AL exam new story

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
විද්‍යාපීඨවලට අයදුම්පත් කැඳවීම
නව Z නිකුත් කර දෙසතියක්‌ තුළ

නිලන්ත මදුරාවල

නව ඉසඩ් ලකුණු නිකුත් කර දෙසතියක්‌ ඇතුළත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා යළි අයදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි. දැනට පවතින තත්ත්වය යටතේ අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවාගැනීම් අනිවාර්යයෙන්ම කල් යන අතර අයදුම්පත් කැඳවීම පිළිබඳ ඉදිරියෙදී දන්වන බව අමාත්‍යාංශය පවසයි. කලින් සිදු කළ අයදුම්පත් කැඳවීම අනුව මේ වන විට අයදුම්පත් තුන්සියයකට අධික ප්‍රමාණයක්‌ ලැබී ඇති නමුත් ඔවුන්ටත් යළි අයදුම් කිරීමට සිදුවන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ගැටලු සහගත තත්ත්වය උද්ගත වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උසස්‌ පෙළ ඉසඩ් ලකුණු බල රහිත කරනු ලැබීමත් සමඟය.
 

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
ඇමති බන්දුල ගුණවර්ධන ස්වාධීන් රූපවාහිනියෙන් කරන ලද අභියෝග බාරගන්නා බවත් හැකිනම් ඕනෑම රූපවාහිනී නාලිකාවක සජීවී සංවාදයකට එන්නයි ඇමතිවරයාට පෙරලා අභියෝගකරන බවත් ලංකා ගුරු සේවා සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධාත්වයෙන් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

උසස් පෙළ ප්‍රතිපල ප්‍රශ්නයට වගකිවයුතු බන්දුල ගුණවර්ධන සහ එස්.බී දිසානායක ඇමතිවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හෑල්ලුවට පත් නොකර වහාම ඇමති තනතුරු වලින් ඉවත් නොවන්නේ නම් ඔවුන් ගෙදර යැවීමේ දීප ව්‍යාප්ත සටන දැවැන්ත පෙත්සමක් අත්සන් කිරීම හා උද්ඝෝෂණ වැඩපිළිවෙලකින් හෙට (4 ) ආරම්භ කරන බවත් ලංකා ගුරු සේවා සංගමය කියයි.

2011 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බවත් සිසුන් හා මවුපියන් විශාල පිරිසක් ඒ බව දන්වා ඇති බැවින් සාධාරණය ඉටුකර ගැනීම සඳහා නැවත අධිකරණ ක්‍රියාමාර්ගයකට යා හැකි දැයි අද (3) සාකච්ඡා කරන බවත් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඇමති දෙපලි උසස් පෙළ ඉසෙඩ් ලකුණු සහ ගුරු සංගම් පිළිබඳව විවිධ වැරදි මත පළ කරමින් සිටිනබවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    aiyooooooooooo lankawata moko bn me wegana yanne. api a/l karala wayasata yanakan gedara inna wei wage campus yanna
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ඉසෙඞ් අගය නැවත ගණනය කිරීමෙන් උසස් පෙළ විභාගයට නව නිර්දේශයෙන් පෙනී සිටි ඇතැම් අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා පවසනවා. එලෙස අසාධාරණයට ලක්වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් විසඳුම කුමක්දැයි නිර්දේශ කළ යුත්තේ විපක්ෂය බවයි මහනුවර ඊයේ පැවැති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ. ඉසෙඞ් අගය නැවත ගණනය කරන්නැයි බලපෑම් කළේ විපක්ෂය වීම ඊට හේතුව ලෙස පැහැදිලි කෙරුණා.
    විසඳුම් නොමැති විවේචනවලින් රටට යහපතක් නොවන බවද අවධාරණය කෙරුණා.


