~All About AliExpress~

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    al61.png


    AliExpress කිව්වම ගොඩක් කට්ටිය ඒ ගැන අහල ඇතිනෙ... ඒ අතරෙ අහල නැති කට්ටියත් ඇති :yes:
    ඉතින් මම ඊ ගැන පොඩි හැදින්වීමක් කරලම වැඩේ පටන් ගන්නම් :P

    ඇත්තටම කිව්වොත් මේක ebay වගේමයි online අපිට ඕනෙ කරන දේවල් ගෙන්න ගන්න පුලුවන්.. වෙනසකට තියෙන්නෙ ebay වගේ සයිට් වල නැති අයිටම්, ඒ වගේම තියෙන ඒව අඩු ගානටත් මේකෙන් ගෙන්න ගන්න පුලුවන් :yes:
    ඒ අතරෙම තොග වශයෙන් ගන්නකොට ලොකු discounts උත් හම්බ වෙනව ;)


    එහෙනම් මුලින්ම Sign up වෙච්ච නැති කස්ටිට Sign Up වෙලාම ඉන්නකෝ :P.. වෙන හැටි කියන්න ඕනෙ නෑ නෙ... ඕක දන්නෙ නැත්තම් ඉතින් ඌ ලොවෙත් නෑ :baffled:
    එහෙම දන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් PM එකක් දාල අහගන්න thread එකෙ දන්න ගියොත් වැඩේ දික් ගැහෙනව :dull:

    දැන් එහෙනම් අපි බලමු මේකෙන් කොහොමද හරි හැටි අයිටම් එකක් හොයාගන්නෙ කියල :yes:
    නිකන් හෙව්වට වැඩක් නෑ.. ඉස්සෙල්ල අපි හරියට Results ටික Filter කරන් ඉන්න ඕනෙ :yes:

    1buo.jpg


    01. Free Shipping select කරගන්න :D

    02. දැන් Quantity eka select කරගන්න (මොකද ඊබෙ වගේ නෙවෙයි ගොඩක් අය තොග වෂයෙන් විකුණන්නෙ )
    හැබෙයි එක අයිටම් එකක් උනත් ගන්න පුලුවන් :D

    03. දැන් Price එක අඩු එකේ ඉදන් වැඩි එකට එන විදිහට හදාගන්න (Arrow එක උඩට එන්න)

    මේ ටික නිකන් හිතේ තියාගන්න, Top Rated එක දාන එක තේරුමක් නෑ ebay දන්නවනෙ Top Rated නැති උනත් ගොඩක් හොද සෙලර්ල ඉන්නව :yes:
    Ship to : Sri Lanka :P
    Shipping Method - View All දාන්න :yes:

    *දැන් මම කියල දෙන්නම් මොකද්ද මේ Seller Online කියන සෙල්ලම කියල :P
    මේක සෑහෙන වටින දෙයක් :yes:.. අපිට Online සෙල්ලර් එක්ක කථා කරල ඕන දෙයක් අහගන්න පුලුවන් (ඊ බේ වගෙ දවස් ගනන් රිප්ලයි එනකන් ඉන්න ඕනෙ නෑ) :love:

    93n5.jpg


    මේකට කියන්නෙ trademanager කියල ඒක මේ ලින්කුවෙන් බාගත කරගන්න :D
    http://trademanager.alibaba.com/
    ලොග් වෙන්න අලී එකේ දාපු user name, pass ම පාවිච්චි කරන්න පුලුවන් :yes:

    දැන් අපි බලමු කොහොමද Order එකක් Place කරන්නෙ කියල :)

    0zze.jpg


    01. Shipping Method එක තෝරගන්න. Free Shipping තියෙනව නම් ඒක මාරු කරන්න යන්න එපා කියල තමයි මන් නම් කියන්නෙ.
    මොකද අලී එකේ හැම එකටම වගේ Free Shipping උනත් Tracking Number එකක් හම්බ වෙනව හොදට Update වෙන :yes:

    02. Pieces ගාන ගැන දාල ඇති... ඒක හැම වෙලේම බලන්න

    03. Bulk Price එක (සමහර වෙලාවට ඕක ගොඩක් අඩුයි අපි වැඩියෙන් ගන්නවනම්)

    04. සෙල්ලර් ගෙ rating එක - ඕක තමයි මෙතන වැදගත්ම දේ මේකෙ ඊබෙ එකට වැඩිය හොර සෙලර් ල වැහි වැහල ඉතින් හොද සෙලර් කෙනෙක් හොයාගන්න ඕන.
    ඔය මැණිකක් වගේ වැටිල තියෙන සෙලර්ල නම් හොදටම හොදයි එහෙම කියල අනිත් අය නරකත් නෑ.. Feedback කියවල බලන්න වෙනව ඉතින් :D {90% ට වඩා වැඩිනම් අවුලක් නෑ හැබයි Feedback ගාන (feedback 100+ නම් එච්චර අවුලක් නෑ) ගැනත් සැලකිලිමත් වෙන්න :P}

    05. Seller Online එබුවම trademanager එක open වෙලා අපිට සෙලර් එක්ක කතා කරගන්න පුලුවන්, Online නැත්තම් Contact Now එකෙන් Seller ට message එකක් දාන්න ;)

    06. දැන් ඉතින් Buy කරන්න :P:


    gt1r.jpg


    01. Address එක හරියට දාන්න (ඕකට තමයි අපි order කරන දේ එන්නෙ)

    02. සෙලර් ට මොන හරි දෙයක් order එක එවද්දි වෙන්න ඕනෙ නම් ඒක ඔතන සදහන් කරන්න.

    03. Order එක Place කරන්න දැන් :P

    දැන් ඉතින් අපි Place කර order එකට සල්ලි ගෙවන්නයි හදන්නෙ :P.. මේක ebay එකේ වගේ paypal වලින් ගෙවන්න බෑ :no:
    ඒත් Ali එකෙන් Buyer Protection දෙනව 60days යනකන්... ඒ කියන්නෙ ඒ කාල සීමාව ඇතුලත අයිටම් එක ආවෙ නැත්තම් හරි අයිටම් එකේ මොනා හරි අවුලක් තියෙනව නම් (ඒකට සෙලර්ගෙන් කිසිම සහනයක් නැති උනොත්) Ali එකේ Dispute එකක් අරින්න පුලුවන් :dull:
    http://www.aliexpress.com/buyerprotection/index.html
    ebay වගේම තමයි... seller ඒකටත් reply කරේ නැති උනොත් Ali එකෙන් ඒක review කරල අපිට සාදාරනයක් කරනව :D :love:

    b37x.jpg


    01. සල්ලි ගෙවන්න අපිට Visa හෝ MasterCard එකක් use කරන්න පුලුවන්.

    දැන් අදාල දේවල් පුරවලා 02. Pay My Order කරන්න.
    දැන් ඉතින් වැඩේ ගොඩ :P

    tf2i.jpg


    දැන් අපි ඔය order කරන ඒව ebay එකෙ My ebay page එකේ පෙන්වනව වගේ මේකෙත් Transactions වල පෙන්වනව :D
    ඒ හැම order එකක් ඉස්සරහින්ම Confirm Order Received, Open Dispute කියල තියෙනව :yes:
    Confirm Order Received - මේකෙන් වෙන්නෙ අපිට order එක ලැබිච්ච බව තහවුරු කිරීමත්, සෙලර්ට feedback එකක් දෙන්නත් පුලුවන් :yes:
    හැබයි මතක තියාගන්න.. මේක එබුවට පස්සෙ අපිට Dispute Open කරන්න බෑ :no: (අනිත් එක ඕක ඔබපුවම තමයි අපි ගෙවපු සල්ලි සෙලර්ට රිලීස් වෙන්නෙ.. නැත්තම් දවස් 60කට පස්සෙ තමයි රිලීස් වෙන්නෙ)
    Open Dispute - අයිටම් එකේ මොකක් හරි අවුලක් සෙලර් එක්ක විසදගන්න බැරි උනොත් (60days දක්වා පමණයි)
    සල්ලි මොනා හරි refund උනොත් ඒකත් ebay වගේම තමයි.. සතියක් විතර යනව ඒක අපේ account එකට වැටෙන්න ;)

    මේ ඔක්කොම මගෙ අත්දැකීමෙන්ම ලියපුව :yes:
    මොනව හරි තියෙනව නම් අහන්න... මගෙ අත් දෙකෙන්මයි Type කරෙත් (Also Screen Shots) ඉතින් රෙපක් දීල ගියාට තරහා නෑ හොදේ :P
    තව ඔයගොල්ල දන්න දන්න හොද AliExpress item මේ ත්‍රෙඩ් එකේ post කරන්න, වැරදි තියෙනව නම් හදන්න :)



     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    • Like
    Reactions: BlueBat

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    අලිබබා පැත්ත ගැන කලින් විශ්වාශයක් තිබ්බෙ නැ,, දැන් නම් එල. ..
    තැන්ක්ස් මචො උබට. . මගෙන් Rep+
     
    • Like
    Reactions: Dinosaur767

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මචන් කවුරු හරි කියනවද ෆෝන් එකක් ගෙනවානම් tax ගහයි ද කියලා .......

    USD 100-120 valued......
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචන් කවුරු හරි කියනවද ෆෝන් එකක් ගෙනවානම් tax ගහයි ද කියලා .......

    USD 100-120 valued......

    Ahu unoth gahai, natham gedaratama ei. Seller ta kianna pettiya kadala, electronic parts wage ekak daala eawanna kiala...
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Ahu unoth gahai, natham gedaratama ei. Seller ta kianna pettiya kadala, electronic parts wage ekak daala eawanna kiala...

    මචන් ඌ කියනවා gift එකක් වගේ එවන්නේ කියලා ......අවුල්ද ??? ඒ වගේම පෙට්ටිය කඩල ගත්තොත් උන්ව sure කරන්න පුලුවන්ද ????:rolleyes::rolleyes::rolleyes:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචන් ඌ කියනවා gift එකක් වගේ එවන්නේ කියලා ......අවුල්ද ??? ඒ වගේම පෙට්ටිය කඩල ගත්තොත් උන්ව sure කරන්න පුලුවන්ද ????:rolleyes::rolleyes::rolleyes:


    Monawa kalath phone kiala gahala thebunoth ahu wenna theyana chance eka wadi, awla theyanne tax eka namei trc ehema yanna wena rasthiyaaduwa...
     
    • Like
    Reactions: Dinosaur767