මුලින්ම දැන ගන්න ඕන CWM Flash එකකදී වෙන්නේ File ටිකක් copy කරන එකක් විතරක බව. මෙතනදී වෙන්නේ copy කරන files replace වෙලා, අලුතින් files එකතු වෙන එක විතරයි (CWM config එකේදී DATA partition එක format වෙන script එකක් තිබ්බේ නැත්නම්). එතකොට අර replace නොවන, කලින් ROM එකේ තිබ්බ files ඔක්කොම ඉතුරු වෙනවා. එහෙම උනොත් Install කරන ROM එක හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්.
Wipe Data & Factory Reset වලින් කරන්නේ ROM එක නැවතත් Install වෙද්දි තිබ්බ තත්වයට පත් කරන එක. මෙතනදි Apps (non system apps) + Application DATA delete වෙනවා. එතකොට ෆොන් එකේ කලින් කරපු customization මොනවත් ඉතුරු වෙන්නේ නෑ. කොටින්ම කිවුවොත් DATA partition එක format වෙනවා.
Cache එකත් එහෙමයි. ඒකත් තවත් එක partition එකක්. Android cache data ඔක්කොම තියා ගන්නේ මෙතන.
Dalvik Cache එක සම්බන්ධ වෙන්නේ apps එක්ක. apps පිලිබඳව විස්තර ඔක්කොම තියෙන්නෙ මෙතන.
දැං Stock ROM එකකින් CM9 වගේ එකකට එනකොට Wipe Data & Factory Reset කරන්නේ අර හේතුව නිසා (clean install එකක් කරන්න ඕන නිසා).
CM9 පරණ version එකක ඉඳන් අලුත් එකකට යනකොට Wipe Data කරන එක තේරුමක් නෑ. මොකද CM9 දන්නවා දැනට තියන files මොනවද කියලා. අලුත් version එක flash වෙද්දී අදාල files විතරක් replace කරලා දානවා. ඒත් එතකොට cache එකයි dalvik cache එකයි clean කරන්න ඕන. එතකොට install වෙලා තිබ්බ apps ආයිත් OS එකත් එක්ක configure වෙනවා, App data loss නොවී. එතකොට ගොඩක් apps වල ලෙඩ නැති වෙනවා. Flash කරන්න කලිනුයි පස්සෙයි cache clear කරන්නේ වැඩි හොඳට. නැත්නම් ඒක අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි.
දැන් ඔය CWM flash වල Wipe data script එක දාන්න පුළුවන් කම තියෙද්දී ඇයි දාන්නේ නැත්තේ කියලා තේරෙනවනේ. මොකද upgrade කරන අයට Data තියාගෙනම flash කරන්න පුළුවන් වෙන්න.
මමත් මෙව්වා ගැන වැඩිය දන්නේ නෑ. දන්න ටික තමා කිවුවේ. වැරදි දෙයක් කිවුව නම් දන්න එවුන් හදපුවාවේ !![]()
මැක්සා බන්








