Android අහසෙන්

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    කොහොමද සෙට් එක? ගොඩ දවසකින් අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුන,,
    දැන් ගොඩක් අය ගාව android ෆෝන් තියෙනව..
    මේ කියන්න යන වැඩෙන් හැමවෙලේම පීසී එක ළඟ ඉන්න කට්ටියගේ කාලේ ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්.
    ෆෝන් එක අල්ලන්නෙවත් නැතුව ඔයාලගේ wifi නෙට්වර්ක් එක භාවිතා කරල ෆෝන් එකෙන් කරන ඕනම දෙයක් පීසී එකෙන් කරන්න පුළුවන්.
    එහෙනම් වැඩේට බහිමු.

    මේකට කියන්නෙ airdroid කියල. නොමිලේම Playstore එකෙන් බාගන්න පුළුවන්.



    මේක install වෙනකොට Device Administrator වෙන්න permission අහනව. ඒක දෙන්න.

    දැන් airdroid ඕපන් කරගන්න. මෙහෙම පෙන්නයි.
    Screenshot_2013-07-09-19-01-09.png


    ඔතන පෙන්නන අයි.පී එකයි පොර්ට් එකයි ඔයාගේ බ්‍රව්සර් එකේ එන්ටර් කරන්න. එතකොට ෆෝන් එකේ Message එකක් එනව. ඒක Accept කරන්න.
    Chrome තමා හොඳ.
    Screenshot_2013-07-09-18-44-09.png


    දැන් මෙහෙම එනවනම් වැඩේ හරි.
    Screenshot_2013-07-09-18-44-17.png


    ඔයාගේ බ්‍රව්සර් එකේ මෙහෙම පෙන්නයි.
    main.JPG


    මේක හරියට පුංචි OS එකක් වගේ.. ෆෝන් එකේ ඕන වැඩක් දැන් ෆෝන් එක අල්ලන්නෙවත් නැතුව කරගන්න පුළුවන්. ෆයිල් මැනේජර් එක. මියුසික් ප්ලේයර් එක. කෙටි පණිවිඩ යවන්න. කියවන්න. තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. පීසී එකයි ෆෝන් එකයි අතරෙ ෆයිල් එහෙට මෙහෙට යවන්න පුළුවන්.

    ops.JPG


    එහෙනම් කට්ටිය ට්‍රයි කරලා බලන්න. කියෙවුවට ස්තුතියි. අනිත් අයට බලන්න බම්ප් කරන් යන්න. ප්‍රශ්න තියෙනවනම් ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දාන්න. එළකිරි.

    Mama mahansiyen type karala meka demme. Kagenwath copy kre nethi bawa salakanna. :dull:

     
    Last edited: