Aiyoooo BNS

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    බැචා මෙහෙම හිටියට ඒ කාලේ භාතිය-සන්තුෂ්ල‍ගෙ හොඳ රසිකයෙක්. දැන් පොඩි කලකිරීමක් තිබ්බත් තාමත් භාතිය - සන්තුෂ්ට බැචාගේ අකමැත්තක් නැහැ. හැබැයි මේ වෙනකොට බැචාට ඇත්තටම හිතෙනවා භාතිය-සන්තුෂ් දෙන්නා වැඩේ ටිකක් අනාගත්තා කියලා.

    භාතිය සන්තුෂ් කරලි‍යට එන්නෙ ලංකාවේ ප්‍රසාංගික කලාවේ පෙරලියක් ඇති කරගෙනයි. අනූව දශකයේ රූකාන්ත ඇතිකල පෙරලියට සමාන එකක්. එතනින් පටන් ගන්න ගමන සංගීත ගමනකට වඩා ප්‍රාසාංගික එකක් කියල බැචා හඳුන්වන්නේ භාතිය සන්තුෂ් ලංකාවේ වර්ධනය ‍වෙලා තිබ්බ නැති ප්‍රාසාංගික වෙළඳපොළ අත්පත් කරගන්න සමත් වෙච්ච හින්දයි. ඒ සාර්ථකත්වයට හේතුව බණ කිය කිය ඉන්නේ නැතුව වැඩ පෙන්නපු හින්දයි කියලයි බැචාට හිතෙන්නේ.

    බැචාට මතක විදිහට සිරිසඟබෝධි සින්දුවට, රැප් කරන එකට එහෙම හොඳටම බැනුම් අහපු කට්ටියක් මේ දෙන්නා. ඒ කාලේ රූපවාහිනියෙන් එහෙම කිසිම සහයෝගයක් හම්බ උනෙත් නැහැ. හැබැයි තමන්ගේ දක්ෂකමයි, රසිකයන්ගේ ඉල්ලුමට සංවේදී වෙච්ච හින්දයි ඒ හැම බාධකයක්ම බිඳින්නත් දෙන්නට හැකිවුනා. ඔය හින්ද තමා තාරුණ්‍යයේ සහ නේත්තරා ඇල්බම් දෙකත් හොඳටම ජනප්‍රිය වෙන්නෙත්!

    හැබැයි එතනින් පස්සේ දෙන්න යන පාර ගැන බැචාට ලොකු කලකිරීමක් තියෙනවා. කාටහරි හිතෙන්න පුළුවන් ඒ ගීත කොපි කරපු හින්දා කියලා. ගීත කොපිකිරීම ගැන නං බැචාට අවුලක් ඇත්තෙම නෑ. මොකද කලින් කිව්ව වගේ මේ දෙන්නා ගායකයන් දෙන්නෙක්ට වඩා බැචාට නං ප්‍රාසාංගික ශිල්පීන් දෙන්නෙක්. තනුවට ශ්‍රැතියට ගායනා කරන එක නෙවේ මේ දෙන්නගේ රාජකාරිය; රසිකයන් පිනවන එකයි ඒ දෙන්නගේ රස්සාව. ඒ සඳහා වෙන කෙනෙක්ගෙ තනුවක් පාවිච්චි කිරීම බැචාට කිසි ප්‍රශ්නයක් නැහැ (නීතිමය ප්‍රශ්නයක් නැත්තං!)

    මොකක්ද එහෙනං තියෙන ප්‍රශ්නේ? බැචාට හිතෙනවා ජාත්‍යන්තරය අල්ලන්න යන බී.එන්.එස් ගමනේදී ලංකාවේ සින්දු අහන කොල්ලො කෙල්ලෝ ටික භාතිය සන්තුෂ්ලට අමතක වෙලා කියලා. ලංකාවේ තියෙන ඉල්ලුම සලකන්නැතුව හදන සින්දු කොච්චර සාර්ථකද කියන ප්‍රශ්නේ බැචාට තියෙනවා. හැබැයි ඊටත් වඩා බැචාට භාතියලගේ භූමිකාව ගැන විවේචනයක් තියෙනවා. භාතියලගේ ඇතැම් ප්‍රකාශවලින් පේනවා ලංකාවේ සංගීතයේ කෙරුම්කාරයෝ තමන්ය කියන අධිමානය භාතියලට තියෙනවා කියලා. එස්.එල්.පී.එල් තරඟාවලියේ අදහස් දක්වද්දිත් ඒ අදහස හොදින් ප්‍රකාශ උනා. නවයුගයේ නිර්මාණකරුවන්ගේ භාරකරුවන් තමන්ය කියන මානය භාතියලගේ හිත් තුල තියෙනවා කියන දේ බැචාට තේරිච්ච දෙයක්.

    භාතියලා ලඟදි හදපු "හිනිපෙත්ත" කියන සින්දුවේ මුල් කොටස දැක්කම ඇත්තටම බැචාට ඇතිඋනේ කලකිරීමක්. නවනිර්මාණ හොඳයි තමයි. හැබැයි ලංකාවේ ඉස්සර බිහිවෙච්ච නිර්මාණවල ගුණාත්මක බවත් ඉහලයි කියන දේ භාතියලා අමතක කරන්න උත්සාහ කරනවා. සමහරවිට වික්ටර් රත්නායකයන්, සුනිල් එදිරිසිංහයන්, අමරදේවයන්ගේ ගීත භාතියලා අහල නැතිවෙන්න පුළුවන්. ඒ නිර්මාණ අගය කරන ගමන් භාතියල‍ගේ නිර්මාණ බැචාලා අගය කරේ ඔය දෙවර්ගය දෙවිදිහයක සින්දුයි කියන දේ තේරුම් ගනිමුයි. නමුත් ඒ කාලේ සමහරු සරල ගීයේ මිම්මෙන් භාතියලව මනින්න ගිහින් නොසෑහෙන්න භාතියලට දොස්කිව්වා. බැචා හිතනවා ඒ දේ වැරදියි කියලා. හැබැයි දැන් භාතියලා කරන්නෙත් ඒ දේම නෙවේද?

    "තමන්ගේ සින්දු හොඳයි පරණ සින්දු කම්මැලියි" කියන පටු තැනට භාතියලා වැටීම ඇත්තටම කණගාටුදායක දෙයක්. බැචාට හිතෙන්නේ භාතියලගේ නැගිටීම තුලින් එයාලා ඔප්පු කරපු වැදගත් දෙයක් එයාලටම අමතක වෙලා කියලයි. ප්‍රාසාංගික ලෝකෙ ජයගන්න නිකං බැහැ. රසිකයන්ට ඕනෙ මොකක්ද කියන දේ තේරෙන්න ඕන. ඒත් එක්ක අනික් ශිල්පීන්ටත් පොඩි ගරුත්වයක් දැක්කුවොත් තමයි ටිකක් හරි හොඳ.

    අවසානයේ කියන්න තියෙන්නේ ලාංකිකකම තේරුම්ගන්නවා කියන්නේ සින්දුවක් ඇතුලට වන්නම් කෑල්ලක් ඇතුල් කරනවා කියන එකට විතරක් නෙවේ. ඊට එහා ගියපු ගොඩක්දේවල් තියෙනවා. ඒ දේ අවාසනාවකට භාතියලගේ අතින් පොඩ්ඩක් ගිලිහිලා තියෙනවා බැචාට හිතෙන විදිහට. ඒ දේවල් එකතුකරන් ලොකුගමනක් යන්න භාතියලට ශක්තිය ලැබෙන්න කියලා බැචා ප්‍රාර්ථනා කරනවා!
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    aluthin ena sinhala songs patta chaa..
    melo arthayak, rasayak naha

    baila gamuda remix karala.....
    rathu ratakaju.......
    enna malli enna nangi........
    thawa ara damith kiyana eka kiyana songs gana ehema katha karana deyak naha

    sinhala sinduwakata kiyala ahanna thiyenne ape parana songs tika witharayi..
    :frown::frown:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    aluthin ena sinhala songs patta chaa..
    melo arthayak, rasayak naha

    baila gamuda remix karala.....
    rathu ratakaju.......
    enna malli enna nangi........
    thawa ara damith kiyana eka kiyana songs gana ehema katha karana deyak naha

    sinhala sinduwakata kiyala ahanna thiyenne ape parana songs tika witharayi..
    :frown::frown:

