Amazing Israel Part 6 - Worlds most secured Airline !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amazing Israel Part 6 - Worlds most secured Airline ?? !

    - ලෝකයේ ආරක්ෂිතම ගුවන් සේවය ???? -

    ඊශ්‍රායල ගුවන් යානයක් කෑලි වලට පුපුරලා යනවා දකින්න කැමති මිනිස්සු මිලියන
    ගනනින් මේ ලෝකෙ ඉන්නවා. පුංචි යුදෙව් රටක් වන මෙයාලගෙ වටේ ඉන්න මුස්ලිම්
    රටවල් කවුරුත් මිත්‍රශීලී නෑ.

    තමන්ගේ කලාපයෙන් රටක් කඩලා ගත්තම මුස්ලිම් මිනිස්සුන්ට මල පනින එකත් වැරදි-ම කියන්නත් බෑ :P


    29qt2njnr181e6z6g.jpg



    සාමාන්‍ය මගී ගුවන් යානයක් විදිහට පෙනුනත්. මේ නිල්-සුදු වර්ණයන් ගේ පිටිපස්සේ
    විශිෂ්ඨත්වයේ අපූරු කතාවක් තියෙනවා.

    ඒ තමයි අසල්වාසී රටවල් හැමෝම තරහ වුනත්..
    මොන තරම් අන්තරායන් මැද ගුවන් ගත වුණත්
    ඊශ්‍රායලයේ කිසිම plane එකක් අවුරුදු 40ක් පුරාවට කිසිම ත්‍රස්ථ ප්‍රහාරයකට ලක්
    නොවී තිබීම.

    අද වෙනකොට ලෝකෙ හොඳම Anti-Terrorist විශෙෂඥයෝ, ගුවන් ආරක්ෂක උපදේෂකයෝ මෙයාලට ඉන්නවා.

    g3zm8wp2vcye41c6g.jpg


    මේ ඉන්න කවුද කියල හැමෝම දන්නවා ඇති. මැලේසියාවෙන්
    සිංගප්පූරු රාජ්‍ය පිටුවහල් කරපු කාලේ කලාපයේ තිබ්බේ හරිම
    අස්ථාවර තත්වයක්. ඒත් අලුත් රටක් විදිහට පටන් ගත්තු
    සිංග්ප්පූරුව ' මෙක්සිකානුවොන් ' ගෙ උදව් ඇතුව අග්නිදිග
    ආසියාවේ කාර්‍යක්ෂතම ගුවන් හා ආරක්ෂක සේවා අතරට එනවා.


    'Lee Kwan Yew' අවුරුදු 2000 දී පොතක් එලි දක්වනවා "From Third World to First" කියලා.

    ඒකෙන් අවුරුදු 40ක් තිස්සේ සැඟවුණු රහසක් එළි වෙනවා. මෙක්සිකානුවෝ කියන්නේ වෙන
    කවුරුත් නෙවෙයි ඊශ්‍රාලයෙන් ආපු ආරක්ෂක
    උපදේශකයෝ.

    ප්‍රසිද්ධියේ ඊශ්‍රායලයෙන් උදව් ගත්තොත් වටේම ඉන්න මුස්ලිම් රටවල උදහසට ලක්වෙන
    හැටි මෙයා කල් තියා දැක්කා. සිංගප්පූරුවට බොන්න වතුර පවා ලැබුනේ මුස්ලිම් රටක්
    වන මැලේසියාවෙන්.

    ඒ නිසා තමයි සිංගප්පූරුව ආරක්ෂිත බලවතෙක් විදිහට ඔසවා තැබීමේ ගෞරවය
    මෙක්සිකෝවට බැර කරලා ඇඟ බේරගන්නේ.

    ඊශ්‍රායල ආරක්ෂක අංශ ගුරු කරගෙන හැදුනු නිසා අද මෙයාලට ලෝකයේ හතර දිගින්
    එන මිනිස්සුන්ට On arrival Visa දීලා රට ඇතුලට ගන්න ගමන්.....රටේ ආරක්ෂාව
    ඉහලින්ම රකින්න පුළුවන් වෙලා තියෙනවා.

    ඊශ්‍රායලය ලෝකයේ Global Militarization Index වලින් 1 වෙද්දී, ඒ මාර්ගයේම යමින්
    2007 ඉඳන් සිංගප්පූරුව 2, 3 වෙනි ස්ථාන දිගින් දිගටම වාර්ථා කරනවා.

    hi27tzsizozett06g.jpg


    Lee Kwan Yew ගෙ පුතා පස්සෙ කාලෙක සිංගප්පූරු අගමැති විදිහට ප්‍රසිද්ධියේම
    ඊශ්‍රායලයට එනවා. අද මේ දෙරටේම විද්‍යාඥයන් එකතු වෙලා නවීනතම ආයුධ
    නිපදවනවා.

    1968 දී ඊශ්‍රායල El Al 253 යානාවට ග්‍රීසියේ ඇතන්ස් නුවර airport එකේදී ප්‍රහාරයක් එල්ල
    වුණා. ඒකෙන් ඊශ්‍රායල ඉංජිනේරුවෙක් මරණයට පත්වුණා. ඒ ප්‍රහාරය එල්ල කළේ
    ලෙබනනයේ හිටපු පලස්තීන ත්‍රස්ථවාදීන්.

    "ඇසට ඇසක්..දතට දතක්" කියන වෛරී සංකල්පය යුදෙව් බයිබලයේම තියෙන
    දෙයක්.
    ඉතිං නිව්ටන් ගේ 3 වෙනි නියමය ක්‍රියාත්මක වෙන්න වැඩි දවසක් ගියේ නෑ.

    ප්‍රහාරයෙන් දවස් 2 කට පස්සේ දෙසැම්බර් 28 වෙනිදා ලෙබනන් අගනුවර Beirut
    ගුවන්තොටුපලට විශේෂ දවසක් වුණේ නැහැ.

    නමුත් හදිසියේම ගුවන්තොටුපලට හෙලිකොප්ටරයක් ගොඩ බානවා. ඒකෙන් ආපු
    හඳුනා නොගත් කමාන්ඩෝ භටයන් ගුවන් තොටුපලේ මුළු ආරක්ෂක අංශයත් එක්කම

    හැප්පිලා ගුවන් යානා 14ක් ගිනි තියලා තමයි ආපහු ගුවන්ගත වුණේ (Operation Gift).

    lpqfxix93d6xibo6g.jpg
    illustrative photo

    එක පාරටම මතුවෙලා කිසිම සළකුනක් නැතුව අතුරුදහන් වුන මේ හමුදා භටයෝ කවුද?
    මොන රටේ ද? කියන්න මුලදී කිසිම කෙනෙක්ට පුළුවන් වුණේ නෑ.

    ඒත් ඒ අයගේ කාර්‍යශූරත්වය සාර්ථක බුද්ධි තොරතුරු සහ දක්ෂ pilot වරු ගැන ටිකෙන්
    ටික හැමෝටම තේරෙන්න ගත්තා.

    මුළු මැදපෙරදිගින්ම.... කිසිම රේඩාර් එකකට අසු නොවී මහ දවාලේ airport එකකට
    බැහැලා මෙහෙම කෙරුම්කාර වැඩක් කරන්න පුළුවන් එකම රට ඊශ්‍රායලය ඉන්නේ
    ලෙබනනයට අල්ලපු වැටේ.

    අද මේ වගේ ඇඟට පතට නොදැනී ලඟටම ඇවිල්ලා කොකා ගස්සන්න තරම් කාර්‍යක්ෂමව
    ක්‍රියාත්මක උනත් මෙයාලත් දණ ගාපු කාලයක් තිබුණා.

    1968 ජුලි 23 ඊශ්‍රායලය ජාතික ගුවන් සේවයේ El Al 426 ගුවන්යානය ලන්ඩන් ඉඳන් ආපහු
    එද්දී පලස්තීනුවන් ගුවනේදී පැහැරගන්නවා. ඒකේ හිටපු මිනිස්සුන්ව බේරගන්න
    ඊශ්‍රායලය රජයට හිරකරුවන් රැසක් නිදහස් කරන්න වෙනවා.
    (ඒ තමයි පළවෙනි සහ අවසාන සාර්ථක පැහැරගැනීම)

    1972 දී රෝමයේ ඉඳන් Air France ගුවන් යානයේ ආපු ජපාන ත්‍රස්තවාදීන් (Japanese Red
    Army)ඊශ්‍රායල Ben Gurion airport එකේදී මිනිස්සු 26ක් ඝාතනය කරනවා.

    iuaqbrsr38rz4ty6g.jpg


    මේ දෙකේදීම ගුවන් යානය ආවේ වෙන රටක ඉඳන්. ඒ වගේම

    කවදාකවත් Ben Gurion ගුවන් තොටුපලෙන් පිටත් වුණ ගුවන් යානයක් පැහරගෙන
    නැහැ.

    ඉතිං මේ අවස්ථා දෙකේදීම රටින් පිට Airports වල වැරදි නිසා තමයි ඊශ්‍රායලයට බැට
    කන්න උනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

    ඒත් අරයට මෙයාට ඇඟිල්ල දික් කර කර ඉන්න මෙයාලට පුළුවන් කමක් තිබුණෙ නැහැ.

    ඒක නිසා රටේ ඉඳන් යන (Departing) වගේම රටට එන (Arriving) ගුවන් යානා වල
    වගකීමත් කරට අරගෙන.....
    අසල්වාසීන් හැමෝගෙන්ම වෛරයට ලක්වුණු රටක් විදිහට.....
    තමන්ගේ Airports ලෝකයේ ආරක්ෂිතම ඒවා කරනවා ඇරෙන්න
    ඊශ්‍රායල නායකයොන්ට වෙන විසඳුමක් තිබුනෙ-ත් නෑ.

    එදා ඉඳන් අද වෙනකම් කිසිම El Al ගුවන්යානයක් පැහැරගන්න Airport එකට ප්‍රහාර
    එල්ල කරන්න ඊශ්‍රායලට සතුරු කිසිම රටකට පුළුවන් වුණේ නැහැ
    5ag9gv9w2qhfk9s6g.jpg

    පින්තූරයේ පේන විදිහටම Ben Gurion ගුවන්තොටුපල තියෙන්නේ පහත් බිමක. ලඟින්ම

    තියෙන West Bank කියන්නේ පලස්තීන මුස්ලිම්වරු පවා ජීවත් වෙන කඳුකර ප්‍රදේශයක්.

    මේ තියෙන්නේ කඳු උඩ ඉන්න මිනිස්සුන්ට කඳු පාමුල තියෙන Ben Gurion Airport එකේ
    track එක, planes එහෙම යන එන හැටි බොහොම පැහැදිලිව පේන හැටි.

    n05mc4k4y8v8xdo6g.jpg


    ඉතිං Airport එකට.. ඒවයින් ඉගිල්ලෙන plane එකකට හානි කරන්න නං දියුණු අවි ආයුධ,
    rockets ඕනෙ වෙන්නෙ නෑ.

    උඩ ඉන්න කෙනෙක්ට කරේ තියාගෙන එල්ල කරන එකම එක පුංචි missile එකකින්
    (MANPADS)... එක plane එකකට හානි කරගත්ත නං,
    කොටින්ම plane එකක් අහලකට වත් තියාගත්තනං ඒකම ඇති airport එකම වහලා
    දාන්න.

    ඇත්තටම මේ තරම් තර්ජනයක් තියෙද්දිත් ඊශ්‍රායල ආරක්ෂක අංශ Airport එක
    රැකගන්නේ කොහොමද අපිට හිතාගන්න වත් බැහැ.

    අපිට බණ්ඩාරනායක ගුවන්තොටුපල වගේ

    Ben Gurion කියන්නේ ඊශ්‍රායලයට තියෙන ප්‍රධානම ජාත්‍යන්තර ගුවන්තොටුපල.
    රටේ ආනයන, අපනයන සංචාරක කර්මාන්තයට ගොඩාක් වැදගත් තැනක්.

    මේ වගේ තැනක් වහලා දාන්න උනොත් රටට වෙන පාඩුව ගණන් කරන්න බැහැ.

    362jsu2a268h2e96g.jpg


    යුද්ධ කාල වලදී දකුණෙ Gaza වල Hamaz සහ උතුරෙ ලෙබනනයේ Hezbullah
    සංවිධානයෙනුත් එල්ල වන දස දහස් ගණන් රොකට් වලට මේ Ben Gurion Airport එක

    තියෙන Tel-Aviv ප්‍රදේශය අහු වෙනවා.

    නමුත් මේ කිසිම අවස්ථාවකදී වත් ගුවන් තොටුපල සම්පූර්ණයෙන් වහන්න වුණේ නැහැ .

     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ben Gurion ගුවන්තොටුපලේදී පිටරට ඉඳන් එන (Arriving) මගීන් ගේ backgrounds රටට
    එන්නත් කලින් check කරනවා.

    at5bdv9e3jl75136g.jpg



    Departing අය Airport එකට එද්දීම එන වාහන වල license plates, මිනිස්සුන්ගේ මුහුණු,
    හැසිරීම ආදිය සැඟවුණු කැමරා වලින් නිරීක්ෂණය කරනවා.

    p93f55ho3lr7i6i6g.jpg


    සාමාන්‍යෙන් Departing මගියෙකුට hand luggage එකේ වතුර ආදී
    දියර ගෙනියන්න බැහැ.

    අන්තිම පරික්ෂාවේදී belts සපත්තු ගලවලා කලිසම උස්සගෙන belt එක හොයාගෙන
    දුවපු අත්දැකීම් අපි කාටත් ඇති :D

    නමුත් Ben Gurion ගුවන්තොටුපලේ වතුර අරගෙන belt සපත්තු නොගලවාම යානයට
    නගින්න පුළුවන් වන තරමට දියුණු scanners (MagShoe යන්ත්‍රය) තියෙනවා.

    අපි දන්නවා hand luggage අපි අතේ ගෙනියද්දී...check luggage.... plane එකේ වෙනමම
    කාමරයක(Cargo bay) තැන්පත් කරනවා.

    ඒයින් bag එකක බෝම්බයක් පිපිරිලා Cargo bay එක සිදුරු උනොත් plane එක කඩාගෙන
    වැටෙන්න පවා පුළුවන්
    98glbutiy7994ao6g.jpg


    ඒ නිසාම මගීන් ගේ check luggage Ben Gurion ගුවන්තොටුපලේදී දියුණු X Ray යන්ත්‍ර වලින්
    scan වෙනවා. ඒ වගේම ඒවයෙ තියෙන බෝම්බ trigger කරන්න pressure chambers වලින්
    යවනවා.

    ඒ කොහොම උනත් ඔය ඔක්කොගෙන්ම බේරිලා ගිහිල්ලා බෑග් එකක යන බෝම්බයක්
    පිපිරීමේ අවධානමක් ගැන ඊශ්‍රායල බුද්ධි අංශ වලට කලින්ම ඉව වැටෙනවා.
    ඒ නිසාම විශෙෂයෙන් ශක්තිමත් කරපු ආවරණයක් plane එකේ cargo bay එකට සවි
    කරපු මුල්ම ගුවන් සේවා අතරට ඊශ්‍රායලය එනවා.

    බලධාරීන්ගේ මේ දුර දක්නා නුවණ නිසාම 1972 ම අගෝස්තු 16 රෝමයෙන් පිටවුණු El Al
    යානාවක baggage compartment එකේ බෝම්බයක් පිපිරුනත් ඒ මිනිස්සු 144 දෙනාගෙම
    ජීවිත බේරෙනවා.

    විශෙෂයෙන් පුහුණු වුණ ඊශ්‍රායල ආරක්ෂකයෝ නිසා මේ වගේ අනතුරු වැළකපුවා
    (Hindawi affair),

    අස්ථාවර භයානක රටවලින් යුදෙව් මිනිස්සු ඊශ්‍රායලයට රහසේ ගෙනාපුවා,
    passenger plane එකක වැඩිම මගීන් ආරක්ෂිතව ගෙනල්ලා ලෝක වාර්ථා තියපුවා
    (Operation Solomon) මේ ඔක්කොම කියන්න මෙතන ඉඩ නැහැ.

    hy143rfpc5grja66g.jpg


    ඊශ්‍රායල ජාතික ගුවන් සේවයේ (El Al Airlines)හැම plane එකකම Sky
    marshals ලා ඉන්නවා. ඕනෑම තර්ජනයක් තප්පර ගණනකදී
    නවත්තන්න මෙයාලට පුළුවන්. ඒ Marshals ලට ඕනේ නං pilot ට
    සංඥාවක් යවන්න පුළුවන් plane එක එක පාරටම පහතට
    ගෙනියන්න කියලා.

    එතකොට ඇතිවන ආසන්න ගුරුත්ව ශූන්‍ය තත්වයේදී ත්‍රස්ථවාදීන් ගේ balance එක නැති
    වෙලා වැටුනම.... ඒකට සූදානමින් ඉන්න Marshals ලට පුළුවන් පහසුවෙන් ඒ
    ත්‍රස්ථවාදීන්ව මර්දනය කරන්න.
    (ගුවන්යානා පැහැරගැනීමක් ව්‍යර්ථ කරපු පළවෙනි pilot විදිහට ඊශ්‍රායලයේ Uri Bar-Lev ඉතිහාසගතවුණ හැටිත් හොයාගෙන කියවන්න)

    අද ඊශ්‍රායලයේ Ben Gurion කියන්නේ මුළු ලෝකයේම වඩාත්ම ආරක්ෂාකාරීම
    ගුවන්තොටුපලක්.

    go4ytocsgbm4tuq6g.jpg


    ඒ වගේම මැදපෙරදිග හොඳම ගුවන් තොටුපලවල් 5 අතරට නිරන්තරයෙන්ම එන තැනක්.

    2002 නොවැම්බර් 28 කෙන්යාවේ Mombasa වලින් පිටවුණු ඊශ්‍රායල plane එකක හිටපු
    මගීන්.. තමන්ට එල්ල කරපු මිසයිලයක් නූලෙන් මිස් වෙන හැටි භීතියෙන් බලාගෙන
    ඉන්නවා.
    මේ නිසා මගීන් 236 කගෙ ජීවිත යන්තමින් බේරෙනවා.

    මේ හේතුව නිසා මිසයිල නොමග යවන ගිණි පුලිඟු පිටකරන flair systems ගුවන් යානා වලට සවි කරනවා.
    නමුත් ස්විට්සර්ලන්තය වගේ යුරෝපීය රටවල් ඒ ගිණි පුලිඟු පොළොවෙ ඉන්න
    මිනිස්සුන්ට අනතුරුදායක fire hazard එකක් විදිහට නම් කරනවා. Flair systems තියෙන
    ඊශ්‍රායල planes ඇතුලුවීම තහනම් කරන්න තර්ජනය කරනවා.

    නමුත් ඊශ්‍රායලිකයො කියන්නේ තමන්ගේ රට පටන් ගත්තු දා ඉඳන්ම කෙළවරක් නැතුව
    පොදි බැඳගෙන ආපු ප්‍රශ්න අලුත්ම විදිහට විසඳපු ජාතියක්.

    ඒ නිසාම ඊශ්‍රායල සමාගමක් C Music කියන missile defense system එක නිපදවනවා.

    මෙතනදී වෙන්නේ plane එකේ තාපයට ඇදිලා එන මිසයිල..infrared මගින් නොමග යවලා
    ආරක්ෂිත දුරකින් පුපුරවා හරින එක

    a3rb8lh76k90p666g.jpg


    අද වෙනකොට ඊශ්‍රායලයේ El Al කියන්නේ මුළු ලෝකෙන්ම missile defense systems
    තියෙන එකම මගී ගුවන් සේවාව.

    1972 දී Sabina 571 ප්ලේන් එක ඔස්ට්‍රියාවේ ඉඳන් ඊශ්‍රායලට එන අතරමගදී පලස්තීනු
    රස්ථයන් පැහැර ගන්නවා. මේ ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන්තොටුපලට
    ගොඩබහිනවා.

    පලස්තීනු සිරකරුවන් නිදහස් කළේ නැත්නං මිනිස්සුත් එක්කම ප්ලේන් එක පුපුරවා
    හරින්න මේ අය තර්ජනය කරනවා.

    ගොඩබැස්සට පස්සේ ප්ලේන් එකේ සුළු කාර්මික දෝෂයක් එනවා. මේ අවස්ථාවෙන්
    ප්‍රයෝජනයක් ගන්න විදිහක් ගැන කපටි ඊශ්‍රායල නායකයින්ගේ මොලේට එනවා.

    ත්‍රස්ථයන්ගේ අවසර ඇතුව ප්ලේන් එකේ තාක්ෂණික දෝෂ හදන්න සුදුපාට ඇඳුම් වලින්
    සැරසුනු technicians ලා, ප්ලේන් එකට ලඟාවුණා.

    ඒත් ඒ ආවෙ එසේ මෙසේ කට්ටියක් නෙවෙයි. plane එකේ සැළසුම් (blueprints) අධ්‍යනය කරපු,

    ඊශ්‍රායල විශේෂ බලකායේ (Sayeret Matkal) කමාන්ඩෝ භටයන්.

    w381z11481xzj8d6g.jpg

    Illustrative photo

    කලින් කියපු ලෙබනන් ගුවන්තොටුපලේ ප්‍රහාරයත් මේ බලකායේම වැඩක් තමයි.

    ප්ලේන් එකේ රෝද එලියට එන දොර උපයෝගී කරගෙන මේ අය ඇතුළු වෙලා ත්‍රස්ථයන්
    පරාද කළා. අවාසනාවන්ත විදිහට මේ වෙඩි හුවමාරුවෙදි එක මගියෙක් මියගියා. නමුත්
    90 දෙනෙකු ගේ ජීවිත බේරෙනවා.

    මේ මෙහෙයුමට ආපු කමාන්ඩෝ භටයන් අතරේ Benjamin Netanyahu සහ Ehud Barak

    හිටියා. පස්සේ කාලෙක මේ දෙන්නම ඊශ්‍රායලයේ අගමැතිවරු වෙනවා.


     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතිං ඊශ්‍රායල plane එකක් පැහැර ගන්නවා තියා
    වෙන plane එකක් පැහැරගෙන ඊශ්‍රායලය භූමියට ගෙනාවත් වැඩේ ලේසි වෙන්නේ නෑ

    කියලා ත්‍රස්ථවාදීන් දැනගත්තා.

    ඒ නිසා 1976 දී El Al ගුවන් යානයක් ඇතැන්ස් වලදී පැහැරගෙන ඊශ්‍රායලයෙන් 4000km
    ඈත උගන්ඩාවට-ම අරං යනවා.

    ඒත් ඊශ්‍රායල කමාන්ඩෝ භටයන් ඒ 4000km හඹාගෙන ගිහිල්ලා plane එකේ හිටපු 248න්
    මගීන් 3ක් ඇරෙන්න අනික් සියලුම දෙනා බේරගෙන නැවත ජයග්‍රාහීව ඊශ්‍රායලයට එනවා.
    ඒ මෙහෙයුම Operation Entebbe විදිහට ඉතිහාසයේ විජයග්‍රාහී පිටු අතරට එකතු
    වෙනවා.

    Entebbe operation එක වෙනමම හොයාගෙන කියවන්න වටින ඉතාමත්ම රසවත්
    කතාවක්.
    ඇත්තට තියා ගොතපු Hollywood film එකක වත් ඒ වගේ මෙහෙයුමක් දකින්න
    තියෙනවද කියලා ඔයාලම හිතලා බලන්න.

    ltylbo110lkc9po6g.jpg


    අඩුම තරමේ Operation Entebbe එක ඇමරිකාවට හරියට කොපි
    කරගන්න වත් බැරි වෙනවා.

    Argo ෆිල්ම් එකේ මෙහෙයුමන් ඉරානයේ ඉන්න ඇමරිකානුවො 6
    දෙනෙක් බේරගත්තට පස්සේ ඒ ගැම්මට ඇමරිකාව Entebbe
    ආදර්ශෙට අරන් පටන් ගත්තු එයාලගේම මෙහෙයුමක් දියත්
    කරනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වුනා.

