිය පසු බටහිර අහසෙහි අංශක 15ක පමණ ඉහළින් මෙය දැක ගතහැකි අතර මේ මස මැද සිට අග දක්වා වන විට වයඹ දිග අහස දෙසින් පහසුවෙන් දැක ගත හැකි වන බව ද ඒ මහතා පවසයි.
පියවි ඇසින් මෙය බැලීමෙන් ඇස්වලට කිසිදු හානියක් නො වන බව ද ජයරත්න මහතා කියයි. මෙම වසරේ දී ධූම කේතු තුනක් දිස්වීමට නියමිත අතර මෙම ධූම කේතුව එහි පළමුවැන්න වේ.
අද සිට ‘පෑන්ස්ටාර්ස්’ ධූම කේතුව ශ්‍රී ලංකා අහසේ