Ambulance බබෙක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අද උදෑසන මා විමතියට පත් කරමින් 1990 සුවසැරිය සේවයේ රවිඳු මහතා ගිලන් රථයකින් පිටතට පැමිණියේ දෑතින් ගත් අලුත උපන් කුඩා බිළිඳෙකු ද සමගයි .මා ඔහු අසලට ගොස් සිදු වූ දෙය විමසන විට ඔහු මෙසේ පිලිතුරු දුන්නේ ය . “මිස් අපි මේ දැන් ඩිලිවර් එකක් කළා , මේ ඉන්නේ බබා , අම්මා ඇම්බියුලන්ස් එකේ ඉන්නවා. අපිට කෝල් එකක් ආවා ගැහැනු කෙනෙක් බඩේ අමාරුවෙන් ඉන්නවා කියලා , සමන්ත අයියයි මමයි ගිහින් බලද්දි ඒ අම්මාට දරුවා හම්බ වෙන්න ළං වෙලා තිබිබේ . අපේ මේ අත් දෙකෙන් තමා බබාව ගත්තෙ මිස් .”
    පසුව මව සහ කුඩා බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ වාට්ටු අංක 17 වෙත යොමු කෙරුණි. කොරෝනා වසංගතය පැතිරී තිබෙන මෙවැනි මොහොතක මවට කොරෝනා රෝගය වැලඳී තිබෙනවා ද නැති ද යන්න හෝ නොදැන ඉදිරිපත් වී තමන්ගේ දෑතින්ම ප්‍රසූත කටයුතු සාර්ථකව නිම කළ 1990 සුව සැරිය සේවයේ සමන්ත මහතා සහ රවිඳු මහතා යන මොවුන් දෙදෙනාගේ මෙම කටයුත්ත ඉහළින් ම අගය කිරීමට ලක් විය යුතු ය.
    එමෙන් ම කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි කාලයක 1990 සුවසැරිය සේවයේ සියලු දෙනා සිදු කරන වටිනා සේවය ද ඇගයුමට ලක් කළ
    යුතුමය
    ❤
    🙏
    ....

    - කළුබෝවිල රෝහලේ හෙද නිලධාරිනියක් තැබූ සටහනක් මෙලෙස උපුටා ගන්නා ලදී -

    186477932_4117490151623464_5001265694046517898_n.jpg


     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    යහපාලන කාලේ කරපු එකම හොද වැඩේ මේක විතරයි. අපහසුතා ගොඩක් මැද්දේ මේ අය කරන සේවය නම් කියලා වැඩක් නෑ (y)
     
    • Love
    Reactions: Boralugoda01

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    යහපාලන කාලේ කරපු එකම හොද වැඩේ මේක විතරයි. අපහසුතා ගොඩක් මැද්දේ මේ අය කරන සේවය නම් කියලා වැඩක් නෑ (y)

    ඇයි අත්‍යවශ්‍ය බෙහෙත් වල මිල පහල දැමීම. ගොඩක් දේවල් යහපාලන රජය කාලේ කළා. නමුත් ප්‍රසිද්ද කලේ නැහැ මාධ්‍යවලින්. මොකද ඒ දවස්වල රජයට අවශ්‍ය උනේ නැහැ නිහඬ පුහු ප්‍රචාරයක් ගෙනියන්න. දැන් නම් ටොයිලට් සින්ක් එකක් ඕපන් කරන්නෙත් පිත්ත්පටියක් කපලා නේ. එකත් උදේට රාජ්‍ය මාධ්‍යවල වයිරල් එකක් වගේ යනවා.