අමාරුම සබ්ජෙක්ට් එක ආයෙත් අහන්නත් දෙයක්ද බන් ?
සංයුක්ත ගණිතය තමා .
ඔව් කවුරුහරි කියාවි මට කෙම අමාරුයි ,ගණන් මන් පට් ගාල හදනවා .
මට ෆිසික්ස් අමාරුයි .බයො කට පාඩම් කරන්න ලේසි වගෙ කතා .
ඔව් ඒ එකිනෙකාගෙ පෞද්ගලික මතය .
එත් සමස්ථය ගමු .
බලපන් ප්‍රතිඵල වලින් වැඩිම ඒ සාමාර්ථ තියෙන්නෙ අඩුම ඒ සාමර්ථ තියෙන්නෙ කොයි සබ්ජෙක්ට්ස් වලටද කියලා ?
මැත්ස් වල තමා අඩුම තියෙන්නෙ .
අපෙ අවුරුද්දෙ මැත්ස් වලට ඒ තිබ්බ උන් හිටියෙ හත්සිය ගාණක් ලංකාවෙන්ම .
ඉතිං හිතා ගනින්කො .
මගෙ පෞද්ගලික අත්දැකීම් අනුව නම් මට ගණන් හදන එක තමා පොඩ්ඩක් ආත්ම තෘප්තියක් තිබ්බ වැඩෙ.
ෆිසික්ස් වල මන් ඉන්ට්‍රස්ට් පැත්තක් තිබ්බා .
ඒ ග්‍රහ චලිතය ගැන ,කොන්ටම් විද්‍යාව ,සාපෙක්ෂතාවාද ය වගෙ දේවල් .
ඒ කිව්වෙ ප්‍රායොගික යෙදීම් ගැන තමා මට ඉන්ට්‍රස්ට් උනෙ.
එත් එව්වා නෙමෙ නෙ ඉගැන්නුවෙ
විභාගෙ ගොඩ දාන්න කටපාඩමෙන් ගණන් හදන එක තමා කරෙ.
ෆිසික්ස් තනිකරම සූත්‍ර සහ ප්‍රැක්ටිකල් කටපාඩම්.
කෙමිස්ට්‍රි නම් ඉතිං ඒත් කට පාඩම් .
ඉතිං අමාරුම කියලා කියන්න විෂේශ දෙයක් තිබ්බෙ නැහැ .
එත් කට පාඩමට අකමැති කෙනෙක් විදියට මට කෙමිස්ට්‍රි ටිකක් අවුල් වගෙ තෙරුණ ඒ කාලෙ.
එත් කෙමිස්ට්‍රි කියන්නෙත් මන් ආසම සබ්ජෙක්ට් එකක් .
ඒත් මන් ආස කරෙ ප්‍රායොගික යෙදීම් ගැන .
එත් අර ෆිසික්ස් වගෙම තමා විභාගෙ ගොඩ දාන්න කට පාඩමෙන් ගණන් හැදිල්ලක් තමා තිබ්බෙ.