AL exam new story

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
පොලොන්නරු සිසුහු අධ්‍යාපන අයිතිය ඉල්ලති

විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා පොලොන්නරු දිස්‌ත්‍රික්‌කයේ දරුවන්ට හිමි කෝටාව උපයෝගි කරගනිමින් වෙනත් දිස්‌ත්‍රික්‌කවල දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන බව මීට පෙර ද අනාවරණය කළෙමු. පසුගිය වසරේදී (2011) මෙලෙස වෙනත් දිස්‌ත්‍රික්‌කයන්හි දරුවෝ දොළොස්‌ දෙනෙක්‌ විශ්වවිද්‍යාලවල වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු පාඨමාලා කිහිපයකට ඇතුළත් වූහ. මේ වංක ලෙස ඇතුළත් වීම පිළිබඳව මා විසින් අවස්‌ථා කිහිපයකදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ දැනුවත් කරන ලදී.

2011 සැප්තැම්බර් 06 වැනි දින දුෂ්කර පළාත් වලින් ව්‍යාජ ලෙස තොරතුරු සපයා විශ්වවිද්‍යාලයට ඇතුල්වීම පිළිබඳව කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු පැහැදිලි කළෙමි. මේ පිළිබඳව දිවයින, ලක්‌බිම, රාවය වැනි පුවත්පත් වල වාර්තා පල විය. 2011 සැප්තැම්බර් 08 වැනි දින 'දිවයින' පුවත්පත් කතුවරයා විසින් "වැරදි ලයිස්‌තු වලින් විශ්වවිද්‍යාලයට පැමිණීම" මැයෙන් ලිපියක්‌ පල කර මෙම අසාධාරණය රටට පැහැදිලි කරන ලදී, එම වකවානුවේ දී පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ පාසල් වල විද්‍යා අංශයේ අධ්‍යාපනය ලබන සිසුන් 2011 සැප්තැම්බර් 19 වැනි දින අතිගරු ජනාධිපතිතුමාට ලිත පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ උසස්‌ පෙළ විද්‍යා අංශයේ සිසුන්ට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට ඇති දිස්‌ත්‍රික්‌ කෝටාව ආරක්‍ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

2011 සැප්තැම්බර් 14, 11 වැනි දින දෙක තුළ දෙමාපියන් විසින් "පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ කොටාව රැක දෙන්න" ඉල්ලා අධ්‍යාපන ඇමැතිතුමාට විදුලි පණිවුඩ යවන ලදී. වංක ලෙස කොටසක්‌ විශ්වවිද්‍යාලයට ඇතුල් වීම නිසා තමන්ට නියමිත පාඨමාලා වලට ඇතුළත් වීමට අවස්‌ථාව අහිමි වීමෙන් අසාධාරණයට ලක්‌ වූ සිසුන් පිරිසක්‌ ව්‍යාජ කරුණු ඉදිරිපත් කර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අයගේ නම් සහ විභාග අංක, දිස්‌ත්‍රික්‌ කුසලතා යන තොරතුරු සහිතව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට ලිතව දැනුම් දී ඇත. එම සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හමුවීමට උත්සාහ දැරූ නමුත් එහි සිටින නිලධාරීන් අවස්‌ථාව ලබා දී නැත. මම ද දෙවරක්‌ උත්සාහ ගත් නමුත් මටද අවස්‌ථාව ලැබුණේ නැත.

මේ හේතුව නිසා අසාධාරණයට ලක්‌ වූ සිසුන් කණ්‌ඩායම සමග මම 2011.10.05 වැනි දින උතුරුමැද පළාත් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළෙමි. මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ පොළොන්නරුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ යන අය වග උත්තර කරුවන් ලෙස නම් කරන ලදී. අධ්‍යාපන බලධාරින් මෙයට පිළිතුරු සැපයීම හිතා මතා මග හරිමින් සිටි අතර මානව හිමිකම් කොමිසම සිහි කැඳවීම් කිහිපයක්‌ යෑවීමෙන් පසු මාස පහමාරක්‌ ගත වූ පසු පොළොන්නරුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ඉහත කී සිසුන් 12 දෙනා පිළිබඳව වාර්තාවක්‌ සහිත පිළිතුරක්‌ මානව හිමිකම් කොමිසමට යවා ඇත. එම පිළිතුරු ලිපියේ -

01.සත්‍ය වසන් කිරීමට ව්‍යාජ තොරතුරු වගකීමෙන් තොරව සපයා ඇත.

02.නිත්‍යානුකූල අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛන උල්ලංඝනය කිරීම සාධාරණය කිරීමට උත්සාහ දරා ඇත.

03.විදුහල්පතිවරු ව්‍යාජ ලේඛන සකස්‌ කර විභාගයට සිසුන් ඉදිරිපත් කළ තොරතුරු පරීක්‍ෂා නොකර විදුහල්පතිවරු කළ ප්‍රකාශන සත්‍ය යෑයි පිළිගෙන ඇත.

04.මෙවැනි බරපතළ මානවහිමිකම් උල්ලංඝනය කිරීම් ලඝූ කොට සලකා ඇත.

වෛද්‍ය අංශයට ඇතුළත් වූ ජී. ඩබ්. සී. ජයතිලක ශිෂ්‍යා 2010 වර්ෂයේ පො/දිඹු/සිරිපුර ම.ම.වි. අවසන් වරට විභාගයට ඉදිරිපත් වී බව පිළිතුරු ලිපියේ එක්‌ තැනක සටහන් කරන අතර, එම ලිපියේ තවත් තැනක 2010 වර්ෂයේ එම ශිෂ්‍යයා බාහිර අයෑදුම්කරුවකු ලෙස විභාගයට පෙනී සිටි බව සඳහන් කරයි. එකම වර්ෂය තුළ පාසල් අයෑදුම්කරුවෙකු ලෙසත් බාහිර අයෑදුම්කරුවකු ලෙසත් ඉදිරිපත් වූ බවට සඳහන් කිරීම කොතරම් වගකීම් රහිත ප්‍රකාශයක්‌ මෙන්ම හාස්‍ය ජනක බොරුවක්‌ද?

එම්. කේ. එµa. නුෂ්කා නමැති ශිෂ්‍යාව පො. මුස්‌ලිම් ම.ම.වි. යෙන් ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළත් එවැනි ළමයෙකුගේ නමක්‌ පාසල් නාම ලේඛන වල නැත. එම්. ආදිල් නමැති ශිෂ්‍යා වානිජ විෂය හැදැරූ බව පිළිතුරේ සඳහන් කර ඇතත් 2009 වර්ෂයේ දී ඇතුල් වීම් අංක 8084 යටතේ අ.පො.ස. (සා.පෙළ) කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පාසලකින් සමත් වී විද්‍යා අංශයට පො/මුස්‌ලිම් ම.ම.වි. විද්‍යාලයට ඇතුළත් වූ බව ඇතුළත් වීමේ ලේඛනයේ හා පාසල් නාම ලේඛනයේ සටහන් වී ඇත. අ.පො.ස. (සා.පෙළ) අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පාසලකින් සමත් වී නාමිකව පො/ මුස්‌ලිම් ම.ම.වි. ට ඉදිරිපත් වූ පාරිස්‌ නමැති ශිෂ්‍යා ඉංජිනේරු පීඨයට ඇතුළත් වී ඇත. ඔහු අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් ඉදිරිපත් වූයේ නම් ඔහුට ඇතුළත් වීමට හැකිවන්නේ භෞතික විද්‍යා අංශයටය. නමුත් අනුරාධපුරයට වඩා ' අංකය පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ අඩු බැවින් ඔහුට පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයෙන් ඉදිරිපත් වීම තුළින් ඉංජිනේරු පාඨමාලාවට පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ ළමයෙකුගේ අවස්‌ථාව නැති කරමින් ඇතුළත් වීමට හැකි වී ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ 2008/17 චක්‍ර ලේඛයේ 6.01 හි විශ්වවිද්‍යාලයට නම් කර ඇති දුෂ්කර දිස්‌ත්‍රික්‌ක සඳහා ලබා දී ඇති සහන වංක ලෙස ලබා ගැනීමේ අරමුණින් පහසුකම් සහිත දිස්‌ත්‍රික්‌ක වලින් අ.පො.ස. (සා.පෙළ) සමත් වී දුෂ්කර දිස්‌ත්‍රික්‌ක වල උසස්‌ පෙළ පංති සහිත විද්‍යාලවලට ඇතුළත් කර විදුහල්පතිවරුන් කර ඇති වැරදි ගැන පිළිතුරු ලිපියේ සඳහන් කර නැත. 2003/13 චක්‍ර ලේඛනය අනුව විභාගයට ඉදිරිපත් කළ යුත්තේ පැමිණීම 80% ඇති සිසුන් පමණි යනුවෙන් සඳහන් වී ඇත. පො / මුස්‌ලිම් ම.ම.වි. විදුහල්පතිවරයා පාසල් කමිටුවක්‌ මගින් 65% ක්‌ පැමිණීම ඇති සිසුන් විභාගයට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් ඒ අනුව සිසුන් ඉදිරිපත් කළ බවත් විදුහල්පතිවරයා කළ ප්‍රකාශය සොයා බැලීමකින් තොරව පිළිගෙන ඇත.

