AIDS ආසාදිත සිසුවා රයන් වයිට්

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    AIDS ආසාදිත සිසුවා රයන් වයිට්

    uMZiqvS.jpg


    වසර 27 ට පෙර අද වැනි දවසක ගැරහීම් සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩිත AIDS ආසාදිත සිසුවා රයන් වයිට් , මොලොව හැර පියා නික්මුණේය.

    1971 වසරේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ උපත ලද රයන් වයිට් AIDS ආසාදිතයෙකු බව අනාවරණය වන්නේ 1984 වසරේ දී එනම් ඔහු දහ තුන් හැවිරිදිව සිටින විටය. ඔහු උපතින්ම හිමෝෆීලියා A ( Hemophilia A) රෝගියෙක් වූ අතර රුධිරය කැටි නොගැසෙන බැවින් සුළු තුවාලයකින් පවා නොනවත්වා රුධිරය ගලාගොස් මරණයට පත් වීමේ අවදානමක් ඇත. රයන් වෙත වරින් වර රුධිරය පාරවිලනය කිරීමට සිදුවන්නේ එබැවිනි. උග්‍ර නිව්මෝනියාව හේතුවෙන් රෝහල්ගත කර සිටියදී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට AIDS ශරීරගත ව ඇති බව සොයා ගැනුණු අතර එයට හේතු වී තිබුණේ අසාදිත රුධිර පාරවිලයනයකි. මාස හයක කාලයක් රෝගාතුරව සහ විවේකගත ව සිටි රයන් වයිට් යළිත් තම පාසල වූ Western Middle School වෙත යන්නට තීරණය කරන විට ඔහු දහ හතර හැවිරිදි ය. නමුත් ලෝකය රයන් සහ ඔහුගේ මව සිතනවාට වඩා සංකීර්ණය.

    RO4BJtU.jpg


    එහි ඇති වන්නේ පාසල් පද්ධතියක් සහ දහ හතර හැවිරිදි රෝගී දරුවෙකුගේ හිමිකමක් සම්බන්ධ ද්වන්ධ යුද්ධයකි. 1985 ජූනි මස 30 වැනිදා රයන් ගේ පාසල අයත් Western School Corporation හි අධ්‍යක්ෂවරයා ඔහුට පාසලට ඇතුළුවීම තහනම් කරන අතර එය ඔහුගේ තනි තීරණයක් නොවීය. පාසලේ සිසුන් 360 දෙනාගෙන් 117 දෙනෙක්ගේ භාරකරුවන් සහ ගුරු මණ්ඩලයේ 50 දෙනෙක් ගේ අත්සනින් යුතුව රයන්ට එරෙහි පෙත්සමක් ලැබී තිබිණ. රයන්ගේ දෙමාපියන් සහ පුවත්පත් ඔහු වෙනුවෙන් සටන් වැදුණහ. අගෝස්තු 26 පාසල් වාරය ඇරඹුණු විට රයන්ට පාසලට පැමිණ දුරකතනය හරහා ඉගැන්වීම් වලට සවන් දෙන්නට පාසල යෝජනා කළහ. නමුත් ඔක්තෝබර් 02 වැනිදා ඔවුන් තීරණය කරන්නේ රයන් පාසල් නොආ යුතු බවයි. ඉන්දියානා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව රයන් ව ඇතුළත් කරන්නට නියෝග කරන අතර එම නියෝගය ට එරෙහිව අභියාචනාවක් ගෙන ඒමට පාසල් බළධාරීන්ගේ කමිටුව 7-0 ක් ලෙස ඒකමතිකව තීරණය කළහ. 1986 පෙබරවාරි 06 වැනිදා එම අභියාචනයේ දී නිර්දේශ වන්නේ රයන්ගේ පාසල් ගමන පිළිබඳ තීරණය හොවාර්ඩ් නගර සෞඛ්‍ය නිළධාරියාගේ සෝදිසියකට යටත්ව සිදු විය යුතු බවයි. පෙබරවාරි 13 වැනිදා අදාල නිළධාරියා විසින් රයන් වයිට් පාසල් ගමනට යෝග්‍ය යැයි තහවුරු කළේය. ඒ සමගම පෙබරවාරි 19 වැනිදා පාසල මගින් හොවාර්ඩ් නාගරික අධිකරණය වෙත ඉල්ලුම් කෙරෙන රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය ඉවත දැමිණ. පෙබරවාරි 21 වැනිදා රයන් වයිට් පාසල් යන විට සිසුන් 360 අතරින් 151 දෙනෙක්ම නිවසේ රඳවා ගන්නට දෙමාපියන් උත්සුක වූහ. එදිනම සවස් වරුව වන විට වෙනත් අධිකරණයක් මගින් රයන් වයිට් ට එරෙහිව වාරණයක් පනවා තිබිණ. රයන් වයිට් ට තහනම් වූ පාසලේ ක්‍රීඩාගාරය තුළ මාර්තු 02 වැනිදා වෙන්දේසියක් පවත්වන්නට යෙදිණ. ඒ වයිට් පාසලට ඒම වළක්වාලීමේ ඉදිරි නීති කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීමට ය. නමුත් අප්‍රේල් 10 වැනිදා නැවතත් මාණ්ඩලික අධිකරණය මගින් රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය නිෂ්ප්‍රභා කළ අතර ජූලි 18 වැනි දා ඉන්දියානාපොලිස් අභියාචනාධිකරණය මේ සම්බන්ධව කිසිදු අභියාචනයක් මින් ඉදිරියට භාර නොගන්නා බවට තීන්දුවක් ලබා දෙයි.

