AMBARELLA ACHCHARU ඇඹරැල්ලා!!!!!!!!


ඔන්න එහෙනම් කට්ටිය ලෑස්ති වෙන්න ඇඹරැල්ලා දෝසි හදන්න
animation_spiderman%5B1%5D.gif

අවශ්‍ය දේවල්
අමු ඇඹරැල්ලා ගෙඩි 10 ක්(හොදින් පැසුන මධ්‍යම ප්‍රමාණයේ)
සීනි ග්‍රෑම් 300ක්
වතුර කෝපප 2 ක් පමණ
ලුණු
මෙන්න මෙහෙමයි හදන්නේ.

මුලින්ම ඇඹරැල්ලා ගෙඩි 10 පොතු සුද්ද කරන්න
ඉන්පස්සේ එක ගෙඩියක් 4 ට හෝ 5 ට පමණ කපාගන්න(ඇටත් සමගම)
එම කපාගත් ඇඹරැල්ලා දැමියහැකි ප්‍රමාණයේ භාජනයක් ලිප තබා එම කැබලි
වැසෙන පමණට පමණක් වතුර එකතු කරන්න(වතුර ප්‍රමාණය වැඩි වුවහොත් නියම පදම ලබාගත නොහැක)
ඉන්පසු සීනි ග්‍රෑම් 300 එයට එකතු කරන්න.මද ගින්නේ තබා තැම්බෙන්නට හරින්න.සීනි එකතු කරන බැවින්
අඩිය කර වීමට ඉඩ ඇත එනිසා හොදින් හැදි ගාමින් විනාඩි 40ක් පමණ පිසින්න රස අනුව
අවශ්‍ය පදමට ලුණු එකතු කරන්න.මෙය රන්වන් පැහැයට හැරීගෙන එනවිට
ලිපෙන් බා ගන්න(සැලකිය යුතුයි මෙය මද ඝනකමට හැරුනවිට ලිපෙන් බෑම සුදුස අතර වැඩි වේලාවක්
තැබූ විට ඝණකම වැඩිවි භාජනයෙහි අඩිය ඇල්ලීමට ඉඩ ඇත)
ඔබගේ රුචිකත්වය අනුව වැනිලා ස්වල්පයක්ද එකතු කර ගත හැකිමුත්
සීනි පමණක් යෙදීමෙන් ඇඹරැල්ලාවල ස්වාභාවික රසය පමණක් ලබා ගත හැකිය.ඉතාමත් සරල
වට්ටෝරුවක් වුවද ප්‍රනීත ආහාරයක් වන මෙය පාන් ක්‍රීම් ක්‍රැකර් විස්කෝතු වැනි දෑ සමග හෝ
තනිකර වුවද ආහාරයට ගත හැකිය.(සමාවෙන්න මෙයට අදාල පින්තූරයක් දැනට මා සතුව නොමැති අතර
ගෙද‍‍ර වත්තේ ඇඹරැල්ලා පැසුන විගස ඡායාරූපයක් පල කරන්නම්):P:P

elakiri.jpg
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එලම තමා. අපේ ගෙදර ඉස්සර හෙන උස අබරැල්ල ගහක් තිබ්බ. ඔය ගස්වල අතු හයිය නැති හින්ද නැග්ගොත් අම්මගෙන් බැනුම් කෝටියයි. ගෙඩි හැදෙන කාලෙට ඉස්කෝලේ ගිහින් ආපු ගමන් වැඩේ රිටි වලින් ඇනල ගෙඩි කඩන ඒක.:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එලම තමා. අපේ ගෙදර ඉස්සර හෙන උස අබරැල්ල ගහක් තිබ්බ. ඔය ගස්වල අතු හයිය නැති හින්ද නැග්ගොත් අම්මගෙන් බැනුම් කෝටියයි. ගෙඩි හැදෙන කාලෙට ඉස්කෝලේ ගිහින් ආපු ගමන් වැඩේ රිටි වලින් ඇනල ගෙඩි කඩන ඒක.:rofl:

    siraa ටොම්බ සයිස් ගෙඩි නෙ හැදෙන්නෙ උස ගියපු ගස් වල ගෙඩි ගොඩාක් ලොකුයි අපෙ ගෙදරත් තියෙනවා ගහට යන්න නම් බයයි පොලි ගහනවා වලු පිටින් වැටෙන්නෙ:yes: