Aivo-de-mel sunflowers

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
කවුද බන් ඒ හොලිවුඩ් නිළිය ???



ලෝකෙටම මේ ගිටාර් 3යි තියෙන්නේ. 1ක් මගේ - සන්ෆ්ලවර් - අයිවෝ
aivo-de-mel-වසර ගණනාවක් පුරා එළිමහන් සංගීත ප්‍රසංග වේදිකා මත සිට බේස් ගිටාරය වයමින් ගීත ගායනයේ ද යෙදුණු “සන්ෆ්ලවර් - අයිවෝ” (අයිවෝ ද මෙල්) කාලෙකට පසුව ලංකාවට ඇවිල්ලා. නවීන තාක්ෂණයෙන් යුත් ගිටාරයක් අතැතිව ගීත ගයන අයිවෝ වේදිකාවෙන් මිදුණු හෝරාවක කළ කතාබහකි මේ.

“මම රැකියාව කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වල හින්දා දැනට පදිංචි වෙලා ඉන්නේ එහෙයි. පසුගිය අවුරුදු කිහිපයේ ම මං ලංකාවේ උන්නේ නැහැ. ඒ කාලය ඇතුළත මං විවාහ වුණා. දැන් මට පුතෙකුත් ඉන්නවා. පුතා - ජෙරම්. බිරිඳ - මාෂෙල්. ඔවුන් දෙදෙනා සමඟ ටික කාලෙකට ලංකාවට ආවේ අපේ පුතාට මේ රටේ සංස්කෘතිය කියා දෙන්න වගේම මගේ අලුත් ගීත කිහිපයක නිර්මාණ කටයුතු සඳහායි. ඒ සමඟම සංගීත ප්‍රසංග වේදිකාවේ විශේෂ ගිටාර් වාදනයක් ඉදිරිපත් කරමින් ගීත ගායනයෙත් නියැළෙනවා.



ඔබ ඉදිරිපත් කරන ගිටාර් වාදනයේ විශේෂත්වය කුමක් ද?

“මා වාදනය කරන්නේ විශේෂ බේස් ගිටාරයක්. නවීනතම තාක්ෂණයෙන් යුත් මේ වර්ගයේ ගිටාර් තුනයි ලෝකයේම තියෙන්නේ. කැරට් 21 රන් ආලේපිත මෙම ගිටාරය වෙළෙඳ පොළේ මිල අධික ගිටාරයක්. ආසියාවේ මෙවැනි ගිටාරයක් හිමි එකම වාදන ශිල්පියා මමයි. ප්‍රසංග වේදිකාවේ මෙයින් උපරීම ප්‍රයෝජන අරගෙන ගීත රසික රසිකාවියන්ට රසයක් ලබා දීමට මම වෑයම් කරනවා.”



ඔබ දැන් කිසියම් සංගීත කණ්ඩායමක නිත්‍ය වාදන ශිල්පියෙකු නොවේ නේද...?

“නැහැ. මම ප්‍රසංග සඳහා වාදන හා ගායන ශිල්පියෙකු වශයෙන් ඉදිරිපත් වෙනවා පමණයි. ඕනෑම සංගීත කණ්ඩායමක් සමඟ මම මගේ ඉදිරිපත් කිරීම උදෙසා සහභාගි වෙනවා. ගායන හා වාදන ශිල්පියෙකු ලෙසින් මගේ සහයෝගය මේ රටේ සෑම සංගීත කණ්ඩායමක් සඳහාම ලබාදීම මගේ සතුටයි. එය මගේ ඉදිරි ගමනටත් පිටිවහලක් වෙනවානේ.”



ගායන ශිල්පියෙකු වශයෙන් ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවා ද?

“අලුත්ම ගීත හයක් පමණ මේ දිනවල නිර්මාණය කරමින් ඉන්නේ. දැනටමත් ආචාර්ය අජන්තා රණසිංහයන් පද රචනය කළ සරත් ද අල්විස් තනු නිර්මාණය කළ ‘අම්මා’ ගීතය පටිගත කර අවසානයි. ‘සිරස’ විද්‍යුත් මාධ්‍ය ආයතනය සමඟත් ගී නිර්මාණයක් කරනවා. ලංකාවේ පවතින වේග රිද්ම තාල රටාවෙන් ඔබ්බට ගිහිල්ලා ගැයුමෙන් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. දශක කිහිපයක් පුරා මා ලද දැනුම හා අත්දැකීම් අනුව ඉදිරියට යාමට කැමැති අලුත් වාදන ශිල්පීන් හඳුනා ගෙන ඔවුන්ට අතහිත දීමක් ලෙස පර්යේෂණාත්මකව එම නිර්මාණ කටයුත්තේ නියැළෙන්නයි මගේ අදහස.



aivo-de-mel-2

ඔබ පවසන්නේ සංගීත කණ්ඩායම් වේග රිද්ම ගී ගායනයෙන් බැහැර විය යුතුයි කියා ද...?