චක්‍රලේඛන සංශෝධනය කිරීමේ බලයක්‌ විදුහල්පතිවරයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට නැති බව මේ අයට නොවැටහේ ද? මෙම වංක ලෙස පාසලට ඉදිරිපත් වූ සිසුන් පාසලේ රැඳී සිටි බවට නාම ලේඛන වල සටහන් වන්නේ දින දෙක තුනකි. අනිත් දින වල පැමිණ නැත. ඒවා ලකුණු කිරීමට හිස්‌ව තබා ඇති බව වාර කිහිපයකදී මම කළ නිරීක්‍ෂණ වලදී හෙළිදරව් විය. පසුව ලකුණු කිරීමට තබා තිබූ ඉඩ කඩ රතු ඉරි වලින් කපා හැර නාම ලේඛනයේ මා විසින් කෙටි අත්සන් තබන ලදී. එසේම වාර ගණනක්‌ විදුහල්පති රැස්‌වීම් වලදී ද පෞද්ගලිකවද චක්‍ර ලේඛන උල්ලංඝනය කර ළමයි ඇතුළත් කර නොගන්නා ලෙස උපදෙස්‌ දී ඇත. මේ බවට පො/ මුස්‌ලිම් ම.ම.වි. ලොග් පොතේ 2009.07.02 දින මම සටහන් තබා ඇත්තෙමි.

මෙසේ වංක ලෙස නාම ලේඛන වල ඇතුළත් කර ඇති ළමයි අධ්‍යාපන බලධාරීන්ගේ ඥති සිසුන් හෝ දේශපාලන බලධාරීන්ගේ ලිපි මත ඇතුළත් වූ සිසුන් හෝ මුදල් ලබාගෙන ඇතුළත් කර ඇති සිසුන්ය. මේ සියල්ල ආවරණය කර ගැනීම සඳහා දේශපාලන බලධාරීන්ගේ ලිපි උදව් කරගෙන ඇත. මෙම පරීක්‍ෂණ කල් යවමින් සිටින පිරිසකගේ බලාපොරොත්තුව වංක ලෙස විශ්වවිද්‍යාලයට ඇතුල් වී අධ්‍යාපනය ලබන අයගේ කාලය අවසාන වනතෙක්‌ බව අපේ හැඟීමයි.

