එදා අනුරාධපුරය- ඇතුලු නුවර කැනීම්
ශ්‍රී ලංකාවේ ලොකුම පුරාවිද්‍යා කැණීම වන අනුරාධපුර ඇතුළුනුවර කැණීම් අනුව අනුරාධපුර නගරය තරම් දියුණු ශිෂ්ඨාචාරයක ලක්‍ෂණ කි‍්‍රස්තු පූර්ව හයසියේ දී දකුණු ඉන්දියාවේ පවා නොමැති බව එහි කැණීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරාන් දැරණියගල කියයි.
ඇතුළුනුවර කැණීම නව කව්දයක් ඔස්සේ විධිමත්ව හා තාර්තිකව සනාථ කෙරෙන පුරාවිද්‍ය සාධක ඔස්සේ ජාත්‍යන්තර කැණීමක් ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා ජර්මනියේ බර්ලින් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යඥයෝ පසුගියදා සංරක්ෂණ, පරීක්‍ෂණ,විශ්ලේෂණ හා වර්තා කටයුතු ඇරැුඹහ.
බර්ලින් සරසවියේ පුරාවිද්‍යා මහාචාර්ය කායි කොල්මයර් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන් සමග නවීන තාක්ෂණික කව්දයක් ඔස්සේ කැණීම මෙහෙවයි.
ආචාර්ය දැරණියගල කියනුයේ විජය රජුගේ ඉතිහාසයෙන් එපිට ඈත ඉතිහාසයක් ද දියුණු නගරයක් වූ අනුරාධපුරයේ ලෝහ තාක්ෂණ, මැටි නිර්මාණ හා අක්ෂර භාවිතය පැවැති බවත් එවැනි දියුණු නගරයක් දකුණු ආසියාවේම නොතිබූ බවත්ය.
‘‘ මේවගේ ලොකු කැණීමක් ලංකාවේම නෑ. අඩි සීයයි සියයක වළක් මෙහෙම පුරාවිද්‍යා පරීක්ෂණයක් ඉන්දියාවේත් නෑ. ඇතුළුනුවරට අයිති අක්කර 250ක පමණ භූමිය ආරක්ෂිත භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කොට තිබෙනනේ. ලොකුම ගැටළුව තමා මෙම ඉඩමේ අනවසර පදිංචිකරුවන් සිටීමයි’’
විජය රජුගෙන් පසු අනුරාධපුරය ලෙස නම් තැබූ අනුරාධපුරයේ කි‍්‍රස්තු පූර්ව 400ටත් පෙර නාමය ‘‘අනුරාධ’’ විය හැකි බවට සාධක ලැබී ඇතැයි ද ඒ මහතා කියයි. ‘‘අනුරාධ’’ යනුවෙන් අක්ෂර යෙ¥ වළං කැබැල්ලක් එහි අදාල යුගයේ පස් ස්ථරවලින් හමු වූ බවත් කාබන් 14(සීx14* පරීක්ෂණය අනුව එය ක‍්‍රිස්තු පූර්ව 400ට අයත් බවත් ආචාර්ය දැරණියගල පවසයි.
අතුළුනුවර යනු අනුරාධපුර පැරණි දළදා මාලිගය පිහිටි භූමියයි. එය මෙරට රජ පෙළපතේ වසස්ථාන සහිත දියුණු නාගරික හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත පුරාවිද්‍යා වැඩ බිමකි. විජය රජුගෙන් පෙර ඉතිහාසයේ උදෙනි, සැවැත්, බරනැස් ආදී දියුණු ඉන්දීය නගර පැවැති කාලයේදී ද එම අනුරාධපුර නගරය අතිශය දියුණු නගරයක් ලෙස ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ පිළිගනිති. මීට වසර 12කට පෙර ආචාර්ය ශිරාන් දැරණියගල මෙම කැණීම ඇරඹුවේ මෙරට ප‍්‍රාග් ඉතිහාසය ලෝකයට විදහා දැක්වීමේ ප‍්‍රධාන කැණීම ලෙසයි. ඒ අනුව බර්ලින් සරසවි කණ්ඩායම එම ඉලක්කය සඳහා තවත් වසර හතරක් පමණ පර්යේෂණ කිරීමට නියමිතය.
fP;jkdrduh m%;sixialrKhg fmr
ඇතුළුනුවර කැණීමෙන් සොයාගත් ඉපැරැුණි යකඩ මුද්දක් බර්ලින් සරසවි සිසුවියෝ පිරික්සති.
අඩි 27ක් පමණ හාරා හඳුනාගෙන ඇති කි.පූ. 400 පමණ අනුරාධපුර නගයේ ගොඩනැඟිලි පාදමක්
ඇතුළුනුවර අඩි 100x100 කැණීම් වළ
ආචාර්ය ශිරාන් දැරණියගල
බර්ලින් සරසවි සිසුවියෝ
තුසිත අගලවත්ත මහතා සමග බර්ලින් සරසවියේ අයි. ඩොගාන්හාට්, හා ප‍්‍රැන්ෂිෂා ෆෙඞ්රික් පැරණි වළං කටුවක් පිරික්සති.
ලංකාදීප - මනුල වික‍්‍රම
ලින්ක් එක

Last edited: