all about Mr.Mahinda Rajapakshe

Frodo baggins

Member
Dec 26, 2008
50
3
0
Shire
අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා
President.jpg
SLGovLogo.gif


ශ්*රී ලංකා ප්*රජාතාන්ත්*රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ රාජ්*යආරක්ෂක, මහජන ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ අමාත්*ය​

ජන*ාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්*රී ලංකාවේ සුප්*රකට දේශපාලන පවුලකින් පැවතෙන්නෙකි. 1947 සිට 1965 දක්වා දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්*රික්කයේ බෙලිඅත්ත ආසනය පාර්ලිමේන්තුවේ නියෝජනය කළ ඩී. ඒ. රාජපක්ෂ මහතා ඔහුගේ පියාය. පළමුවන රාජ්*ය මන්ත්*රණ සභාවේ (1931) හම්බන්තොට නියෝජනය කළ රැහුණේ සිංහයා නම් විරුදාවලී ලත් ඩීඑම් රාජපක්ෂ මහතා ඔහුගේ මහප්පාය.
තම ප්*රදේශවාසී අහිංසක ගොවි ජනතාවගේ ප්*රධාන කෘෂි භෝගය වූ කුරහන් පාට සංකේතවත් කරමින් ඔහු පැළඳි තද දුඹුරු කරහන් සාටකය ඩී.එම්. සහ මහින්ද පිය පුත්*ර දෙදෙනාගේ ද උතුරු සළුව බවට පත් විය.
ජනාධිපතිවරයාගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා දෘඩෝත්සාහයෙන් අවංකව හා නිර්භීතව තමා වෙත පැවරුණු රාජකාරී සහ යුතුකම් ඉටු කළ සුප්*රසිද්ධ ජන න*ායකයෙක් විය.
ශිරන්ති රාජපක්ෂ මැතිණිය සමග විවාහ වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුතුන් තිදෙනෙකුගේ පියෙකි.
අධ්*යාපන ජීවිතයේ මුල් අවධිය
1945 නොවැම්බර් 18 වෙනි දින දක්ෂිණ ශ්*රී ලංකාවේ ඉතා දුර බැහැර ගම්මානයක් වූ වීරකැටියේ උපත ලද මහින්ද රාජපක්ෂ මහතා ගාල්ලේ රිච්මන්ඩ් විද්*යාලයේත් ඉන් අනතුරුව කොළඹ නාලන්දා හා තර්ස්ටන් යන විදුහල් වලත් අධ්*යාපනය ලබා ඇත.
1974 කොළඹ නීති විද්*යාලයෙන් නීතිඥවරයෙකු වශයෙන් සමත් වූ ඔහු නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව කෙළඹත් තංගල්ලේත් නීතිඥ වෘත්තියෙහි යෙදුනේය. මානව අයිතිවාසිකම් ක්ෂේත්*රයෙහි ඔහු විශේෂ උනන්දුවක් දැක්වීය.
දේශපාලන ජීවිතය
මහින්ද රාජපක්ෂ මහතා ප්*රථම වරට 1970 මැතිවරණයේ දී බෙලිඅත්ත ආසනයෙන් ශ්*රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්*රීවරයෙකු වශයෙන් තේරී පත් විය. වයස අවුරුදු 24 ක් වූ හෙතෙම එම පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත්*රීවරයා විය.
1977 මැතිවරණයේ දී ශ්*රී ලංකා නිදහස් පක්ෂය මුහුණ පෑ බරපතල පරාජයේ දී ඔහුට බෙලිඅත්ත ආසනය අහිමි වූ මුත් 1989 මැතිවරණයේ දී හම්බන්තොට ආසනයෙන් යළි පාර්ලිමේන්තුවට තේරී පත් විය.
තම දේශපාලන ජීවිතය ආරම්භයේ සිටම මැද - වම ප්*රතිපත්තියක් අනුගමනය කළ රාජපක්ෂ මහතා කම්කරු හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වී කටයුතු කළ අතර මානව හිමිකම් සඳහා වූ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්*රමුඛ සාමජිකයෙක් ද විය.
1988 -90 ධවල භීෂණ සමයේ අතුරුදන් වූවන් වෙනුවෙන් දොස්තර මනෝරාණි මිය සමග එකතුව මව්වරුන්ගේ පෙරමුණ සංවිධානය කිරීමෙන් ඔහු නායකයෙකු වශයෙන් කලඑළි බැස්සේය.
1980 සිට වසර 25 ඔහු ශ්*රී ලංකා පලස්තීන් සහයෝගීතා කොමිටියේ සභාපති වශයෙන් කටයුතු කළ අතර ස්වෛරී පලස්තීන රාජ්*ය රාමුවක් තුල මැද පෙරදිග ගැටළුවට සාමාකාමී විසඳුමක් සෙවීමෙහි ලා විශාල උනන්දුවක් දැක්වීය.
ඔහුගේ සහෝදරයෙකු වන චමල් රාජපක්ෂ මහතා 1985 මුල්කිරිගල ආසනයට ශ්*රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදි අවස්ථාවේ අනවසරයෙන් ගිනි අවි ලඟ තබා ගැනීමේ ඔප්පු නොවූ චෝදනාවක් මත එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
1989 හම්බන්තොට දිස්ත්*රික්කයෙන් යළි පාර්ලිමේන්තුවට තේරී පත් විය.
1994 මහමැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1994 වසරේ පත්වූ කුමාරතුංග රජයේ කම්කරු ඇමතිවරයා වශයෙන්ද මහින්ද රාජපක්ෂ මැතිතුමා ලත් කරන ලදී.
ඉන් පසු ඔහු විසින් ඉටු කරන ලද සේවය අති විශිෂ්ටයි.
  • ධීවර බවුල් සඳහා දියවර ගම්මාන ව්*යාපෘතිය
  • සාගර විශ්ව විද්*යාලයක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කිරීම.
  • ධීවරයන් සඳහා ඉදිවර බැංකු ක්*රමය
  • නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීමට හා ශ්*රී ලංකාවේ වෙරළබඩ ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද වෙරළාරක්ෂක මුර සේවය.
  • තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ධීවරයන්ට සන්නිවේදන උපකරණ සැපයීම.
  • ධීවර අමාත්*යධූරයට අමතරව වරාය හා නාවුක කටයුතු අමාත්*යාංශයේ ඉසුලූ මාස 03 ක කෙටි කාලය තුළ හමුබන්තොට වරාය ඉදි කිරීමේ මූලික පියවර ගැනීම.
2004 වසරේ පැවති මැතිවරණයෙන් පසු 2004.04.06 වන දා අගමැති පදවියට පත් විය.
ඔහුගේ 60 වෙනි උපන් දිනයේදී එනම් 2005 නොවැම්බර් 18 - ඔහු ශ්*රී ලංකාවේ 5 වෙනි ජනාධිපති වශයෙන් තේරී පත්විය.