Air purifier පාවිච්චි කරන අය එන්න

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,906
    1,323
    113
    මමත් Air purifier එකක් හොයනවා. මේ දවස් වල out of stock කියලමනෙ තියෙන්නෙ.
    ගන්ඩ තැනක් තිය්නව නම් මටත් කියපල්ලා...
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මමත් Air purifier එකක් හොයනවා. මේ දවස් වල out of stock කියලමනෙ තියෙන්නෙ.
    ගන්ඩ තැනක් තිය්නව නම් මටත් කියපල්ලා...
    ගත්තා වගේ නෙමේ ඔවට ෆිල්ටර් නැ.
     
    • Like
    Reactions: mr.bauwwa

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මාස ගානක් යුස් කරන පුළුවන් නේද ෆිල්ටර් මාරු කරන්න කලින්
    ඔව් ගන්න එක අනුව වෙනස් වෙනවා. සමහර එවා අවුරුද්දක් විතර පුලුවන්. ඊට පස්සේ ෆිල්ටර් හොයාගන්න නැති එකයි අවුල.
     
    • Like
    Reactions: mr.bauwwa

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    මම පාවිච්චි කරන්නේ මේක - Xiaomi Smart Air Purifier 4 Compact

    purifier-4-Compact1.jpg

    • ගත්තේ රට ඉන්නකොට, Filters ගන්නේ xclusive.lk එකෙන්. එයාලා ලඟ Air Purifiers තියෙනවා. මේක රු.42,500/= වගේ.
    • මහ ලොකු maintenance නම් නැහැ. වෙලාවට filters මාරු කලානම් හරි. මේ model එකේ filter එක රු. 15,000/= විතර වෙනවා.
    • දන්න තරමින් හැම Air Purifier එකකම filters මාරු කරන්න ඕනේ (HEPA සහ Carbon filters)
    • සාමාන්‍යයෙන් මාස 6 ඉඳන් අවුරුද්දක් විතර වෙනකම් (ඔයා ඉන්න පරිසරය අනුව) filter එකක lifetime එක රඳා පවතිනවා.
    • මම ඉන්නේ dust එක ටිකක් තියෙන urban area එකක. ඒ නිසා මාස 4ක් 5ක් විතර යනකොට filter මාරු කරන්න කියලා app එකේ alert කරනවා.
    • මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ කාමරයේ දූවිල්ල සැලකියයුතු ලෙස අඩු වුණා. මේ model එකේ carbon filter එකක් තියෙන නිසා කාමරයේ වාතයේ ගඳ/සුවඳ ගොඩක් වෙලා රැඳිලා තියෙන්නේ නැහැ. (වාතයේ තියෙන virus/bacteria විනාශ කරන්න පුළුවන් UV lights තියෙන model එහෙමත් තියෙනවා)
    • හැම Air Purifier එකකටම purify කරන්න පුළුවන් area එකක් තියෙනවා (හරියට AC එකකට වගේ). ඒ නිසා room size එකට ගැලපෙන එකක් තෝරගන්න.
    • App එකකින් control කරන්න පුළුවන් model එකක් ගත්තොත් monitor කරන්න ලේසියි වගේම automation හදලා තියන්නත් පුළුවන් (ඔයා වැඩ ඇරිලා එන්න පැය බාගයකට කලින් on වෙන්න/ වැඩට ගියාට පස්සේ off වෙන්න/ රෑ වෙද්දී auto night mode වැටෙන්න)
    ඕවා තමයි මතක් වුණේ... :D
    ජය!!