ගොඩ දෙනෙක් නිතරම අහන ප්‍රශ්නයක් තමයි amp සහ speakers වල watts/ohms match කරන එක. ඉතින් මේකටත් කෙටියෙන්, පැහැදිලි විස්තරයක් දෙන්න තමයි මේ post එක දාන්න හිතුවේ.
මුලින්ම ohms ගැන කිව්වොත්, ohms ගාන කියන්නේ speaker එකේ ප්‍රතිරෝධය. ඉතින් මේ ප්‍රතිරෝධය අඩුවෙන තරමට amp එකෙන් speaker එකට එවන current එක වැඩිවෙනවා. Current එක වැඩිවෙනවා කියන්නේ අනික් පැත්තෙන්, එවන watts ගානත් වැඩිවෙනවා. ඔයාලා දැකලා ඇති, amp එකක watts ගාණ 100watts:8ohms, 120watts:6ohms, 150watts:4ohms වගේ එක එක ohms ගාණට වෙන වෙනම watts දාලා තියෙනවා. මේකට හේතුව තමයි ඒ පැහැදිලි කරේ. ගොඩාක් amplifiers/avr 4-8ohms support කරනවා. හැබැයි සමහර ඒවා 4ohms support කරන්නේ නෑ කලාතුරකින්. මේ වගේ amp එකකට 4ohms speaker එකක් set කරොත් damage එකක් වෙන්න පුළුවන් amp එකට. මොකද amp එක 100watts දෙනවා nam 8ohms වලින්, 4ohms speakers දෙකක් ගැහුවොත් ඊට වඩා සෑහෙන current එකක් වැඩිපුර ඕනෑ වෙනවා. නමුත් transformer, capacitor වගේ ඒවා design කරලා තියෙන්නේ ඊට වඩා අඩුවෙන් current දෙන්න නිසා අවුලක් වෙන්න පුලුවන්.
ඒ වගේම තවත් දෙයක් තමයි, 4-8ohms support කරන amp එකක් වුණත් 4ohms වලින් වැඩකරන වේලාවට රත්වෙන ගතිය වැඩි. වැඩිපුර current එක ගන්න එක තමයි හේතුව. ඒක හින්දා හොඳම de තමයි speakers ගන්න වේලාවට 6ohms/8ohms වගේ ගන්න එක. ගොඩාක් bookshelf, floorstanding වගේම satellite speakers 6-8ohms. හැබැයි normal LG, Sony, Samsung වගේ පොඩි home theater system වල speakers nam ගොඩක් වේලාවට 3,4ohms වගේ එන්නේ. Me වගේ speakers වෙනත් amp එකක් එක්ක use කරන්න එපා.
ඊළඟට අපි watts ගාන ගැන කතාකරමු. ගොඩක් දෙනෙක් හිතන්නේ amp එකක watts gana තමයි amp එකේ pitipasse ගහල තියෙන්නේ කියලා. එක amp එකේ power consumption එක. Ee කියන්නෙ amp එක watts කීයක් පරිභෝජනය කරනවාද කියන එක. watts ගැන කථාකරනකොට, එක එක තැන්වල විදි කීපයකට watts dala තියෙනවා.
-RMS/Continuous power - මේක තමයි අපිට වැදගත් වෙන watts ගාණ. Amp එකේ rms value එකයි speaker එකේ rms value එකයි තමයි api match කරන්න ඕනෑ. Me කියන්නේ එකදිගට දෙන watts ගාණ RMS power එක amp එකේ user's manual එකේ බොහෝවිට දාලා තියෙනවා.
-peak power- peak කියන්නේ උපරිමයෙන් ඉතාම කෙටි කාලයකදී speaker එකට දැරිය හැකි වගේම amp එකට දුන්න හැකි watts ගාණට. උදාහරණයක් විදියට bass punch එකක් වගේ එනකොට power එක rms value එකට වඩා උඩට යනවා. මේක ලොකු වැදගත්කමක් තියෙන දෙයක් නෙවෙයි, ඒත් ලොකු value එකක් වගේ පේන නිසා ගොඩක් manufacturersla mea value එක ගොඩක් highlight කරලා දානවා.
දැන් අපි වැදගත්ම දේ වෙන amp එකේ watts ගාණට speakers match කරන හැටි ගැන බලමු.
මම උදාහරණයක් විදියට 80watts per channel amp එකකුත් 150watts speakers දෙකකුත් ගන්නම්. මේ combination එකේ ලොකු අවුලක් නෑ. ගොඩ දෙනෙක් හිතන්නේ එහෙමයි. නමුත් අපි මේ amp එකේ volume එක තරමක් දුන්නොත් අපිට distortion ( සද්දෙ පැහැදිලි ගතිය අඩුවෙලා නිකං කඩතොලු ගතියක් වගේ, විශේෂයෙන්ම bass punch එකක් එනකොට sound එක නැතිවෙනවා වගේ) එකක් ඇහෙනවා. මේකට හේතුව amp එකේ power එක speakers දෙකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මදි කියන එක. ඒත්, low volume වලදී quality එකේ අවුලක් වෙන්නේ නෑ. නමුත් අපි me amp එකෙන් 60watts වගේ output එකක් ගන්නවා කියන්නේ 80ta ටිකක් ළඟ, ඒ කියන්නේ amp එකේ limit එකට කිට්ටුයි. මේ වෙනකොට amp එක distort වෙන්න පටන්ගෙන. Distort වෙනකොට amp එකෙන් speaker එකට වැඩි ප්‍රමාණයක් dc current එක යවන්න පටන්ගන්නව. මේ dc voltage එක speakers වලට අහිතකරයි, විශේෂයෙන්ම tweeters වලට. ඒකයි අපි volume සෑහෙන්න වැඩිපුර දුන්නම tweeters පිච්චෙන්නේ. ඒ වගේම amp එකත් රත්වෙන ගතිය වැඩියි. Watts ගණන් දෙක අතරේ පරතරේ වැඩි නිසා ඉක්මනින් distort වෙන්න ගන්නවා.