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ලක්‍ෂ 60, 70 වක්‌ වියදම් කරනවාට වඩා ලක්‍ෂ 4, 5 ක්‌ මිට මොලවා පාසලකින් නම ඇතුළත් කර ගැනීමට හැකි වීම මුදල් හා බලය ඇති අයට වාසියකි. මුදල් නොමැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස්‌ නීතියේ පිළිසරණක්‌ ලබාගැනීමට වත්කමක්‌ නොමැති අසරණ සිසුන්ට අද තම අයිතිය අහිමි වී ඇත. 70 දශකයේ හම්බන්තොට ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දිස්‌ත්‍රික්‌ කෝටාව ඇති කිරීම සඳහා සහය දුන් අතිගරු ජනාධිපතිතුමනි, මේ දරුවන්ගේ අයිතිය රැකදෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. එසේ නොවුණ හොත් අනාගතයේ තවත් ත්‍රස්‌තවාදයට නැඹුරුවන පිරිසක්‌ ඇති වීමට අපි ඉඩ හරින්නෝ වෙමු.

එස්‌. ඩී. උපාලි
හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පොළොන්නරුව.
 

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    533074_2751290441903_1846902482_1672128_872218593_n.jpg


    lolz... patta machn... :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    මට පෙන විදිහට නම් මුන් ඕක අයෙමත් යට ගහය්... :frown: ඔය සීන් එකෙන් මටත් කෙල වුනා.. දැන් අයෙමත් කරන්න හිත හදාගෙන ඉන්නකොට මුන් අයෙත් හු**න පටන් ගත්ත....:angry::angry::angry::angry::angry::angry::angry:
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මහා උසාවිය ඇමැති මෝසම විසිකරයි

    සරසවියට සිසුන් ගන්න බලයක් ඇමැතිට නෑ

    2012 මැයි මස 24 18:00:09 | තිළිණි ද සිල්වා


    නව ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අවසර දෙන්නැයි උසස් අධ්‍යාපන ඇමැති මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කෙළේය. ඔහු එම මෝසම ගොනු කෙළේ 2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිළුල වැරැදි බව පවසමින් එම ප්‍රතිළුලය අහෝසි කරන ලෙස ඉල්ලා සිසුන් 16 දෙනකු හා ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික පෙත්සම් විභාග කර එහි තීන්දුව ලබන ජූනි 30ට පෙර දීමට දින නියම කැර තිබියදීය. මෝසම අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණි අමරතුංග, හා කේ. ශ්‍රී පවන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.

    ශ්‍රේෂ්ඨාධිකරණ පෙන්වාදුන්නේ විශ්ව විද්‍යාලයට සිසුන් අතුළු කිරීමේ බලය විශ්ව විද්‍යාල කොමිසමට මිස ඇමැතිට නැති බවයි.
    :lol::lol::lol::lol:
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    The Supreme Court today ordered the University Grants Commission (UGC) to annul z-score calculation for 2001 G.C.E. Advanced Level examination and to recalculate for old and new syllabus separately, Ada Derana reporter said.
    :P
    The judgment was delivered by Supreme Court bench chaired by Chief Justice Shirani Bandaranayake on the Fundamental Rights petition filed by a group of A/L students and the Ceylon Teachers’ Union against the formulation of the Z-Score for the 2011 A/L examination.

    The Supreme Court acknowledged that current Z-score calculation method has caused grave injustice to students who sat for the examination under old and new syllabuses.

    However, court did not welcome the request by the petitioners seeking the annulment of complete 2011 A/L examination results and only ordered that the annulment of z-score calculation.

    The petitioners challenged the method used for calculating the Z-score for the examination claiming that both syllabuses should be considered separate in calculating the Z-score, the basis of which students are enrolled into universities.
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    2011 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදුන් z-core ක්‍රමවේදය අහෝසි කර නව සහ පැරණි නිර්දේශ යටතේ වෙන වෙනම ප්‍රතිඵල නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ.

    ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

    ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ z-core ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම z-core ලකුණු ලබාදීම සිදුවෙනු ඇති.

    කෙසේ වෙතත් පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵලය මුළුමනින්ම අහෝසි කරන ලෙස පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබුණත්,එකී ඉල්ලීම පිළිනොගත් ශ්‍රේෂ්ඨාධිකරණය z-core ලකුණු ක්‍රමවේදයේ ගණනය කිරීම් පමණක් අහෝසි කරන ලෙස තීන්දු කරන ලදී.
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    bump....mage mallith exam kala eyata 3 A tibuna e wagema medical faculty select welath inne ..but sadarana wenna one kawruwath pinen faculty yanna one nehe...oya karapu de hoda wedak.....
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    නව හා පැරණි නිර්දේශ
    වෙන වෙනම ගණනය කරන්න
    ඉසඩ් ලකුණ ගැන
    අලුත් තීරණයක්‌
    ප්‍රතිඵල වෙනස්‌ නොවේ
    - ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

    සරත් ධර්මසේන

    නව හා පැරණි විෂය නිර්දේශ යටතේ 2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ලකුණු එක සංචිතයකට දමා ගණනය කර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට අදාළ කරගත් ඉසඩ් ලකුණු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25 දා) අවලංගු කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ එකී විෂය නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ඉසඩ් ලකුණු එකට ගණනය කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බලවත් වරදක්‌ සිදුකර ඇති බවයි.

    විෂය නිර්දේශ දෙකට අදාළව සිසුන් ලැබූ ඉසඩ් ලකුණු වෙන වෙනම ගණනය කරන ලෙසත් තවත් වැරදි හා අඩුපාඩු සිදුව ඇත්නම් ඒවාද නිවැරදි කර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ඉසඩ් ලකුණුq සකස්‌ කර ගැනීමට නොපමාව පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය

    එම කොමිසමට නියෝග කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝග නිකුත් කළේ 2011 අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 16 ක්‌ හා ලංකා ගුරු සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව පැවැත්වූ විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

    අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක, පී. ඒ. රත්නායක හා සුරේෂ් චන්ද්‍ර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

    අගවිනිසුරුවරිය විනිසුරු මඬුල්ලේ අනික්‌ සාමාජිකයන් දෙදෙනාගේද එකඟත්වය මත ලියා තිබූ පිටු 38 කින් යුත් නඩු තීන්දුව ඊයේ වීවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කළාය.

    විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අදාළ කරගත් "ඉසඩ්" ලකුණු ප්‍රථමයෙන්ම ක්‍රියාවට නගා ඇත්තේ 2001 වසරේදීය. ඒ විෂය නිර්දේශ දෙක අනුව විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ලකුණු වෙන වෙනම ගණනය කිරීමෙනි. එහෙත් 2011 දී එම ලකුණු එකට ගණනය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර ඇත.

    එය විභාගයට පෙනී සිටි සිසුන්ගේ අපේක්‍ෂාවන් බිඳ දැමීමකි. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමට යොදාගත් නව ඉසඩ් ලකුණු අගය සකස්‌ කිරීම සිසුන්ට හා දෙමව්පියන්ට ඇතුළු සියලු ජනතාවට පූර්ව දැනුම්දීමකින් තොරව කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තවත් වරදක්‌ කර ඇති බැව් තීන්දුවේ සඳහන් කර ඇත.

    2011 අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ සිසු සිසුවියන් පෙනී සිටි අතර ඉන් වැඩිදෙනෙක්‌ නව විෂය නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි අය වෙති.

    පැරණි සහ නව විෂය නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ලකුණු එකට ගණනය කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ද විනිසුරු මඬුල්ල තීරණය කළේය.

