මෙහෙම නේහ් මචං. අපේ ගෙදර බිල් එක එන්නෙ සාමාන්‍යයෙන් 5000න් උඩ වගේ. ඒත් ඔය අප්‍රේල් මාස වල 7000න් එහා පැත්තටත් යනව. මොකද රස්නෙ කාලෙ ඒසී එක ගොඩක් වැඩියෙන වැඩ කරනව ඒ වගේම ගෙදර හැමෝම ෆෑන් දානව. මේ පාර කොරෝන සීන් එක නිසා හැමෝම ගෙදර හිටිය තව නෑදෑයො වගේකුත් ඇවිල්ල වෙනදට වඩා කොහොමත් බිල් එක ගිහිල්ල. ඔය නිසාම මේ මාස 3 විතරක්(විශේෂයෙන්ම අප්‍රේල් & මැයි) 8000ට එහා පැත්තෙ වගේ බිල් එකක් ඇවිල්ල. බිල ලියන්න ආව එකා කොරෝන සීන් නිසා ආවෙ නෑ නේහ්. පොර ආවෙ ජුනි මාසෙ මාර්තු වලින් පස්සෙ. ඒත් මම හැම මාසෙකම Meter Reading එක අරගෙන අදාල දවසට ඒ බිල් එක හරියට ගෙව්ව. ඊට පස්සෙ ජුනි වල බිල් 3ක් දීල ගියා එකපාර. ඒ බිල් ටිකයි මම ගෙවපු ගානයි හරියටම හරි. ඒ කියන්නෙ CEB එකෙන් කිසිම වැරැද්දක් වෙලා නෑ බිල් එක Calculate කරද්දි බට් අර හේතු ටික නිසා අර මාස 3 අසාමාන්‍ය විදියට බිල වැඩි වෙලා(කොහොමත් බිල් එක හැදෙන Formula එක ගැන උඹ දැනුවත් නේහ්, ඒකෙ විදියටත් අන්තිම යුනිට් වලට සෑහෙන චාර්ජ් කරනව.)
කොහොමහරි ගොඩක් මිනිස්සු මේකට සද්දෙ දාන්න ගත්ත නේහ් බිල් වරද්දල කියල. ඒත් මම නම් හිතන්නෙ නෑ ඇත්තටම බිල වැරදිල කියල(අපේ ගෙදර නම් එහෙම වැරදිලා නෑ) ඇත්තටම වෙලා ඇත්තෙ අර රස්නෙ මාස 3ක් සෙට් වුණ එකයි, හැමෝම ගෙදර හිටපු එකයි.
ඒත් පස්සෙ රජයෙන් කිව්ව නේහ් මාර්තු මාසෙ ආව බිල් එකම අනිත් මාස 3ටත් හදල දෙන්න කියල. එතකොට අර වැඩියෙන බිල් ගෙව්ව අයට අර ගාණ අඩු වෙලා එනව. දැන් තේරුණාද වැඩේ?