ලිබියාව – කුරැස යුද්ධයේ නවතම දඩ බිම…
ඇමරිකා එක්සත් ජනපදය, බ්රිතාන්යය සහ ප්රන්ශය එක්ව මීට පැය කිහිපයකට පෙර ලිබියාවට එරෙහි ගුවන් ප්රහාර අරඹා ඇත. ප්රහාරක ගුවන් යානා 20 ක් පමන පළමු ගුවන් ප්රහාරය සදහා භාවිතා කර ඇති බව ජාත්යන්තර මාධ්‍ය වාර්ථා කර සිටී. මෙම ප්රහාරයට සමගාමීව USS Kearsarge & USS Bataan යන අමෙරිකානු යුධ නෞකා මගින් සහ HMS Vanguard යන බ්රිතාන්ය සබ්මැරීනයේ සිට කෲස් මිසයිල සිය ගණනකින් ගඩාෆි හමුදාවේ ගුවන් ආරක්ෂක පද්ධති හා ආරක්ෂක මර්මස්ථාන ඉලක්ක කර ප්රහාර එල්ල කර ඇත. තවද ඩෙන්මාර්ක් ප්රහාරක ගුවන් යානා ද මේ වනවිට ප්රහාරයට සම්බන්ධ වීම සදහා ඉතාලිය බලා පිටත් කර යවා ඇත. ඉතාලිය හා කැනඩාව ද ගඩාෆි පාලනයට එරෙහි “Operation Odyssey Dawn” මෙහෙයුම සදහා තම සහාය පල කර ඇත.
යුදෙව් ක්රිස්තියානිවාදය මුසල්මානුන්ට එරෙහිව යලිත් වරක් ලිබියාව තුල මෙසේ ක්රියාත්මක වන මොහොතක මෙම මුසල්මානු සංහාරය තුලින් නැවතත් ලෝකයාට පසක් කොට ඇත්තේ අන් කිසිවක් නොව, (නිර්මානවාදී අභූත දේවවාදයට මුසල්මානුවන්ද නෑකම් කීවද) කතෝලික, ක්රිස්තියානි, ඇන්ග්ලිකන්, රෙපරමාදු හෝ වෙනත් කුමන ආගමික සභාවක් (නිකායක්) නියෝජනය කළත් මුළු ලෝකයම දේවරාජික සංකල්පයට නතු කරගැනීමේ කාර්යයේදී තමන් නියෝජනය කරන්නේ එකම අරමුණක් සහ එකම පෙරමුනක් බවයි. මෑතකදී ඉරාකය, ඇෆ්ගනිස්ථානය යන රටවල් වලට සිදුකල ආක්රමණ තුලින් ඒ බව තව දුරටත් සනාථ වේ. විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රැසියාව, චීනය මෙන්ම ආරක්ෂක මණ්ඩලය සාමාජිකත්වය සහිත ඉන්දියාව ආදී රටවල් වල නියෝජනය සභාව තුල නොතිබුන මොහොතක කුරැස යුද්ධයේ විකාශණයක් ලෙස ලිබියාවට පහරදීමේ යෝජනාව ආරක්ෂක මණ්ඩලය තුල සම්මත කරගෙන ඇත.
වසර සිය ගණනක අතීතයක සිට පැවත එන කතෝලික ක්රිස්තායානි වාදය සහ ඉස්ලාමය අදහන මුසල්මානුවන් අතර කුරැස යුද්ධයේ (කුරැස යුද්ධය මුලින්ම ආරම්භ වූයේ වර්ෂ 1095 දී වන අතර එය වර්ෂ 1291 දක්වා වසර 200කට ආසන්න කාලයක් අඛන්ඩව පැවතුනි) නවතම මුහුණුවර වන මෙම ලිබියානු ආක්රමණය කතෝලික ක්රිස්තියානි සම්මතයට අනුව ඔවුන්ගේ ඊනියා ආධ්යායත්මික නායකයා යැයි කියාගන්නා පාප් වරයාගේ කැමැත්තම දැයි නොදනිමු. නමුත් ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ මෙවැනි සිදුවීම් හොදින් අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ මෙවැනි ක්රියාවන් පසුපස මෙම මිනීමරැ ආගමික නායකත්වය වන පාප් වරයා සිටින බවත් ඔහුගේ ඍජු දායකත්වය හා ආශීර්වාදය මෙවැනි ක්රියා සදහා ලැබෙන බවත් ය. ඒ අනුව ඔවුන්ගේ මහා පාපතර දෙවියන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය මැද බුරැතු පිටින් මිනිසුන් මරා දැමීමේ තිරශ්චීන මෙහෙයුමක මේ අය නිරතවී ඇති බව ඔවුන්ගේම ප්රකාශ වලින් අපට හැගේ.
අවසානයේ එකම මිත්යා දෘශ්ඨියක් වෙනුවෙන් පෙනී සිටින මුසල්මානුවන් සහ යුදෙව් ක්රිස්තියානි වාදය එකිනෙකා මරා ගැනීමේ නිමක් නොපෙනෙන ආගමික යුද්ධයක නිරතවී ඇති අතර අනාගතයේදී මුළු ලොවම ගිල ගැනීමට මාන බලන මිලේඡ්ච ඉස්ලාම් අන්තවාදයෙන් යුරෝපාකරය හා අනෙකුත් බටහිර රටවල් ගලවා ගැනීම සදහා සියළුම ක්රිස්තියානි ආගමික කල්ලි එක කුරැසයක් යට එක පෙරමුනකට රැස්වී ඇත. කෙසේ නමුදු කිතුනු ප්රජාවේ ඊනියා ආගමික නායකත්වය වන පාප් වරයාගේ අදෘශ්‍යමාන හස්තය යටතේ පෙළගැසී සිදුකරනු ලබන මෙම ප්රහාර වලින් පවසන්නේ ලෝකයේ විශාලතම හා අති භයානකම ත්රස්ථවාදී සංවිධානය වතිකානුව ප්රමුඛ බටහිර ගැති නූතන ක්රිස්තියානි රාජ්ය්‍යන්ම කේන්ද්ර කොට පවතිනා බව නොවේද???