    2011 පැවැත් වූ අ.පො.ස. උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙසද පෙත්සම්වලින් ඉල්ලීමක්‌ කර තිබුණ නමුත් එවැනි නියෝගයක්‌ කිරීමට තරම් පැහැදිලි හේතුවක්‌ දක්‌නට නැතැයි නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    වී. භාෂිත කවිරත්න වල්ගම මාතර, පී. ඩී. චන්දන පොල්ගහවෙල, මොහමඩ් රමිෂාන් කොළඹ 14, දිමුතු කාංචන අමරසිංහ කටුකලියාව මිහින්තලේ, බී. කේ. ඩී. කේ. රොද්‍රිගු පුත්තලම, මදුභාෂනී ප්‍රේමදාස මාබෝපිටිය අලව්ව, සාරද වික්‍රමසිංහ මාතර, චානිකා පීරිස්‌ මාතර, චතුමාලි සේනාරත්න උඩුපිල, මිරිස්‌ස, සමිදි සත්සරනි නාවිමන මාතර, කෝෂිලා ගිහානි මාතර පඹුරන, ඉමෝදි චමල්කා මහනුවර, බෝවලවත්ත, රොෂිකා මදුෂානි අත්තනායක කටුගස්‌තොට, සචින්තා වාසනා, තිලක මහනුවර, දිල්ෂාන් කවින් සිල්වා මහනුවර, සුජානි ලේනදොර ලංකා ගුරු සංගමය මෙහි පෙත්සම්කරුවෝ වෙති.

    විභාග කොමසාරිස්‌ ඩබ්ලිව්. එම්. එස්‌. ඡේ. පුෂ්පකුමාර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ආර්. ඕ. තටීල් හා නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවෝය. අධිනීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා, සංජීව රණවීර මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

    ජනාධිපති නීතිඥ පයිස්‌ මුස්‌තාපා, අධිනීතිඥ කුෂාන්ද අල්විස්‌, කෞෂල්‍යා නවරත්න, පයිසා මාර්ෂර්, සේනානි දයාරත්න අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර

    ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ නෙරින් පුල්ලේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    උ.පෙළ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල අද හෝ හෙට

    නිලන්ත මදුරාවල

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර උ.පෙළ විභාගයේ නැවත සමීක්‌ෂණ ප්‍රතිඵල අද හෝ හෙට (26 හෝ 27) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පැවැසීය.

    නැවත සමීක්‌ෂණ සඳහා අයෑදුම්පත් 140,000 ක්‌ ලැබී තිබූ අතර ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතාගෙන් විමසීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ස්ස පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කොට පැරණි නිර්දේශයෙන් ඉදිරිපත් වූ සිසුන්ගෙන් 40%ක් හා අලුත් නිර්දේශයෙන් ඉදිරිපත් වූ සිසුන්ගෙන් 60%ක් සරසවිවලට ඇතුළත් කර ගැනීමෙන්ද සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

    අද එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

    ‘‘සරසවි අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට තවමත් ආණ්ඩුව උත්තර දීලා නැහැ. ඔවුන් 11%ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවාම ඉහළම නිලධාරින්ට ඒ වැඩිවීම දුන්නා. අඩුම වැටුපක් ලබන සේවකයින්ට රුපියල් 1520ක වැටුප් වැඩිවීමක් ලැබිය යුතු වුණත් ඔවුන්ට ලබා දුන්නේ රුපියල් 520ක් විතරයි. තවත් රුපියල් 1000ක් ලැබිය යුතුව තිබෙනවා. පොදුවේ පසුගිය වසර පහ තුළදී නිසි ලෙස වැටුප් වැඩි කර නැහැ.

    සාකච්ඡා කරන්න නම් වර්ජනය නතර කර එන්න කියලා උසස් අධ්‍යාපන ඇමතිවරයා කියා තිබෙනවා. සාකච්ඡාවක් දෙන්නේ නැති නිසා තමයි ඔවුන්ට වර්ජනයට යන්න සිදු වී තිබෙන්නේ.