    ඉතිං ඇමරිකාව තමන්ගේ 6 දෙනෙක් බේරගත්තු මෙහෙයුම ගැන
    ෆිල්ම් හදද්දී Entebbe ගැන අදටත් හරි හමං ෆිල්ම් එකක් හැදිලා නැහැ
    . 2018 නං එකක් එන්න නියමිතයි

    ඉතිං ඊශ්‍රායල මගී ගුවන් සේවයේ තත්වය මේ වගේ හැමදාටම සුභවාදී වේවි කියලා අපිට
    හිතන්න බෑ. ඊශ්‍රායල බලධාරීන් එහෙම හිතන්නෙත් නැහැ


    3i2ovkbx9wbg00g6g.jpg


    Meir Dagan කියන්නේ ඊශ්‍රායල බුද්ධි අංශයේ (Mossad) හිටපු
    විශිෂ්ථතම වගේම බිහිසුණු director කෙනෙක්. මෙයා නිතරම කියන
    දෙයක් තමයි

    "Further away the last attack...the closer to next one"

    මෑතකදී මාධ්‍යවේදියෙක් (David Suleiman) හොර ලියකියවිලි පෙන්නලා පිරිසිදු කිරීමේ

    නිලධාරියෙක් විදිහට සේවයට බැඳිලා Ben Gurion Airport එකේ ආරක්ෂක හිඩැස් රැසක්
    එළි කළා.

    2002දී ඊශ්‍රායල අරාබි ජාතිකයෙක් කොහොම හරි සෝදිසිකිරීම් වලින් බේරිලා El Al plane
    එකකට පිහියක් ගෙනාවා.

    කලිනුත් කිව්වා වගේ මෙයාලත් perfect නැහැ. හැබැයි ඒ වගේ එල්ල වුණු හැම

    අභියෝගයකටම ඉක්මණින් හැඩ ගැහුනා. ආරක්ෂක හිඩැස් වැහුවා.

    සමහර විට හෙට Ben Gurion Airport එකේ බෝම්බයක් පුපුරාවි. මගී ගුවන් යානයක්
    අනතුරට ලක්වේවී.

    tghvc64uveyui4n6g.jpg



    මෑතකදීත් ඊජිප්තුවේ Sinai වල මුස්ලිම් පල්ලියක මිනිස්සු 309ක් මරාගෙන ඉතාම
    බිහිසුණු බෝම්බයක් පුපුරලා ගියා. මේ දේ වෙන්නේ ඊශ්‍රායල බෝඩර් එකේ ඉඳන් 75km
    දුරින්.
    මිනිස්සු 309 එක තැනකදී අවසන් ගමන් යනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි !

    ඉතිං මේ වගේ ගින්නෙන් දැවෙන කලාපයක පොලොවෙ පය ගහලා ඉන්න තමන්ගේ
    මිනිස්සු සුරකින
    ගමන් තමන්ගෙන් ගිලිහිලා යන වගේම....වෙනත් දේශයක ඉඳන් රටට එන ගුවන් යානා..
    ඊශ්‍රායල ආරක්ෂක අංශ අවුරුදු 40 ක් පුරාවට කිසිම කැළලක් නැතුව රැකගත්තු හැටි
    දැනටමත් ලෝකයේ golden standard එකක් වෙලා ඉවරයි.

    (අවුරුදු 40ක් විතරක් වෙන්නේ 1976 Entebbe එක සාර්ථක පැහැර ගනීමක් කියලා ගත්තොත්... නැත්නං ඊටත් වැඩී)
    19r9ajjzk1q19bv6g.jpg


    Brussels attack එකෙන් පස්සේ බෙල්ජියානු බලධාරීන් ඊශ්‍රායල experts ලගෙ සහය
    පතනවා. Ben Gurion airport එකේ තියෙන security conferences වලට රටවල් 40කින් විතර
    එනවා. කලින් El Al ගුවන් සේවයේ හිටපු ආරක්ෂක උපදේශකයෝ දැන් ඇමරිකාවේත්
    වැඩ කරනවා (Isaac Yeffet)


    73ysylek16xhatl6g.jpg




    ඇමරිකාව වගේ සම්පත් පිරුණු, මුහුදෙන් ආරක්ෂා උන විශාල රටක පන්ති කාමරයක
    බිහිවෙන උපදේශකයෝ වගේ නෙවෙයි.