ඊලඟට අපි 130-150 watts අතරේ වගේ amplifier එකයි 150watts speakers දෙකකුයි ගම්මු. 80 watts amp.එකකට වඩා සෑහෙන්න දුරට distort වෙන්නේ නැතුව volume දෙන්න පුලුවන්. Speaker එකේ performance එකෙන් සෑහෙන්න ප්‍රමාණයක් ගන්න පුලුවන්. හොඳ combination එකක්.
ඊට පස්සේ අපි 150watts speakers දෙකකට 180watts වගේ amp එකක් සලකලා බලමු. මේක තමයි හොඳම combination එක. Distort වෙන්නේ අඩුවෙන් වගේම high volume use කරනකොට speakers/amp වලට වෙන damage එක සැහෙන්න අඩුයි, full volume වලට කිට්ටුව volume නොදෙන තාක්.
ඒත ප්‍රායෝගිකව ගත්තාම අපි ලග තියෙන ගොඩක් stereo amps 35-80 watts වගේ තමයි වෙන්නේ. Speakers වුණත් ලොකු watts ගණන් ගහලා තිබ්බත් ගොඩක් වෙලාවට rms power එක 100watts වලට අඩුයි.
Peak power එක නම් වැඩි වෙන්න පුලුවන්. ඒත් මේ ක්ෂේත්රයේදී අපිට වැදගත් වෙන්නේ RMS/Continuous watts ගාන විතරයි බොහෝවිට. මෙහෙම speakers වලත් amplifier එකෙත් watts ගානේ ලොකු වෙනසක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් sound quality එකට වෙන්නේ නෑ, නමුත් volume වැඩිකරන වේලාවට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මගේත් 130watts speakers දෙක connect කරලා තියෙන්නේ 38watts per channel amplifier එකකට. තරමක් දුරට volume දෙන්න පුළුවන් අවුලක් නැතුව. නමුත් සෑහෙන්න volume දෙන්න යන්නේ නෑ.
තවත් දෙයක් තමයි av receiver වල watts ගාණ. ගොඩක් receiver වල watts ගාණ කියලා තියෙන්නේ උදාහරණයක් විදියට ගත්තොත් 90watts(1 channel driven) එහෙමත් නැත්තං 2 channels driven වගේ දාලා. එතකොට අපි මේ receiver එකට speakers දෙකක් connect කරලා අහද්දී 2 channel driven කියලා තියෙන watts ගාණ එනවා. 1 channel driven කියලා watts ගාණක් තියෙනවා නම් stereo අහන වේලාවට ඊට වඩා අඩුවෙන් එන්නේ එක channel එකකට. හැබැයි අපි මේ receiver එකෙන්ම 5/7 channel වගේ අහන වේලාවට channel එකකට එන watts ගාන 30-40 වගේ level එකටත් බහිනව. ඒක සාමාන්‍ය දෙයක්. ඒකයි 5/7 channel ටිකක් ලොකු speakers දාලා volume දෙනකොට receiver එක off වෙන්නේ.
තවත් දෙයක් තමයි, අපි stereo amp එකකට හරි receiver එකකට හරි A/B channels දෙකටම speakers දෙක ගානේ 4k connect කරාම channel එකකට එන watts ගාණ දෙකට බෙදිලා තමයි එක speaker එකකට එන්නේ.
අපි speakers මිලදීගන්න වෙලාවට තව සැලකිලිමත් වෙන්න ඕන පොඩි දෙයක් තමයි sensitivity එක. Sensitivity එක වැඩි නම් (92-100db) අඩු volume එකකින් වැඩි sound එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 88-90db කියන්නේ සාමාන්‍ය sensitivity අගයක්.84-85db කියන්නේ අඩුයි. මේක ගැන වැඩිපුර පැහැදිලි කරන්න යන්නේ නෑ, නමුත් low power amp එකකින් උපරිම වැඩක් ගන්න නම් sensitivity එක තරමක් වැඩි speakers තෝරගන්න එක වැදගත්. වෙන විදියට කීවොත් sensitivity එක කියන්නේ speaker එකක කාර්යක්ශමතාවය.
Damping factor, signal-noise ration වගේ දේවල් නම් ඉතින් ලොකුවට සැලකිල්ලක් දක්වන්න ඕනෑ දේවල් නෙවෙයි සාමාන්‍යයෙන් අහන්න.
ඉතින් මම හිතනවා speakers සහ amp match කරන එක ගැන ඔයාලට තරමක් වැදගත් වෙන කරුණු කීපයක් කෙටියෙන්, සරලව කියල දුන්නා කියලා. Technical side එකට ලොකු බරක් දෙන්නේ නැතුව පුළුවන් තරම් සරලව තමයි කීවේ. වැරදි තියෙනවා නම් නිවැරැදි කරන්න වගේම ඔයාලට මේ post එක ගැන හිතුන දේ ගැන feedback එකකුත් දෙනවා නම් අඩුපාඩු හදාගන්න වගේම තව post දාන්නත් වැදගත් වෙයි. තවත් post එකකින් ළඟදීම හමුවෙමු!
Face Book - AV Receiver & Home Theater පිස්සො Official Fan Club