    ඊළඟ කරුණ තමයි ලබන ජුලි මාසේ හතර වැනිදා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ වර්ජනයක් කැඳවා තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීම ඔවුන්ගේ ප‍්‍රධාන සටන් පාඨයක්. අප‍්‍රිකාවේ ඉතාම දිළිඳු රටවල් පවා ලංකාවට වඩා වැඩි ප‍්‍රතිශතයක් අධ්‍යාපනයට වෙන් කරද්දී ලෝකයේ අඩුවෙන්ම අධ්‍යාපනයට මුදල් වෙන් කරන රටවල් 10අතරට ලංකාව අයත් වෙනවා. නිදහස් අධ්‍යාපනය තිබෙනවා කිව්වත් ඇත්ත තත්වය ඒකයි. මේ වසරේ අධ්‍යාපනයට වෙන් කර තිබෙන මුදල 1.7%ක් දක්වා අඩු කරලා තිබෙනවා. ලැබිය යුතු මුදලින් හතරෙන් එකක්වත් වෙන් කරලා නැහැ.

    මේ වර්ජනයට ආණ්ඩුව දෙන උත්තරය මොකක්ද? ජූලි හතර වැනිදා වර්ජනයට ආණ්ඩුව සූදානම් වෙන්නේ විශ්වවිධ්‍යාල ආචාර්යවරුන් එක්ක සාකච්ඡා කරලා නොවෙයි, නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ නිවසට සුදු වෑන් එවලා. ඔහුගේ දියණිය යන පාසල ගැන තොරතුරු සොයනවා.

    මේ අරගල දෙකටම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහාය පළ කරනවා.

    ඊළඟ ප‍්‍රශ්නය තමයි Z-Scoreසම්බන්ධ ප‍්‍රශ්නය. දැන් අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා. මේක මීට පෙර මේ රටේ සියලු දෙනාම කිව්වා. ආචාර්යවරුන් කිව්වා, Z-Scoreඑක හදපු තටිල් මහතා කිව්වා, ශිෂය සංගම් කිව්වා, උසස් පෙළ සිසුන් කිව්වා, දෙමාපියන් කිව්වා, බුද්ධිමතුන් කිව්වා. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් ගණන් නොගෙන ප‍්‍රතිඵලවල කිසිම ගැටලුවක් නැහැ කිව්වා.

    බොහෝ දෙනා හිතනවා කලින් ප‍්‍රතිඵල අවලංගු කළාම ප‍්‍රශ්නය ඉවරයි කියලා. නමුත් ප‍්‍රශ්නය ඉවර නැහැ. දැන් අලුතෙන් Z-Scoreලකුණු නිකුත් කරන්න පුළුවන්. නමුත් සරසවි පිවිසුම් කඩඉම් ලකුණු සීමාව හදන්නේ කොහොමද?

    දැන් කියනවා පරණ නිර්දේශයෙන් ඉදිරිපත් වූ අයගෙන් 40%කුත් අලුත් නිර්දේශයෙන් ඉදිරිපත් වූ අයගෙන් 60%කුත් බඳවා ගන්නවා කියලා. ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක්. එහෙම නම් ආණ්ඩුව ඒක විභාගයට කලින් කියන්න ඕන. විභාගය අවසන් වුණාට පස්සේ එහෙම කියන්න බැහැ. දැන් මේ පදනම මත යම් සිසුවකුට සරසවි වරම් අහිමි වුණොත් ඔහුට තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන අධිකරණයට යන්න පුළුවන්.

    ඒ නිසා ප‍්‍රශ්නය ඉවර නැහැ. ප‍්‍රශ්නය අලූත් තලයකට ගිහින් තිබෙන්නේ.