    ethakota me pol buruwa kiyanne ......kawru unath kamak nehe waradi prathi pala walin ganna kiyalada???? me wage un innakan ape ratata setak nehe.....mata nam den mewa epa wela tiyenne karanna eka deyai tiyenne.....eka tawa awrudu 3kin witara karanawa....
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    2011 වසරේ උසස් පෙළ විභාගයේ නව සහ පැරණි විෂය නිර්දේශවලට Z අගයන් වෙන් වෙන්ව ගණනය කරන ලෙස ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එලෙසම ක‍්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව නිර්දේශ කර තිබෙනවා. කමිටුවේ සාමාජිකයෙකු වන මහාචාර්ය ආර්. ඕ තටිල් මහතා පැවසුවේ ජනාධිපති ලේකම්වරයා සමග ඊයේ සිය කමිටුව පැවැත්වු සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීරණය දැනුම් දුන් බවයි. අදාල Z අගයන් ගණනය කිරීම විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට පැවරෙන බවයි ඔහු සඳහන් කළේ. එහෙත් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට එය විභාග දෙපාර්තමේන්තුව මගින් ඉටු කර ගැනීමේ හැකියාව ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හැර වෙනත් යමක් ඉටු කිරිමට තම කමිටුවට අවස්ථාවක් නැතැයි ද ඔහු සඳහන් කළා. එබැවින් කඩිනමින් අදාල Z අගයන් ගණනය කර සිසුන්ට සාධාරණය ඉටු කළ යුතු බවයි තටිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

    Ikmanata results denne natiwa bila gahana mun tika...........
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මහත් ආන්දෝලනයකට පත් 2011 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණු ලබන සතියේ නිකුත් කිරීමට හැකි බව රජයේ ආරංචි මාර්ග මාධ්‍ය වෙත පවසා ඇත.

    මෙම ඉසෙඩ් අගයන් වෙන වෙනම ගණනය කර ප්‍රතිඵල නැවත නිකුත් කරන ලෙස අධිකරණය දුන් තීන්දුව ක්‍රියාවට නංවීම සඳහා පත්කළ කමිටුව පසුගිය දින කිහිපය පුරාම රැස්වූ බවත් ඒ අනුව නව නිර්දේශ රැසක් ද සමගින් ලබන සතියේ දී අදාළ විභාග ප්‍රතිඵල නිකුත් කළ හැකි බව වාර්තා වේ.

    ලලිත් විරතුංග කමිටුව විභාග ක්‍රමය පිළිබඳ කර ඇති මගපෙන්වීම අනුව මින් ඉදිරියට කිසිදු අවස්ථාවක විෂය නිර්දේශ දෙකක් යටතේ උසස් පෙළ විභාග දෙකක් නොපවත් වන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී ඇති අතර නව නිර්දේශ මාලාවක්ද ඉදිරිපත් කර ඇති බව වැඩිදුරත් වාර්තා වේ.
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    Colombo Lankapuvath) The Z-Score evaluations of the GCE (AL) 2011 examination will be out in two weeks,,Examinations Commissioner, W.A.N.J.Pushpakuamara said.

    The issue is now being evaluated and analyzed as per court directive, he pointed out.
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    සරසවි පිවිසුම් ලකුණු 25ට පෙර

    2012 ජූලි මස 19 11:55:22 | .
    Share

    පසුගිය අපොස උසස් පොළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ලබන 25 වැනි දට පෙර ඉදිරිපත් කරන බව විභාග කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැන්වීය.
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ‘Z’ වලිනුත් ගරන්න යයි
    2012 ජූලි 19 වෙනි බ්‍රහස්පතින්දා, 15:07

    2011 උසස් පෙළ විභාගයේ ‘z’ අගයන් නැවත ගණනය කර ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මුදල් ගැරීමකට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

    ‘z’ අගයන් නිකුත් කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා නැවත වරක් අයඳුම්පත් කැඳවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ සඳහා වන අයදුම්පත් මේ වනවිටත් ම්‍රද්‍රණය කර ඇති අතර ප්‍රතිඵල නිකුත්වූ වහාම එම අයදුම්පත් දිවයිනපුරා වෙළඳසැල්වලට බෙදාහැරීමටද නියමිතය.

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවා තිබියදී උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතාගේ උපදෙස් මත මෙලෙස නැවත වරක් අයදුම්පත් කැඳවීම හරහා විශාල මුදල් ගැරීමක් සිදුකිරිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සූදානම් වන බව වාර්තා වේ.