    තෙල් සම්පතක් වත් නැති දූවිලි කාන්තාරෙක, ප්‍රචන්ඬ මුස්ලිම් රටවලට මායිම් උන,
    ලංකාවටත් වඩා පුංචි... ඊශ්‍රායලයේ ඉන්නේ day-to-day ත්‍රස්ථවාදයත් එක්ක හැප්පිලා
    පදම් උන security experts ලා.

    අවුරුදු ගණනක් තිස්සේ ලෙයින් කඳුලින් වන්දි ගෙවපු ඇත්දැකීම් මෙයාලට තියෙනවා

    ඉතිං මෙතන කතා නොකරපු ගොඩක් දේවල් තියෙනවා. මේවා ගැන ඇත්තටම උනන්දු
    අය වරහන් ඇතුලේ දාපු key words search කරලා හොයාගෙන කියවන්න
    (අඩුම තරමෙ Google sex වලින් ලංකාව 1 වෙන වත් අඩු වෙන්නෙ නැතැයි :v)

    ඊශ්‍රායල ගුවන් මගී සේවාව වගේම ගුවන් හමුදාව (Israel Air Force) ගැනත් කියන්න
    ගොඩාක් දේවල් තියෙනවා.

    මැදපෙරදිග වෙන ඕනෑම රටක් න්‍යෂ්ථික ආයුධ හදන්න සූදානම් වෙනකොට ඊශ්‍රායලය

    මුස්ලිම් රටවල් අතරින් රිංගලා ඉන්ධන පිරිමසාගෙන ඒ හැම රටකම nuclear facility එකක් ම
    කුඩු කරලා දැම්මා(Operation Orchard, Operation Opera).

    9hhq9y86ll957ah6g.jpg


    මෙයාලට තියෙන අලුත්ම භයානකම න්‍යෂ්ථික තර්ජනය තියෙන්නේ 2000km ඈතින්
    ඉරානයේ.
    2006 දී මාධ්‍යවේදියෙක් ඊශ්‍රායල ජෙනරල් කෙනෙක් (Daniel Halutz) ගෙන් අහනවා

    "How far would Israel go to stop Iran's nuclear program?"

    එයා බොහෝම සන්සුන්ව වචන දෙකකින් උත්තරයක් දෙනවා

    "2000 kilometers"


    සුමනෙ ගේ නැකැත් වගේ නෙවෙයි. රු 2500 මාසෙටම ඇති කිව්වා වගේ නෙවෙයි
    ඊශ්‍රායල ආරක්ෂක අංශ කියන දේවල් කවුරුත් විහිලුවට ගන්නෙ නැහැ.

    මොකද මෙයාලා මේ වගේ විශ්ම කර්ම වැඩ කලින් නොකරපු අයත් නෙවෙයි
    ඉස්සරහට කරන්න බැරි මිනිස්සුත් නෙවෙයි.

    ඒ ගැන පසුවට.....


    ඉතිං මේවා ගැන ඔයාලා දන්න දේත් කියන්න
    වැරදි තියෙනවනං පෙන්නන්න

    thread එක rate කරන්න :D

    Copyrights:- ඕනෑම කෙනෙකුට කර්තෲ අවසරයකින් තොරව ගෙඩිය පිටින් උස්සගෙන paste කිරීමට අවසර ඇත. ලිපියේ අරමුණ දැනුවත් කිරීම විනා, නම කොටාගැනීමට නොව.
    (කොහොමත් මගේ ඇත්ත නම Zeus නෙවෙයිනෙ). ඒත් පුළුවං නම් මේ thread එකේ link එකත් සඳහන් කරන්න.
    ඒ නැතත්. අනේ කමක් නැත.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,513
    53,707
    113
    Colombo
    Godak kalekin kiyapu patta post ekak :love::yes:
    11.gif


    You have given out too much Reputation in the last 24 hours, try again later. :dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    ලන්කාවේ අපිටත් ඔයිට වඩා ඉහලට යන්න පුලුවන්.මේ රටේ ඉන්න කාළකණ්නි දෙශපාලකයො ටික ඊශ්ශායලයට අරන් ගිහින් පුකට වෙඩි තියලා මෑරුවනම්