    Jc0hRFq.jpg


    ඒ වනවිට රයන් වයිට් ලොව පුරා ප්‍රචලිත වී අවසන් ය. මාස පහක් පමණක් ජීවත් වේ යැයි අනාවැකි තැබූ මේ දහ හතර හැවිරිදි සිසුවා 1987 දී තමා ප්‍රතික්ෂේප කරන පාසලෙන් සමුගනී. ඔහුටම වෙන් කළ වැසිකිළි ,පාවිච්චියෙන් පසු ඉවතලන හැඳි ගෑරුප්පු භාවිතයට අණ කිරීම සහ ක්‍රීඩාගාරය භාවිතයට ඉඩ නොලැබීම වැනි දෑ නිසා රයන්ගේ පීඩනය වටහා ගන්නා දෙමාපියන් වෙනත් නගරයකට පදිංචියට යති. ඔහුව මානුෂිකව සහ ආදරයෙන් පිළි ගන්නා Hamilton Heights High School පාසලේ 1987 සිට සතුටින් අධ්‍යාපනය ලබන රයන් 1990 අප්‍රේල් 08 වැනිදා ඔහු මෙලොවින් සමුගන්නේ පාසල් උපාධි ප්‍රදානයට මාසයක් තිබියදී ය.

    HIV පිළිබඳ දැනුවත්කම මද එම යුගයේ රයන් තමා නොකළ වරදකට ලද දඬුවම් අතිශය වේදනාසහගත ය. පුවත්පත් බෙදාහැරීමේ අර්ධකාලීන රැකියාව ඔහුට අහිමි වන්නේ රයන්ගේ බෙදාහැරීම් කලාපයේ නිවැසියන් එම සේවය අනවශ්‍ය බව දන්වා තිබූ නිසාය. AIDS වැළඳෙන්නේ සමලිංගික හැසිරීම නිසාම යැයි සිතූ සමාජයක මේ දහ හතර හැවිරිදි දරුවාගේ මුහුණටම " උඹ සමකාමියෙක් බව අපි දන්නවා" යි පවසා අපහාස කිරීමට තරම් අසල්වාසීන් නිර්දය සහ සාහසික වූහ. ආසාධිත රුධිර පාරවිලයනය හරහා ද HIV ආසාදනය විය හැකි බවත් එය ස්පර්ශයෙන් බෝ නොවන්නැකැයි ලොවට පැවසීමට රයන් ඉදිරිපත් වන්නේ මේ අමිහිරි මතකයන්ගෙන් ඉරි තැළුණු ළමා සිතක වේදනාවෙනි.

    6KLoYpx.jpg


    1990 මාර්තු 20 වැනිදා මේ කතාවේ කෙළවර පැමිණෙන බවට පෙරමං සලකුණු පහළ වේ. ඉන්දියානාපොලිස්හි ළමා රෝහලකට ඇතුළු කරන රයන් සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතිණ. ඒ වන විටත් ලෝකයේම ආදරයට පාත්‍ර වී සිටි රයන් දැකීමට එල්ටන් ජෝන් සහ බොහෝ කලාකරුවන් පැමිණි අතර මයිකල් ජැක්සන් පවා ඔහු හමුවීමට එයට පෙර පැමිණ තිබිණ. රෝහල ඉතිරී පැතිර යන මට්ටමට සෙනඟ පැමිණෙයේ නොකළ වරදකට වන්දි ගෙවූ , නමුත් ජීවිතය අත්නොහැර සටන් කළ මේ ළමා විරුවා හට සුබ පතන්නට ය. තමා ඔහුට ආදරය කළ බවත් මතුවටත් ආදරය කරන බවත් පවසන්නට ය. ආදරය සහ වේදනාව මැද 1990 අප්‍රේල් 08 ගත වන්නට ඉඩ නොදෙන රයන් වයිට් වසර දහ අටක් තුළ විඳි දුක්ඛ දෝමනස්සයන් හැර පියා සදාකාලික සැනසුමට පත් විය. ඔහුගේ අවමංගල්‍යය උළෙලට පැමිණි පිරිස තර මයිකල් ජැක්සන් , ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන්ද විය. එල්ටන් ජෝන් රයන් වෙනුවෙන් Skyline Pigeon ගීතය ගැයුවේය.

    HTOEmrV.jpg


    ඔබගේ දෑතින් මිදෙන්නට කාලයයි
    ඉඩ දෙන්න මට - දුර ඈත ඉසව්වකට පියාපත් සලන්නට
    නිල් තණ පලස මත , තුරුගොමු ශිඛර මැද
    පිපි කුසුම් ,වනස්පති දිය කඳුරු එහා කොණ
    අහස් ගං මාවත් තැනුණු - ම නිවස්නය වෙතට

    Western Middle School වෙතින් කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විදුහලත් - ගනේමුල්ල කුඩාබොල්ලත කණිෂ්ඨ විද්‍යාලයත් දකිමි. Hamilton Heights High School පාසල වෙතින් ත්‍රිත්ව විද්‍යාලය දකිමි. රයන් වයිට් , ඔබ වෙතින් අප අත්හැරෙන සහ අත්හරිනා ජීවිතය දකිමි.

    සහන් කසීර වික්‍රමසිංහ මිතුරාගේ මූණුපොතෙනි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමරිකාවෙ වගේ තුවක්කු අරං ඉස්කෝල වලට පැනල මරාගෙන මරාගෙන යන්න ඕනෙ ඒකයි :yes: :yes:
    ඒඩ්ස් කියල ඉස්කෝලෙ එන්න දෙන්නැති කාලකන්නි බෝවෙන්න කලිං වඳ කල්ල දාන්න ඕනෙ ආසාදනය වුනොත් රටම ඉවරයි :( :(