::..Ada Poorna Chandragrahanayak..::

snoop

Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේදී

    lunar-eclipse.jpg


    පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේදී ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා

    පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීමෙන් සිදුවන මෙම චන්ද්‍රග්‍රහණය හවස 6.16 සිට රාත්‍රී 9.48 දක්වා කාලය තුළ සිදුවෙන අතර, පූර්ණ ග්‍රහණය රාත්‍රී 7.36 සිට 8.27 අතර දක්වා විනාඩි 51ක් පවතියි. එහි උච්ජතම අවස්ථාව ඇතිවන්නේ රාත්‍රී 8.01ට පමණය.

    පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මධ්‍යයෙන්ම ගමන් නොකරන නිසා චන්ද්‍රයාගේ උතුරු ප්‍රදේශය, දකුණු ප්‍රදේශයට වඩා මඳක් අඳුරු ලෙස දිස් වනු ඇත.

    ආසියාව හා ඕස්ට්‍රේලියාව අතර රටවල් වලට මෙය දර්ශනය වන අතර මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවත දර්ශණය වන්නේ 2014 වසරේදී.
     
    • Like
    Reactions: Tom Riddle