MSG
මේ ලිපියෙ අරමුණ තමා MSG ගැන හා MSG වල side effects ගැන දළ අවබෝධයක් ලබා දීම.
අපි ගොඩක් දෙනෙක් මේක දන්නෙ Aji-No-Moto කියලනෙ,නමුත් අජි නො මොටෝ කියන්නෙ trade name එකක්. මේ රසායනික සන්යෝගයේ ඇත්ත නම තමා මොනො සෝඩියම් ග්ලූටමේට්. එහෙම නැත්තම් MSG.
MSG වල රසයේ ඉතිහාසය ගොඩක් ඈතට දිව යනවා. නමුත් මේ රසයට හේතු කාරකය වන MSG වෙන් කරගෙන හදුනා ගන්නට සමත් උනේ 1908 දී Kikunae Ikeda නම් ජපන් ජාතිකයෙක් විසින්.
1909 තමා වාණිජ වශයෙන් MSG නිපදවීම ආරම්බ කරලා තියෙන්නෙ.
ඒ සුසුකි සහෝදරයන් විසින් Aji-No-Moto යන නමින්.
MSG කියන්නෙ මොකක්ද කියලා අහුවොත් දෙන්න පුලුවන් සරල පිලිතුර තමා ඒක taste enhancer / food additive එකක් ,රස කාරකයක්.
MSG පවතින්නෙ ස්පටික වශයෙන්. හරියට සීනි වගේ. නමුත් msg කුඩු මොනවත් සමග කලවම් කරන්නෙ නැතුව කෑවා කියලා ඒකෙ රසක් දැනෙන්නේ නෑ. මොනවා හරි ආහරයක් සමග කලවම් කරාම තමා මේකෙ විශේශ රසය දැනෙන්නේ.
ආහාර වල රසය වැඩි උනා කියලා ගැටලුවක් නෑනේ. නමුත් ගැටලුව තමා MSG වලින් සිදුවන සෞඛ්‍ය හානිය.
ඒක ගැන ඉස්සෙල්ලාම මම කියලා ඉන්නම්.මුලින්ම MSG වල සෞඛ්‍ය අවදානම ගැන හොයා ගත්තෙ චීන කෑම ගත්ත අයට ඇති උන රෝග ලක්ශන කීපයක් නිසා. පස්සෙ හොයා ගත්තා මේකට හේතුව තමා ආහාර වල අඩංගු වෙලා තිබ්බ MSG කියලා. මේ ලෙඩේට නමකුත් තියනවා Chinese restaurant syndrome කියලා.
මේ ලෙඩේ රෝග ලක්ශන තමා,හිසරදය, ඔක්කාරය, හිරිවැටීම, හදවත් ස්පන්දනය වේගවත් වීම, දාඩිය දැමීම, පපුවේ වේදනාව.
නමුත් පරීක්ශන වලට අනූව ජනගහනයෙන් සුලු පිරිසකට විතරයිලු මේක වෙන්නෙ. ඒ කියන්නෙ අපි අතරින් ටික දෙනෙකුට MSG කන්නම බෑ.
ඊලගට අවදානය යොමු වන කාරණය තමා දිගු කාලීන බලපෑම්.
1. තරබාරුකම,
2. stroke,
3. nerve cell damage ,
4. ඉගෙනීම් අපහසුතා,
5. මතකය අඩු වීම,
6. හෝමෝන අසන්තුලිතතාවය,
7. පිළිකා .
මෙහෙම පෝලිමට දිගු කාලීන අතුරු ආබාද තිබ්බට මේවා එකක්වත් කෙලින්ම ඔප්පු කරලා නෑ. ඒක හින්දා අන්වශ්‍ය විදියට බය වෙන්න ඕනෙ නෑ. නමුත් අවදානමක් තියනවා කියන එක හමෝම පිලිගන්නවා.
තවත් එකක් තමා ජාත්යන්තරව MSG ආහර විශක් (food poison) විදියට වර්ග කරලා නෑ. ඒ කියන්නෙ මේක නීතිවිරෝධී නෑ. ඕන කෑමකට එකතු කරන්න පුලුවන්. හැබයි, කන කෙනා අවදානම බාර අරගෙන කන්න ඕනෙ.
ලෝකයම එන්න එන්නම MSG වලින් ඉවත් වෙන්න තමා උත්සාහ කරන්නෙ. MSG free restaurants, MSG free food තමා ඒකට උදාහරන.
අපි බැලුවොත් ලංකාවේ නෝමල් පුද්ගලයෙකුට msg ඇතුල් වෙන ආකාර ගැන,
1. කඩෙන් කන lunch, dinner
2. කොත්තු
3. ක්ශණික නූඩ්ල්ස්.
ගොඩක් වෙලාවට MSG අහිතකර වෙන්නෙ නිතරම වගෙ MSG ශරීර ගත වෙනවනම් තමයිලු. සරලව කිව්වොත් නිතරම වගේ කඩෙන් කෑම ගත්තොත්. නමුත් මග අරින්න පුලුවන් හැම අවස්තාවකම MSG මග අරින එක තමා හොද.
හැම දාම වගේ එකම කඩෙන් නම් කෑම ගන්නෙ, කඩෙත් එක්ක deal එකක් ගහන්න පුලුවන් තමන්ගෙ කෑමට msg නොදා හදන්න කියලා.
මම පෞද්ගලිකවම දැකලා තියන්වා හෝටල් වලින් සමහරු ඉල්ලනවා අජි නො මොටෝ නොදා කෑම.
සමහර රෙස්ටුඅරන්ට් තියනවා තනිකරම MSG වලින් වැලකිලා තියන. මම ලංකාවෙත් එහෙම තැන් දැකලා තියනවා.
උයන කෙනා හොද වැඩකාරයෙක් නම් MSG නැතුව උනත් කෑමෙ රස ගන්න පුලුවන්.
නමුත් ඔය හන්දියක් හන්දියක් ගානෙ තියන කෑම කඩ වල කෑම වල කෑම වලට නම් msg දානවමයි.
කොත්තු වලටත් MSG දැමෙනවම තමා.කොත්තුව හදන විදිය බලාගෙන හිටියොත් අපිට කොච්චරක් දානවද කියලත් බලාගන්න පුලුවන්. MSG එක්තරා සීමාවකට වඩා වැඩි උනාමත් කෑම අප්සට් යන්වා. සමහර කොත්තු වලට ඒ වැඩේ වෙනවා. එතකොට තමා රෑ මැද නැගිටල වතුර ගැලුමක් විතර බොන්න හිතෙන්නෙ.
ක්ශණික නූඩ්ල්ස් පැකට් ගත්තහම හැම එකකම වගෙ MSG තියනවා. ඒවා වල MSG අඩංගු පැකට්ටුවක් වෙනම තමා එන්නෙ.
නමුත් දැන් prima සමාගම msg නැති නූඩ්ල්ස් එකකුත් හදනවා. ඒකෙ msg free කියල ස්ටිකර් එකක් අලවලා තියනවා.(මං ගාව ඒකෙ පින්තූරෙකුත් නෑ පෙන්නන්න)
මේ screen shot එක ගත්තෙ prima ස්යිට් එකෙන්.
කොහොමටත් ක්ශණික නූඩ්ල්ස් කන එක හොද නෑ. නමුත් කන්නම ඕනෙ නම් ඔන්න ඔය msg free ස්ටිකර් එක බලලා ගත්තම හරි.
ඒ වගේම සමහර සෝස් වර්ග, බයිට් එකට කන කඩල වගෙ දේවල් වලත් msg අඩංගු වෙනවා.
අඩංගු දේවල් ලියලා තියන කොලේ බැලුවානම් මේක හොයා ගන්න පුලුවන්.
තමන් ගන්න ආහාර වල සෞඛ්‍යාරක්ශිත බව විමසන්න තමන්ට අයිතියක් තියනවා, කෑම රහයි කියලා කාල නිකන් ලෙඩ්ඩු වෙන්න ඕනෙ නෑනෙ.
තමන් කන කෑම බුද්ධිමත්ව තෝර ගන්න. MSG හැකි පමන මග හරින්න.
තමන් කන කෑම බුද්ධිමත්ව තෝර ගන්න. MSG හැකි පමන මග හරින්න.
ලිපියට මොනා හරි එකතු වෙන්න ඕනෙ නම් කියන්න.
කොපි කිරීමක් නෙමේ, එලකිරිය වෙනුවෙන්මයි ලිව්වෙ. කමෙන්ට් එකක් දාලම යන්න.
(හැමෝම අතරට මේ පනිවිඩය ගෙනියන්න, බම්ප් එකක් දාන්න)
කොපි කිරීමක් නෙමේ, එලකිරිය වෙනුවෙන්මයි ලිව්වෙ. කමෙන්ට් එකක් දාලම යන්න.
(හැමෝම අතරට මේ පනිවිඩය ගෙනියන්න, බම්ප් එකක් දාන්න)
ප.ලි.
මේකෙ PDF ෆයිල් එකක් හදලා දෙන්න කියලා ඉල්ලලා තිබ්බා කීප දෙනෙක්ම.පහලින් ලින්ක් එක දාන්නම්.
තමන්ට අවශ්‍ය ඒවත් එකතු කරලා කමති කෙනෙකුට යවන්න.
http://www.mediafire.com/view/?t24do9k9kt485qn
Last edited:


