Almighty IMF Savior??

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113

    IMF ණය සිහිනයත් බොද වෙයිලු.. වහා විකල්පයක් සොයන්නලු..


    ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයකින් ගැලවීම සඳහා ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම යන විසඳුමෙන් ඉන් ඉවත් වීමට කාලය පැමිණ ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

    තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාදෙන්නේ නම් ලංකාවට ණය ලබාදී ඇති සියලූ පාර්ශ්වයන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතු බවට ඔවුන් විසින් නිවේදනය කර ඇති බවයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණයහිමියකු වන චීනයට ඇති ණය ප්රතිව්යුහගත කිරීමට සාකච්ඡා අරමුණ ලෙස ද මූල්‍ය අරමුදල දන්වා ඇතත් ඔවුන් තමන්ගේ ණය ප්රතිව්යුහගත කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත්දැයි සැක සහිද බවද හෙතෙම කියා සිටියි.

    එනිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමද සිහිනයක් විය හැකි බැවින් විකල්ප වෙත අවධානය යොමු කළ යුතුව ඇතැයි ද හෙතෙම තවදුරටත් සදහන් කර ඇත.
    1659086108294.png



    22.png