Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    AIDS - ජායාරුප පංතිය

    අද කතා කරන්න යන්නේ AIDS ගැනයි.

    අපි හැමෝම අහලත් තියනවා,ඉගෙන ගෙනත් තියනවා,හැදෙන්නේ කොහොමද කියලත් දන්නවා,වලකින විදියත් දන්නවා.

    අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාල වැඩිය අහලා නෑ කියල හිතන AIDS රෝගයේ සංකුලතා ගැනයි.
    56795463_575504049612305_2846276579405856768_n.jpg


    මුලින්ම ශරීරයට ඇතුළු වන්නේ HIV වෛරසයයි.මුලින්ම ඇතිවන රෝග ලක්ෂණ සාමාන්‍ය උණකට සමානයි.ඇගපත වේදනාව,හන්දි වේදනාව,උගුරේ අසාදන,කුද්දටි වගේ ලක්ෂණ තමයි.විශේෂම දේ තමයි අපි HIV පරීක්ෂාවක් කලත් මේ අවස්ථාවේදී NEGATIVE කියල තමයි REPORT එක ලැබෙන්නේ.....
    56726481_575510812944962_9159265419419189248_n.jpg


    HIV වෛරසය ආසාදිත රෝගියෙක්ට කලක් සමග වෛරසය ශරීරය පුරා ව්‍යාප්ත වෙනවා සුදු රුධිරාණු හරහා.
    මේ අවස්ථාවේදී රෝග ලක්ෂණ මතු වෙනවා.කාලයක් තිස්සේ තිබෙන උණ,කුද්දැටි ඉදිමීම,බර අඩුවීම,මහන්සිය,බඩ බුරුලෙන් යාම,සමේ ලප මතුවීම ප්‍රධාන වශයෙන් දැකගන්න පුළුවන්.
    මෙය AIDS තත්ත්වය පෙර අවස්ථාවක් වෙනවා.

    ප්‍රතිකාර නොගතහොත් වසර 5-10ක් ඇතුලත AIDS රෝග ලක්ෂණද මතු වෙනවා
    .
    57240678_575505382945505_3968409125620023296_n.jpg


    HIV අසාදිතයෙකුට සිරුරේ මෙවන් ලප කැළැල් ඇතිවිය හැක.

    Shingles (herpes zoster)

    57038251_575505276278849_8451300297589915648_n.jpg


    පැපොල රෝගය සෑදී ඇතිනම් මේ වගේ ලප මතුවෙනවා.පැපොල රෝගයට හේතුවන herpes zoster වෛරසය ස්නායු තුල නොනැසී පවතිනවා. වරක් පැපොල රෝගය සැදී ඇති අයෙකුට සිරුරේ ප්‍රතිශක්තිකරණය දුර්වල වී ඇති නම් නොනැසී ඇති වෛරසය නැවත සක්‍රිය වී සිරුරේ ලප කැළැල් ඇති කරනවා.

    Kaposi's sarcoma

    56659830_575505336278843_7310283218261901312_n.jpg

    මෙය රුධිර නාල ආශිත පිළිකාවක්.මෙය සමේ විතරක් නොවේ ශරීර අභාන්තරයේ උනත් ඇතිවෙන්න පුළුවන්.HIV අසදිතයන්ට බහුලව ඇතිවේ.

    Lymphoma.
    56675231_575505466278830_843302934350397440_n.jpg

    මෙය රුධිරය ආශිත පිළිකාවක්.මෙවන් කුද්දැටි HIV රෝගීන්ට බහුලව දකින්න පුළුවන්
    ක්ෂය රෝගය,Toxoplasmosis,Leishmaniosis,Kaposi's sarcoma,Herpes simplex වගේ රෝග තමයි බොහෝදුරට සලකන්න වෙන්නේ.
    ඒ අතරිනුත් TB/ක්ෂය රෝගය තමයි සුලබම රෝගය.

    Candidiasis
    56806562_575505839612126_1581807309468729344_n.jpg


    දරුණු ලෙස පැතිරුණ දිලිර ආසාදන.කටේ,අන්නශෝතයේ,යෝනි මාර්ගයේ දැකිය හැක.මේ අතරිනුත් අන්නශෝතයේ දිලිර අසාදන දකින්න පුළුවන් වෙන්නේ බොහෝදුරට AIDS රෝගීන්ගේ විතරයි.
    මෙනින්ජයිටිස්
    Cryptococcal meningitis,Toxoplasmosis,Cryptosporidiosis වගේ සාමාන්‍ය රෝගීන්ට මෙනින්ජයිටිස් හැදෙන්න හේතුකාරක නොවන ක්ෂුද්‍ර ජීවින් නිසා AIDS රෝහින්ට මෙනින්ජයිටිස් හැදෙනවා.මේ ක්ෂුද්‍ර ජීවින් සාමාන්‍යයෙන් නිවසේ ඇතිකරන සුරතල් සතුන් තුල ජිවත් වෙන අයයි.

    Dementia

    57049125_575505552945488_1419223955293601792_n.jpg


    දිමෙන්ශියා හෙවත් අමතක වීම.වයසක වයට නම් සමානයි.නමුත් HIV අසදිතයන්ට තරුණ වයසේදීම දිමෙන්ශියාව ඇතිවෙන්න පුළුවන්.

    56770389_575505606278816_2835308195004547072_n.jpg

    PERIPHERAL NEUROPATHY
    56644772_575505686278808_1107227953135091712_n.jpg


    අත පය ආශිත සංවේදන දුර්වලතා ඇතිවෙන්න පුළුවන්.

    56890316_575505959612114_1323762749452320768_n.jpg


    CHRONIC KIDNEY DISEASE හෙවත් දිගුකාලින වකුගඩු අබාධ ඇතිවෙන්න පුළුවන්.

    57407333_575506012945442_7623013247511166976_n.jpg


    PNEUMONIA/නියුමෝනියාව සුලබව ඇති වෙනවා.ඒ වගේම මාරාන්තිකයි.
    Streptococcus pneumonia, Haemophilus influenzae, Pseudomonas aeruginosa,Staphylococcus aureus වගේ දරුණු බැක්ටිරියාවන්ට අමතරව Pneumocystis pneumonia (PCP) වගේ සාමාන්‍ය පුද්ගලයන්ට PNEUMONIA සැදීමට කිසිසේත් හේතු නොවන ක්ෂුද්‍ර ජිවිනුත් HIV අසදිතයන්ට මාරාන්තිකයි.

    56842592_575525472943496_3288905094203965440_n.jpg


    වයස කීය උනත් HIV රෝගියෙක්ට HEART ATTACK එකක් හැදෙන්න ලොකු සම්භාවිතාවයක් තියනවා

    හිතුනේ නැද්ද HIV/AIDS ඔබගේ සිරුරේ සැම පද්දතියක්ම එකක් නැර දුර්වල කරනවා කියලා
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මට නං ලංකාවේ දොස්තරලා ගැන කිසිම විශ්වාසයක් නැ.
    ඉස්පිරිතලත් හරක් මඩු වගේ,පහසුකම් නැ.
    රජයේ ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට සලකන්නේ නැ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    Good Thread
    You must spread some Reputation around before giving it to Siyalla dath again.