“නැහැ. වේග රිද්ම ගී රටාව ඇතුළේ තව මොනතරම් දේවල් කරන්න පුළුවන් ද. ඒ සඳහා නොබියව අලුත් ගීත පර්යේෂණාත්මකව ඉදිරිපත් කළ යුතුයි. කිසිවකු අනුගමනය කරන්න ඕනේ නැහැ. තමන්ට ආවේණික අයුරින් විවිධ සංගීත ශෛලීන් අනුව වෙනසක් කළ යුතුයි. දැන් අපි දන්නා කාලේ ඉඳලම තියෙන්නේ එක තැන පල් වෙන වේග රිද්ම ගීත රටාවක්නේ. එදා සහ අද අතර පවතින එකම වෙනස එදා ගී තනු අද තනු නිර්මාණයන්ට වඩා රසවත් වීමයි. ඒවා මතක හිටිනවා. අද ඒවා ‍එහෙම නැහැ. එමෙන්ම ඒකාකාරී පදමාලා අද වැහි වැහැලා. ඒ නිසා අද සංගීත කණ්ඩායම් ගීත ක්ෂේත්‍රය පල් මඩ වළක් බවට පත්වෙලා කියා මට හිතෙනවා.”



සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රය පිළිබඳ ඔබට හැ‍ඟෙන්නේ කෙසේ ද?

“ශ්‍රවණාගාර, එළිමහන් ප්‍රසංග සහ හෝටල් ආදි වශයෙන් සංගීත කණ්ඩායම් බෙදිලා තියෙනවා. ඒ ඒ ස්ථාන අනුව විවිධ සංගීත රසකාමින් ද බෙදී ගිහින් ඉන්නවා. ඉන් එහාට කිසිවක් නැහැ. එය දියුණුවක් නෙමේ. අතීතයේ වගේමයි අදත් තත්ත්වය. නවීන තාක්ෂණ පහසුකම් ආදිය කොතෙකුත් තිබුණත් කණ්ඩායම් සංගීතය එදාට වඩා අද දියුණුවක් ලබා ඇති බවක් නම් පෙනෙන්න නැහැ. ඔස්ට්‍රේලියාවේ සංගීත ක්ෂේත්‍රය සමඟ සසඳා බලද්දී විශාල කනගාටුවක් ඇති වෙනවා. අපේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය පිළිබඳ විවිධ සංගීත ශෛලීන් කොතෙක් තිබෙනවා ද, ඒ කිසිවක්ම අත්හදා බලන්න වත් අපේ ශිල්පීන් යොමු වී නැහැ. ඕස්ට්‍රේලියාවේ බහුතර රසික පිරිස රස විඳින්නේ oriental music. ඒත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්.”



ජනප්‍රිය “සන්ෆ්ලවර්” සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වී සිටි ඔබ ඉන් ඉවත් වූවේ අමනාපයක් නිසා ද...?

“නැහැ, නැහැ. අසූව දශකයේ තමයි මං සංගීත ජීවිතය ආරම්භ කළේ. ‘සන්ෆ්ලවර්’ සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා ලෙසින් මේ රටේ සංගීත ලෝලීන්ගේ ඉමහත් ආදරය දිනා ගන්න මට හැකිවීම මගේ සංගීත ජීවිතයේ සුවිශේෂ කඩඉමක් කියා මං සලකනවා. ඒත් පසු කාලයක මම වැඩිදුර සංගීත දැනුම ලබා ගැනීම පිණිස සහ රැකියාවක් සඳහා විදේශ ගත වූ හෙයින් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමෙන් ඉවත් වුණා. ඉන්පසු ලංකාවේ රැඳී සිටි කෙටි කාලයේ දී ‘ප්ලෑෂ් බෑක්’ සංගීත කණ්ඩායම සමඟත් වාදකයකු ලෙස කටයුතු කළා.”



ඔබේ බිරිඳ ඇමෙරිකාවේ සුද්දියක් (හොලිවුඩ් නිළියක්) ද...?

“ආ... කවුද එහෙම කියන්නේ...?”



සංගීත ක්ෂේත්‍රයේ ආරංචි වලින් පැවසෙන්නේ එහෙමයි.

“ඒ ආරංචිය වැරදියි. හැබැයි එහෙම ආරංචියක් පැතිරෙන්නත් පුංචි හේතුවක් තිබුණා. මං ඇමෙරිකාවේ සිටිද්දී හොලිවුඩ්පුරය නරඹන්න ගිය අවස්ථාවක දී දැන හඳුනා ගත් ඇමෙරිකාවේ සුදු ජාතික යුවතියක් (ජනප්‍රිය හොලිවුඩ් නිළියක්)
සමඟ පසු කාලෙක සමීප ඇසුරක් පැවැතියා. ඇය මා සමඟ ලංකාවට පවා ඇවිත් ගියා. ඒත් මං විවාහ වුණේ ඇය සමඟ නොවේ. මා විවාහ වී සිටින ‘මාෂෙල්’ ශ්‍රී ලාංකේය කාන්තාවක්. හැබැයි අප මුලින්ම මුණ ගැහුණේ විදේශයේදීයි.
 
Last edited: