aiyo sanath jayasuriya

nike puma

Member
Jul 4, 2010
181
35
0
http://www.divaina.com/2010/07/18/sports03.html

මාස්‌ටර් චකබ්ලාස්‌ට්‌ !

මාස්‌ටර් තමයි ඒ දවස්‌වල බ්ලාස්‌ටර්. කියල වැඩැක්‌ නෑ. ලණුව උඩින් ඇර සොයිසා. කාටවත් සෙකන්ඩ් උනේ නැහැ. ඉන්දියාවේ ප්‍රභාකර්ව "අනිවාර්ය නිවාඩු" යෑව්වෙ පිත්ත විධායක බලතල හිමි උපකරණයක්‌ කරලයි. වමතට නැඹුරුවුන ඒ පිත්ත පන්දු ඉදිරියේ හැසිරුනේ පොල්පොට්‌ වගෙයි. වචන දෙකක්‌ නෑ. හැම පන්දුවකටම දැඩි දඬුවම් දීපු මාස්‌ටර්ගේ පිත්ත පන්දු ඉදිරියේ සමූලඝාතකයෙක්‌ වුණු ඒ අතීතය අපූරුයි.

කඩුල්ල සොයාගෙන චංඩියෙක්‌ වගේ එන පන්දුව නන්නත්තාර කරන මාස්‌ටර් ලකුණු පුවරුවට ෙµරාරි රේසිං කාර් ඇන්ජිමක්‌ වෙද්දි "මං මේ දකින්නෙ හීනයක්‌ද?" කියලත් බලන අයට හිතුනා. සත්තකින්ම. අදහන්නත් බැරි හරඹයක්‌. එංගලන්තෙ සුද්දගේ, කොදෙව් කල්ලන්ගෙ ගිණිසැර බෝල වලට බයේ ඔළුව හංගගත්තු යුගයකුත් අපට තිබුණය කියලා සහමුලින්ම අමතක කරවපු මාස්‌ටර් ඕµa එකෙනුත් හයේ පහර ගහල සුද්දන්ව, කල්ලන්ව පච කළා.

සෙලෝ ලයිට්‌ පටියෙ වීරයා සතුරන් ඉදිරියට යනකොට අපි කව්රුත් දන්නවා සතුරු රෑනම µaලැට්‌ වෙනවා කියලා. මාස්‌ටර් පිටියට යනකොටත් අපි දැක්‌කෙ සතුරන් ඉදිරියට යන රම්බෝ වගේ. රම්බෝගෙ වැඩ බොරු සෙල්ලං වුණාට අපේ මාස්‌ටර් නියම සෙල්ලං දැම්මා. කාට නැතත් මාස්‌ටර්ට වැදුනොත් ගොඩම තමයි කියලා රටම විශ්වාස කළා. ඒ නිසාම මේ පන්දු-පිති රංගනයේ ප්‍රධාන නළුවා වුණේ මාස්‌ටර්.

මාස්‌ටර් පෙරළිකාරයෙක්‌. පළවෙනි ඕවර් 15 ට කඩුලු රැකගෙන ලකුණු 45 ක්‌ ඇතිය කියලා කියපු එක දවසේ තරග රටාව, කළු පුංචවත් හවුල් කරගෙන ඔළුවෙන් හිටෙව්වෙ අපේ මාස්‌ටර්. වර්ල්ඩ් කප් හීන හැබෑ කළේ අපේ මාස්‌ටර්. කොටින්ම පන්දු-පිති ක්‍රීඩාවෙ අපිව ආත්මයක්‌ ඇති ජාතියක්‌ කළේ මාස්‌ටර්. සුද්දත් සැලියුට්‌ ගහන තැනට ආපු මාස්‌ටර් දෙවියෙක්‌ වුණා.

දෙයියනේෘ දෙවියෙක්‌ වුනු මාස්‌ටර්ට වෙච්චි දෙයක්‌. මාස්‌ටර් හිතුවෙ හැමදාම දේව වරම තියේවි කියල වෙන්න ඇති.

ලෝක ධර්මය නොදන්නකමනේ. එහෙම කොහොමද වෙන්නේ?

එහෙනම් අදත් ක්‌ලයිව් ලොයිඩ් බෝතල් අඩි කණ්‌ණාඩි දෙක අමුනාගෙන, ක්‍රිස්‌ගේල් එක්‌ක බැට්‌ කරන්න එපැයි. ගවස්‌කාර්, ටෙන්ඩුල්කාර් එක්‌ක ඕපන් එන්න එපැයි.

ගවෙස්‌කාර්ලා, ක්‌ලයිව් ලොයිඩ්ලා දැනගෙන හිටපු මාස්‌ටර්ට දැනුනෙ නැති එකම දෙයත් ඕකම තමයි.

අපි කව්රුත් ලෝක ධර්මයට අවනත වෙන්න එපායැ. "බැරිය වෙන ගායනා පෙර සේ" කියලා ඉස්‌කොලෙ ගියපු අය නං අහලත් ඇති. එහෙම කියන්න හේතුවුනේ මහලු වයස නිසානෙ.

හතලිස්‌ ඇඳිරිය කියන්නෙත් ඔය ලෝක ධර්මයේම කොටසක්‌. ඉතින් කොහෙද බෝලෙ පේන්නෙ. කණාමුට්‌ටි බිඳිනවා වගේ ඉන්ටර් නැෂනල් මට්‌ටමේ බෝල ගහන්න ඇහැකියැ.

එදා හුරේ දාපු එවුන් මේවා දකිද්දි පළමුවෙන්ම "දැන්නම් යන්න හොඳ කාලෙ" කියලා කිව්වා. මාස්‌ටර්ට ඇහුනෙ නෑ.

දෙවැනුව, "දැන් ඉතින් යන්න ඕනා" කියලා (එදා) හුරේ කාරයෝ කිව්වා. මාස්‌ටර් ඇහුන්නෑ වගේ හිටියා. "දැන් එලවලා දාන්න ඕනා" කියලා හුරේ කාරයෝ කිව්වා. මාස්‌ටර් ඒවා ඇහෙනවට ඩොලර් නෝට්‌ටු දෙකක්‌ සුරුන්ඩි කරලා කන් දෙකේ ගහගත්තා.

ඒත් හුරේ කාරයන්ගේ මේ කන් කරච්චලේ ඉවසගන්න බැරිම තැන තෝරන උදවිය මාස්‌ටර්ව ලැයිස්‌තුවෙන් අහක්‌ කළා.

"හැට පැන්නත් වඳුරා බිමින් යන්න නැහැ. වයසට ගියත් සිංහය තණකොල කන්නෙ නැහැ." එහෙම හිතපු මාස්‌ටර්" හොම්බෙන් ගියත් මම ටීම් එකෙන් යන්නෙ නෑ" කියල තීරණය කරල අන්තිම තුරුම්පුවත් ගැහුවා. නන්නත්තාර වෙලා හිටිය මරදන්කඩවල යකඩයටත් චාන්ස්‌ එකක්‌ දීපු මහ රජතුමා පොඩි එකෙක්‌ වගේ අඬන මාස්‌ටර්ගේ සුරතල් සිහිනය සැබෑ කළා. නිකන් නෙමෙයි. මන්තිරි පට්‌ටමකුත් එක්‌ක.

ඒත් ඉතින් විස්‌සයි විස්‌සෙදි හතරේ සීමාවෙන් එහාට තියා යාර 30 ක්‌ එහාට වැදුනෙ නැහැනෙ. මාස්‌ටර් එදා බ්ලාස්‌ටර් වෙනකොට සැලියුට්‌ ගහගෙන විස්‌තර විචාරය කරපු උදවිය "මැම්බර් ඔµa පාර්ලිමන්ට්‌" කියලා අවඥවෙන් කියද්දි අපේ හුරේ කාරයන්ගේ පපුව කඩා වැටුණා.

අන්තිමෙදි රජත්, රටත්, මාස්‌ටරුත් ඔක්‌කොම නෝන්ඩියි. මේ කරුමෙ ඉවසන්න පුළුවන්ද කියලා තෝරන මහ තැන දුන්නා වැඩක්‌. දැන් මාස්‌ටර්ට කන්ට්‍රැක්‌ නෑ. ඵල නොකියා පලා බෙදලා. ඒත් ඉතින් මහ තැනින් (දිරා) පත්වීමත් අරගෙන ආයෙ එයිද දන්නෑ.?

නම්බුව කියල, අංශුමාත්‍රයක්‌ හරි දෙයක්‌ ඉතිරිවෙලා තියෙනවා නම් දැන්වත් යයි කියලා හිතෙනවා. නිසි කලට බැන්දනං අම්මපා අර චන්දිමාල් කොළුවගෙ වයසෙ ළමයිත් ඉන්නවනේ. ඒ වගේ පුංචි උන්ට තැනදිලා මාස්‌ටර් යයි නේද? මැම්බරයා ඡන්දෙන් පස්‌සෙ ගම පැත්ත පළාතකට ආවෙ නෑ කියල ගමේ උන් බනින එකේ ගම් පළාතට ගිහින් වැඩක්‌ කරන්න කාලෙ හොඳයි නේද මාස්‌ටර්. ඒ විතරක්‌ යෑ තාම පාර්ලිමේන්තුවේ මංගල කථාව කළෙත් නැහැනෙ. හෙට අනිද්දා පිත්ත හැරමිට්‌ටට ගන්නකං ඉන්නෙ නැතිව විවේක පාඩුවෙ ඒ කථාවටත් සූදානම් උනානම් අගෙයි. නැතිනම් ඉතින් මාස්‌ටර්ව බ්ලාස්‌ට්‌ වෙයි හොඳේ !
 
  • Like
Reactions: kpgunathilaka

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    dan sanathta apahasa karana evun kalayak jayasuriya nathnam match wadak na kiyapu aya. me vidihata lokema nama thiyapu kenekuta insult kireema anumatha karanna ba.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    dan sanathta apahasa karana evun kalayak jayasuriya nathnam match wadak na kiyapu aya. me vidihata lokema nama thiyapu kenekuta insult kireema anumatha karanna ba.

    :yes::yes::yes::yes::yes::yes:

    Still there are many things we can learn from him. At least he managed to play till 40 yrs of age. His batting skills have deteriorated big time. But even now, he can run faster than most of Sri Lankan players.