අද ද එය එසේමය. මන්ද, මේ ගජමුතු ලක්‌ෂ 10 සිට ලක්‌ෂ 50 දක්‌වා මිලකට අලෙවි වන බැවිනි.
මෙම ගජමුතු ළඟ තබා ගැනීමෙන් ස්‌පර්ශ කිරීමෙන්, එයට වැඳුම් පිදුම් කිරීමෙන්, ගෞරව කිරීමෙන් සියලු යස ඉසුරු, සැප සම්පත්, ධනය, ආදිය මෙන්ම භූමි සම්පත්, යාන වාහන වැනි මෙකී නොකී බොහෝ දේ ලැබෙන බව පුරාණයේ මෙන්ම අද ද පිළිගැනීමයි. තවද මෙම ගජමුතු ළඟ තබා ගැනීමෙන් උසස් තනතූරු, ගරුබුහුමන්ද නොඅඩුව ලැබෙන බව මතයයි මෙම ගජමුතු සතර විධ මංගල වස්‌තූන් ගණයට වැටේ. සතර විධ මංගල වස්‌තුන් ගණයට වැටෙන ධාතුන් වහන්සේ, රතුමැණික්, දක්‌ෂිණාවෘත වාලම්පුරිය හා ගජමුතු යන සතර වර්ගය ළඟ තබා ගත් පුද්ගලයාට හතර මහා නිධානය පහල වන බව පූර්වාචාරීන්ගේ මතයයි.
දළය තුළ ගජමුතු සහිත ඇතා පා තැබීමේදී රිදී සීනු හඬක් පැන නඟී. එයින් එම ඇතා ළඟ ගජමුතු ඇතැයි සොයා ගත නැත. එහිදී එම හැක. ස්‌වාභාවික තත්ත්වය යටතේ මියගිය පසු දළය තුළ ඇති ගජ මුතුව ලබා ගන්නවා විනා එම සතා මරා දළය තුළ ඇති ගජමුතු ගැනීම තුළින් විශාල අකුසල කර්මයක් සිදුවේ.
එපමණක්‌ද නොව එම ලැබෙන ගජමුතුව බල සම්පන්න භාවයෙන්ද අඩුවනු ඇත. ගජමුතු සහිත ඇතා මහා භාග්‍යවන්ත, පුණ්‍යවන්ත සතෙකි. එවැනි සතෙකු ඝාතනය කිරීම තුළින් දෙවියන්ගේ කෝපය මිස ආශීර්වාදය නොලැබෙනු ඇත.
ඒ නිසා මහා ධනස්‌කන්ධයක් වැයකර මිලදී ගන්නා ගජමුතුව ඇතාගෙන් ලබාගත් ආකාරය ගැන සැලකිලිමත් වන්න.
සතෙකුගෙන් ලබා ගන්නා වටිනාම වස්‌තුව ලෙස ගජමුතු සඳහන් කළ හැක. ගජමුතුවල ඇති බලයෙන් මාරාන්තික ග්‍රහ අපල ද දුරු වී යනු ඇත. නමුත් මෙම ගජමුතුවල සත්‍ය ගජමුතු හා ව්‍යාජ ගජමුතු ලෙස වර්ග දෙකක් ඇත. ව්‍යාජ ගජමුතුව දීප්තියෙන් තොරය. බිම වැටුණු විගස පළුදු වී ගොස් කැඩී යනු ඇත. නමුත් සත්‍ය ගජමුතුව කොන්ක්‍රීට් සහිත පොළොවක බිම ගැසුවද කැඩී යැමක් හෝ පළුඳු වීමක් සිදු නොවේ. රබර් බෝලයක් බිම ගැසූ ලෙස නැවත උඩට විසි වේ. තවද නියම ගජමුතුව ඉතා දීප්තිමත්ය. එය ඇත් දළයට හිමි රන්වන් පාටින් දිලිසේ. ඔපමට්‌ටම් කළ රවුම් හෝ ඕවල් හැඩයෙන් යුතු මුතුවකි. මෙය කුඩාම ප්‍රමාණයේ සිට තරමක බිත්තරයක ප්‍රමාණය දක්‌වා ඇත. තවද මෙම ගජමුතුව දෙස හොඳින් බැලූ විට කුඩාවට ඇතකුගේ මුහුණක් එහි ගැබ්ව ඇති බව පෙනේ. ගජමුතු ඉර එළියට හෝ ලයිට් එළියට අල්ලා බැලූ විට එම ගජමුතුව තුළ ලේ පාටක් ගැබ් වී තිබීම දැකිය හැක.
ගජමුතු ළඟ තබා ගැනීමෙන් යස ඉසුරු, සෞභාග්‍යය ලැබෙන බව සත්‍යයක් වුවද එය රෙදි කඩකින් ඔතා පෙට්‌ටගමක් තුළ තැබීමෙන් කිසිදු වාසියක් අත් නොවේ. ගජමුතුවට අවශ්‍ය වතාවත් නොකිරීමෙන් එහි ඇති බලයද අඩු වී යනු ඇත. ගජමුතුව නිතර පිරිමැදිය යුතුය. එහිදී තමාට අවශ්‍ය ප්‍රාර්ථනය සිහිකරමින් පිරිමැදිය යුතුය. දිනපතාම හෝ කෙම්මුර දවස් වන බදාදා, සෙනසුරාදා වැනි දිනක ගජමුතුව කහ වතුරෙන් මෙන්ම සුවඳ පැනින්ද සෝදා සුවඳ දුම් අල්ලා පුළුන් ඇතුරූ බඳුනක තබා තමාට යස ඉසුරු ලැබේවායි සිතිය යුතුයි.
සෞභාග්‍ය යස ඉසුරු ගෙන දෙන ගජමුතුවක් නිවැරදි නීත්‍යනුකූල ආකාරයට රැගෙන ඔබත් ඊට වතාවත් සිදු කරන්න. එවිට ඔබේ ජීවිතයටත් සිතූ පැතූ සම්පත් ගලා එනු නියතය.
source http://www.divaina.com/2016/03/27/naka09.html
Last edited:


