amazan lanka

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    machan amazan lanka eke dala thiyana dewal aththada.ehema online job karala salli gaththa aya innawada.plz kiyapalla.matath gedara inna nisa karanna hithenawaa.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එක ප්‍රෝඩාවක් මචන්.
    ඊට වඩා හොදයි උඹට තනියම ඉගෙන ගන්න එක. එතකොට අත්දැකීම් වත් එනවනේ. ගුගුල් කරලා බලපන්.
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    එක ප්‍රෝඩාවක් මචන්.
    ඊට වඩා හොදයි උඹට තනියම ඉගෙන ගන්න එක. එතකොට අත්දැකීම් වත් එනවනේ. ගුගුල් කරලා බලපන්.

    thanks machann
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Amazon Lanka කියන්නේ මොකක්ද කියලා දැන් හැමෝම දන්නවා ඇතිනේ.පත්තරේ ඇඩ් දදා හිටපු Amazon Lanka දැන් Sha FM එකෙත් ඇඩ් දානවා.ඒක පටන් ගත්තේ මීට මාස කිහිපයකට පෙර.ලෝකයටම දානපතිනය වගේ ඉන්න සෝමා එදිරිසිංහලා බලන්නේ සල්ලි වලට ගූත් කන්න.ඒක නිසා මුදල් ඉපයීම පමණක් පරමාර්ථ කර ගත් මේ EAP මාධ්‍ය ජාලය හරහා ඕන දැන්වීමක් ප්‍රචාරණය කර ගන්න පුලුවන් සල්ලි ගෙවනවා නම්.ආයේ ගණිකා මඩමක වුණත් ප්‍රභාකරන්ගේ දැන්වීමක් වුණත් Chanel 4 එකෙන් දුන්නත් ප්‍රවාරණය කරනවා.

    ඒ වගේම අනිත් Chanel එක තමා CSN කියන්නේ.රාජයේ ලියාපදිංචි අංක තියෙන නිසාද කියන්න දන්නේ නැහැ මෙයාලා මේ දැන්වීම පල කරනවා.කොහොම වුණත් කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නැහැ.හිටගෙන කිව්වත් ඉදගෙන කිව්වත් ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇදුම් ගලවලා කිව්වත් බොරුව නම් බොරුවම තමයි.TV එකේ ඇඩ් දැමීමෙන් ලොකු Publish වීමක් වෙනවා.ඒකෙන් ‍රැවටෙන පිරිස වැඩිවෙන නිසයි මේ ලිපිය ලියන්න හිතුනේ.මේ වගේ දේවල් නිසා මොරාල් නැගලා ආයේ ලිපි ලියන්න හිතෙනවා.

    මේ TV එකේ ඇඩ් දකින ගෘහණියෝ ළමයි හා සැමියා නිවසින් පිට වුනාම ගෙදර වැඩ ඉක්මනට කරලා ඕප දූප කියවන වෙලාවේ ඉන්ටර්නෙට් එකෙන් කීයක් හරි හොයාගන්න ඕන කියලා හිතයි.ඒ වගේම A/L කරපු ලිදේ ඉන්න ගෙම්බෝ වගේ පිරිස්ගේද සිත් ඇදී යන්න පුලුවන්.ඒ වගේම මේ පාර O/L ලියන අයත් මේවා දැකලා O/L ඉවර වෙලා මේකට සහභාගි වෙන්න පුලුවන්,එතකොට ඔය කෝච්චියට පැනලා ගගේ පැනලා සියදි හානි කර ගන්න අයත් මේකෙන් ගොඩ යන්න උත්සාහ කරයි.විශේෂයෙන්ම මේ ඇඩ් දකින Facebook වීරයෝ මේකට හසුවෙන්න පුලුවන්.සියල්ල දත් පුකෙත් දත් විදියට ඉන්න තාම පැය විසි හතරම ඔන්ලයින් ඉන්න Android Touch Smart Phone IPhone Use කලාට තාම ලින්ක් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයත් මේකට හසුවෙන්න පුලුවන්.ඉස්සර කාඩ්බෝඩ් වීරයෝ හිටියට දැන් ඉන්නේ Facebook වීරයෝ.එයාලගේ Profile එක බැලුවම පට්ට පොරවල් වගේ පේනවා.බට් උන් මහම මහ පී ඩයල්.

    ඉතිං ඔන්න ඔය අතරතුරේ මමත් පටන්න ගත්තා පාඨමාලාවක්.ඒකෙන් ලංකාවේ ඉදන් මසකට රුපියල් ලක්ෂයකට වඩා උපයන්න පුලුවන්.අය කිරීම රු.5000.වැඩි විස්තර 075-6822485න්.
    1.උදේ 5 ඉදන් 6 වෙනකන් පත්තර බෙදීමෙන් 10,000ක්ද
    2.උදේ 6 ඉදන් 7 වෙනකන් පෝරණුපාන් විකිණීමෙන් 12,000ක්ද
    3.උදේ 7 ඉදන් 8 වෙනකන් ළමයි පාසල් වලට එක්ක යාමෙන් රු 13,000ක් ද
    4.උදේ 8 ඉදන් 9 වෙනකන් වැඩට යනකොට බස් එකේ පොත් විකිණීමෙන් 10,000ක්ද
    5.‍රැකියාවෙන් 25,000ක්ද
    6.Office එකේ Lunch & Tea Time එකේ කැන්ටිමේ වැඩ කිරීමෙන් 10,000ක්ද
    7.හවසට පොරණු පාන් විකිණීමෙන් 10,000ක්ද
    8.රෑ 7න් පස්සේ ත්‍රීවිල් පැදීමෙන් 10,000ක්ද ඉපයිය හැක.

    *****අවම වශයෙන් 30,000ක් ඉපයිය හැක.*****

    සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවා ගන්න බැවින් කලින්ම මුදල් ගෙවා ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    මෙම පාඨමාලාවට සහභාගී වන ඔබට,
    1.ත්‍රීවිල් පැදීමට පුහුණුවක්
    2.බයිසිකල් පැදීමට පුහුණුවක්
    3.පිටරට සුද්දෝ පත්තර බෙදන ආකාරය හා ඉන්දියාවේ මිනිස්සු ත්‍රීවිල් පදින ආකාරය නැරඹීමට රටවල් 150ක චැනල් 10,000ක් නැරඹිය හැකි satellite TV
    4.Self Learning Video ඇතුලත් CD & DVD
    5.මේ සියලු ක්‍රියාකාරකම් වලට අදාල නිබන්ධන කට්ටලයක්
    6.වටිනා සහතික පත්‍රයක්ද නොමිලේ හිමිවේ.

    මේ අපේ පාඨමාලාවට සහභාගී වුණ කිහිපදෙනෙකුගේ අදහස්...


    1.මගේ වැ‍ටුප 15,000 දැන් මම මේ පාඨමාලාව හදාරලා මසකට රුපිය මිලියන 15ක් හොයනවා.ඔබත් අදම පියනගන්න.

    2.මම එල්ලෙන්න වැල් නැතුව හිටියේ.ඊට පස්සේ රෑට හොරෙන් පොල් කඩන ගමන් මේ පාඨමාලාව හැදෑරුවා.අද මන් පොල් කැඩීමට අමතරව රු කෝටියක් හොයනවා මසකට.

    3.මම මේ පාඨමාලාවට සහභාහී වුණේ A/L ඉවර වුණාම.Results අඩු වුණා කියලා මට දැන් අවුලක් නැහැ.මම දැන් ඉංජිනේරුවෙක්ගේ පඩියට සමාන මුදලක් හොයනවා.



    ඉතිං ඉහත පාඨමාලාව වගේ තමා Amazon Lanka එකේ පාඨමාලවත්.බොලද නොවී තාත්විකව හා ප්‍රායෝගිකව සිතා බලන්න අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැක.නමුත් ඔය කියන විදියට බැහැ.ඒ සදහා ඔබ හැකියාවෙන් යුත් දැනුමින් යුත් සුදුසුකම් වලින් සමන්විත කෙනෙක් වෙන්න ඕන.

    මේ ඇඩ් තුලින් අපේ මිනිස්සු තුල අසීමිත් බලාපොරොත්තු ඇති කරනවා.මොකද ඉස්කෝලේ යන එවුන්ට අන්තර්ජාලය ගැන උගන්වන කොට ඊමේල් යවන්න පුලුවන්.අරකයි මේකයි කියලා අන්තිමේට උගන්වනවා දැන් ලෝකේ දියුණුයි ඒක නිසා අන්තර්ජාලයෙන් වැඩ කරලා මුදල් උපයන්න පුලුවන් කියලා.ඒ මග මේක කියලා උන් හිතලා මේවට අහු වෙනවා.තවද මේවට සහභාගී වුණ අය Bux Site වල Membership වලට Referral ලා ගැනීමට තමන්ගේ Credit or Debit Card හරහා ගෙවීම් සිදුකරනවා.තව සමහරු Forex කරලා රු ලක්ෂයක් විතර නැති කර ගන්නවා.ඕකයි වෙන්නේ.

    මේ ඇඩ් දකින අන්තර්ජාලයෙන් මසකට රුපියල් 10,000 කට අඩුවෙන් හොයන අය ඉන්නවා.ඒ අය එහෙම මේ පාඨමාලාවට නොයන්නේ මේක බොරුවක් කියලා හැම තැනම දැකලා තියෙන නිසා.ඒත් මේ TV එකෙත් ඇඩ් දකින කොට මේ බොරුවක් කියලා හිතෙන්නේ නැතිව යනවා.ඒක නිසා මේ පාඨමාලාවට යන්න පුලුවන් එක නිසයි ඒ අයව දැනුවත් කරන්න මේ ලිපිය ලිව්වේ.අපට අවශ්‍ය 99% දේවල් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුලුවන්,ඒවයින් 75% විතර දැන් සිංහලෙන්ම හොයාගන්න පුලුවන්.

    ඒ වගේම මගේ බ්ලොග් එකෙනුත් තවත් බ්ලොග් වලිනුත් ඉගෙන ගන්න පුලුවන්._iplusblog එකේ ඔක්කෝම ලිපි මම අන්තිම ලිපියෙන් දුන්නා.ඒ වගේම මගේ බ්ලොග් එකේ සමරහ ලිපි යල් පැනලා.ඒවා හදුනා ගැනීම ඔබේ වගකීමක්.ඒ කියන්නේ විශේෂයෙන් ඇඩ්සෙන්ස්.ඉස්සර ඉම්ප්‍රශන් 20,000 එනකොට ක්ලික් 500 ආදායම $100.. බට් දැන් ඉම්ප්‍රශන් 20,000 ක්ලික් 800 ආදායම $5-10..ඒ වුණාට Freelancer හා PeoplePerHour හරහා හොදට උපයන්න පුලුවන්.ඒ වගේම Fiverr Gigbucks Odesk හරහාත් පුලුවන්. ( මේ අඩවි තුනේ මම වැඩ කරන්නේ නැහැ)

    Amazon Lanka ඔච්චර Emoney ගැන කථා කරනවා.මෙයාලා කියනවා Web designing සිදුකර 30,000ක් හොයන්න.ඒත් මෙයාලගේ වෙබ් අඩචිය බලන්න එපැයි.ඒක අහක බලන් දාපු කොත්තු රොටියක් වගේ.හරියට බ්ලොග් එකක්වත් හදා ගන්න බැරි Amazon Lanka වලින් තව මොන Emoney ද?ඉතිං මේ ලිපිය Amazon Lanka වලට විතරක් නෙමෙ වලංගු.Path Academy,Summerset college දක්ෂිණ ලංකා ඇතුලු ඔක්කෝටම වලංගුයි.එහෙනම් මේ ලිපිය හැකි තරම් ඔබ කැමති නම් Share කරන්න