ඕක වෙන්නෙ මෙහෙමයි.
ඇල්කොහොල් වලින් ස්නායු පද්ධතියට බලපෑමක් වෙනවා. ඒක තමා අපි වදිනවා කියලා කියන්නෙ.
ඕකෙ ලිමිට් පැන්නහම කැරකිල්ල වගේ එනවනෙ. ඒ වෙලාවෙදි අපේ සිස්ටම් එක හිතන්නෙ ආහාර මාර්ගයෙන් මොකක් හරි ජරාවක් ඇඟට ඇතුල් වෙලා කියලා. ඉතිං මොලෙන් සිග්නල් එකක් යවනවා වමනෙ කරපං කියලා.
ගොඩක් අය කියලා තිබ්බා ඇල්කොහොල් විසයි ඒක නිසා කියලා.
මම දන්න තරමින් නම් විස කේස් එකක් නෙවෙයි ඕක.
සමහර බබාලට ලොකු අයට එහෙම වාහන වල යද්දි වමනෙ යන්නෙ ඇස් වලට පේන දර්ෂණය වේගෙන් වෙනස් වෙන නිසා. ඒක මොලේ අඳුරගන්නෙ කරකැවිල්ලක් වගේ.
තව ඔලුව කොහෙ හරි තදින් වැදුනත් වමනෙ යනවා ඒ ඇති වෙන කරකැවිල්ල නිසා.
කරකැවිලි තත්වයක් ඇත් වෙන කොට මොලෙන් මුලින්ම ගන්න ආරක්ෂක ක්‍රියාමාර්ගය තමා වමනෙ යවලා ආහාර මාර්ගයෙන් මොනව හරි දෙයක් ඇතුල් වෙලා නම් ඒක අයින් කරන එක.