Entertainment පක, උඹට සතුටු හිතෙන්නේ කොහෙවත් ඉන්න එවුන් 11 දෙනෙක් මගේ, අපේ ටීම් එක කියලා අල්ලගෙන ඉන්න එකෙන්. උන් දිනුවම උඹට සතුටුයි, උන් පැරදුනාම උඹට දුකයි. හැබැයි තොට තේරෙන්නේ නෑ උන් ක්‍රිකට් ගහන එක තොගේ ජීවිතේට කිසිම බලපෑමක් කරන්නේ නෑ කියලා. මගේ මගේ කියලා බදාගෙන ඉන්න හැම දෙයක්ම අවසානේ ඉතුරු කරන්නේ දුකක්. මගේ ෆෝන් එක කැඩෙන්න පුළුවන්, මගේ වාහනේ හැප්පෙන්න පුළුවන්, මගේ පවුලේ කෙනෙක් නැතිවෙන්න පුළුවන්, Attachment is the root for all suffering. අන්න ඒක තමයි ආගමකින් ඉගෙනගන්න ඕනේ දේ. එහෙම නැතුව පන්සලට ගිහින් චයිත්‍යට මල් තියන එකවත්, පුක උඩට කරගෙන ශ්‍රද්ධාවෙන් වඳින එකවත් නෙවෙයි ආගම කියන්නේ. මම කවුද? මගේ හිතේ හොඳ නරක සිතුවිලි ඇතිවෙන්නේ කොහොමද? මගේ ජීවිතය සතුටින් ගෙවන්නනම් මම මොකද කරන්න ඕනේ? මොකක් නිසාද මට දුක ඇතිවෙන්නේ? දුක, දුකට හේතුව. දුක නැති කිරිම, දුක නැති කිරීමේ මාර්ගය. අන්න ඒක තමයි මගේ ආගමෙන් මට ලැබුන දේ.... ලෝකේ යථා ස්වබාවය අඳුරගෙන සන්තෝසෙන් ජීවත් වෙන්න පුළුවන් වෙච්චි එක.