    Aluth sindu parana widihata rasa widinna beri awlak thynne. Aluth ewaye hoda ewath thynawa. E mona unath daksha parana ayata aluth ayage garuthwayak thynna one mata hithena widihata
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්ත මචා... ඉස්සර භාතිය සන්තුශ් කරන සින්දුවල මාර කොලිටියක් තිබ්බ... අහන් ඉන්නත් ආසයි. දැන් නම් ඒක ටික ටික අඩු වේගන යනව. මමත් ඉස්සර ඉදන්ම උන්ගෙ හොද රසිකයෙක්.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ


    11.gif


    අලුත් ඒව නන් ගු 7i
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර

    මොකද කලින් කිව්ව වගේ මේ දෙන්නා ගායකයන් දෙන්නෙක්ට වඩා බැචාට නං ප්‍රාසාංගික ශිල්පීන් දෙන්නෙක්. තනුවට ශ්‍රැතියට ගායනා කරන එක නෙවේ මේ දෙන්නගේ රාජකාරිය; රසිකයන් පිනවන එකයි ඒ දෙන්නගේ රස්සාව.

    මචන්.....මෙතැනදී උඹත් එක්ක එකඟ වෙන්නේ නෑ...මොකද මං අහල තියෙන විදියට මුන් දෙන්නටම Music Degrees තියෙනවා. අනිත් එක මුන් දෙන්නා Voice Training කරලා තියෙන්නේ Mary Anne David ගාව. Mary Anne David ගේ හොඳම ගෝලයෝ දෙන්නෙක් තමා මුන් දෙන්නා...මචන් Mary Anne කියන්නේ ලංකාවේ ඉන්න හොඳම voice trainer කෙනෙක්...ඒ හින්ද මුන්ට Pitch එකට Sing කරන්න බෑ කියන එක පිළිගන්න බෑ.
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මචන්.....මෙතැනදී උඹත් එක්ක එකඟ වෙන්නේ නෑ...මොකද මං අහල තියෙන විදියට මුන් දෙන්නටම Music Degrees තියෙනවා. අනිත් එක මුන් දෙන්නා Voice Training කරලා තියෙන්නේ Mary Anne David ගාව. Mary Anne David ගේ හොඳම ගෝලයෝ දෙන්නෙක් තමා මුන් දෙන්නා...මචන් Mary Anne කියන්නේ ලංකාවේ ඉන්න හොඳම voice trainer කෙනෙක්...ඒ හින්ද මුන්ට Pitch එකට Sing කරන්න බෑ කියන එක පිළිගන්න බෑ.

    එයාලට පිච් එකට කියන්න බෑ කියලා නෑනෙ බං. මම කියන්නේ එයාලගේ භූමිකාව ඊ‍ට එහා ගිය එකක්. පිච් එකට කියන්න පුළුවන් ගොඩක් අය ඉන්නවා. ඒත් ඒගොල්ලො singing කියන තැනින් එහාට ගිහින් performing art කියන තැනට ඇවිත් නෑ. භාතියලා එතන්ට ආවා. ඒකයි එකයි හිට් උනේ. සින්දු කොපිකරත් නැතත් උන් ජනප්‍රිය ඒ දෙන්නා performersla දෙන්නෙක් හින්දයි :yes:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    aluth ewa kiwwe mona sindu da???
    Kawada ho.. Sara sihina.. 2 nam nam sira .. e tracks deka nam bokkatama weduna...

    Aluthin apu Hanguman ananthaye kiyana ekath hondai mata. Oka hinipeththata apu dawaswala liyapu ekak. Kiri kodu hithata passe karapu godak ewa ehemai ban :no:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අවසානයේ කියන්න තියෙන්නේ ලාංකිකකම තේරුම්ගන්නවා කියන්නේ සින්දුවක් ඇතුලට වන්නම් කෑල්ලක් ඇතුල් කරනවා කියන එකට විතරක් නෙවේ.

    ayyo mama me wage ewa ahala thiyanawa,ahanna lajjai.patta gode sindu.