    බොහෝ දෙනෙක් හිතනවා මේක ආණ්ඩුවේ නොහැකියාව කියලා. ඇමතිවරයාගේ නොහැකියාව කියලා. නමුත් ඇත්තමට මේක නොහැකියාව නොවෙයි. මොකද, මේ ආණ්ඩුව තමන්ට විරුද්ධ මත දරන්නන් සුදු වෑන් එවලා පැහැර ගෙන යනවා. ඝාතනය කරනවා. ඒ පැහැර ගෙන යන්නේ අරගෙන ගියේ කොහේදිද, කොහොමද කියලා සාක්ෂියක්වත් නැතිව. ඒවා හරියටම කරනවා.

    උසස් පෙළ මේ අර්බුදය මේ සැරේ විභාගයට ඉදිරිපත් වෙන සිසුන්ටත් බලපානවා. නමුත් ආණ්ඩුව තවමත් ඔවුන්ට ඒ බව කියලා නැහැ. ඒක කරන්න අමතක වෙන ආණ්ඩුවට ලබන ජූලි මාසේ 4වැනිදා වර්ජනයට කලින් නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ ගෙදරට සුදු වෑන් යවන්න මතක් වෙනවා.

    සමහර එදා වේල දේශපාලනය කරන අය කියනවා දැන් බන්දුල ඉල්ලා අස් වෙන්න ඕන කියලා. එහෙම නම් ඩෙංගු මර්දනය කරන්න බැරි නිසා සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් වෙන්න ඕන. අනෙක් ඇමතිවරුත් ඉල්ල අස් වෙන්න ඕන. ඔබට මතක ඇති දැන් බන්දුල ඉල්ලා අස් වෙන්න ඕන කිව්වා වගේම පෙළ පොත්වල කුණුහරුප තියෙන නිසා සුසිල් පේ‍්‍රමජයන්ත ඉල්ලා අස්වෙන්න ඕන කියලා කිව්වා. ඊට කලින් තාරා ද මෙල් ඉල්ල අස්වෙන්න ඕන කියලා කිව්වා. ඊට කලින් රිචඞ් පතිරණ ඉල්ලා අස් වෙන්න ඕන කියලා කිව්වා. දැන් බන්දුල ගුණවර්ධන ඉල්ලා අස් වුණාම සිරින්ජර් ඇතුළට වීදුරු කටු දාලා ගෙන්නපු ඇමතිවරයා අධ්‍යාපන ඇමතිවරයාගේ පුටුවේ වාඩි කරාවි.

    ඇමතිවරු ඉල්ලා අස්වීමෙන් මේ ප‍්‍රශ්නයට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප‍්‍රශ්නය තිබෙන්නේ එතැන නොවෙයි. ජනතාවගේ පැත්තෙත් ප‍්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් කියන්න ඕන. දැන් මේ ඔක්කොම ප‍්‍රශ්න තියෙද්දී මැතිවරණ වේදිකාවට පාලකයා ඇවිත් පපුවට ‘දඩ..දඩ...’ ගාලා ගහගෙන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් තියෙනවා, ඒනිසා ඡන්දය දෙන්න කිව්වාට දෙනවා. හොරෙකුට රට බාර දීලා නිධන් වස්තු ආරක්ෂා කරන්න බැහැ, ටියුෂන් කාරයෙකුට අධ්‍යාපනය බාර දීලා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න බැහැ. උපන් ගෙයිම උද්දච්ච මිනිහෙකුට උසස් අධ්‍යාපන ඇමතිකම දීලා ආචාර්යවරුන්ට ගරු කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ බව ජනතාව තේරුම් ගත යුතුයි.

    ඒ නිසා ප‍්‍රශ්නය තිබෙන්නේ පාලකයාගේ නොවෙයි. මේ ක‍්‍රමයේ ප‍්‍රශ්නයක් තිබෙන්නේ. වෙනස් විය යුත්තේ ක‍්‍රමයයි. එවැනි වෙනසකින් විතරයි මේ ප‍්‍රශ්නවලට උත්තර සොයන්න පුළුවන්.’’

    මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතාද සහභාගි විය.