ඔන්න පලවෙනි වතාවට ඔන්ලයින් ඕඩර් කරලා Adidas Adistar 3 එකක් ගත්තා. Special thanks to
@bigsmoke239. මේක ගත්තෙ Treadmill එකේ දාන්න මිසක් ගෙදරින් පිට දාන්න නෙමෙයි. වැඩට යන්න දාන්න බැරිද කොහෙද Running Shoe නෙ. කොහොම හරි ලොකු සේල් එකක් සෙට් උනේ නෑ, පෙන්නපු මිල 32000 යි, Checkout එකේ පෙන්නුවා 29977 ක්, එකවුන්ට් එකෙන් කැපුනා 31026 ක්. එන්න හරියටම සතියක් ගියා, එන්න කලින් DHL එකෙන් කෝල් කරලා එනවා කියලත් කිව්වා, කිසි අවුලක් උනේ නෑ, Daraz එකෙන් දැම්ම වගේ ස්මූත් වැඩේ උනා.
View attachment 250589View attachment 250590
මගෙ කකුලේ සයිස් එක හරියට බැලුවොත් UK 8 - 8.5 වුනාට මගෙ කකුල ගොඩක් පළල් නිසා 9.5 - 10 වගේ දාන්නෙ. මම වැඩට දාන්නෙ Adidas TR 21 එකයි NIke Air Max AP Volt එකයි දෙකම සයිස් 10. ඉස්සරහින් අඟල් 1.5ක් වගේ වැඩිපුර තියෙනවා, කරන්න දෙයක් නෑ කකුල් පළල් වැඩියි.
කොහොම හරි මේ සපත්තුවෙ පේජ් එකෙත් ලියල තියෙනවා True Size එක ඕඩර් කරන්න කියලා, ඒත් ඉස්සරහින් වැඩි වෙනවට ආස නැති නිසා වෙන දෙයක් වෙච්චදෙන් කියල මම මේකෙ UK SIze 9.5 ඕඩර් කලා, හැබැයි ආවට පස්සේ මම දාන UK Size 10 තරම්මයි මේකත්. ඇඟිලි වල ඉස්සරහට අනිත් දෙකේ තියෙන දුරම තියෙනවා, පෙනුමෙන් ඊටත් ලොකුද මන්දා. හැබැයි ඉස්සරහින් අඟල් 1.5ක් වගේ වැඩි උනාට දෙපැත්තෙන් ගානට, පට්ට පහසුයි, අනික සුපිරි Suspension අනිත් දෙක ළඟින්වත් තියන්න බෑ.
ආයෙ ගන්නකොට සයිස් 9 ගන්නත් හිතයි හැබැයි පළල මදි වෙයි කියල බයයි. මේ තියෙන්නෙ UK Size 9.5 Adistar 3 එකයි UK Size 10 AP Volt එකයි.
View attachment 250591
ඉතින් කොහොම හරි පඩි ගත්තම තව දෙකක් ගන්නවා කියල හිතාගෙන ගිය සිකුරාදා පඩි අරන් හවස පේජ් එක ඕපන් කරනකොට ඒක Under Maintenance ලු, එදා උදේ සයිට් එක වැඩ කලා. දැන් අදට සතියයි තාම නෑ, මෙහෙම නිතරම වෙනවද? අනික වැඩ කරන්නෙ නැත්තෙ ලංකාව ඉරාකෙ ටියුනීසියාව වගේ කුප්ප රටවල් ටිකකට විතරයි. සදහටම වහලවත්ද?