Android සඳහා සිංහල යතුරුපුවරුවක්
Android සඳහා සිංහල යතුරුපුවරුවක්
මේ වන විට ජංගම දුරකථන වලින් පහසුවෙන්ම අන්තර්ජාලයේ සිංහල කියවිය හැකි බව ඔබ දන්නවනෙ. අද මම මේ කියන්න යන්නෙ ජංගම දුරකථනයෙන් සිංහල ලිවිය හැකි නව නිර්මාණයක් ගැන. 
මීට මාස 10 කට පමණ කලින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා SETT සිංහල/දෙමළ බ්‍රව්සරය එළිදැක්වීමෙන් පසුව මතුවුනු විශාලතම අඩුපාඩුව තමයි සිංහල කියවන්න පුළුවන් උනත් සිංහලෙන් ලියන්න (යතුරු කරන්න) නොහැකි වීම. මොකද සිංහල වෙබ් අඩවි කියවීම විතරක් නෙමෙයි සිංහලෙන් යතුරු කිරීමත් අපි ගොඩ දෙනෙක්ට තියෙන ලොකු අවශ්‍යතාවයක්. සිංහලෙන් ටයිප් කරන්න විදියක් නැති උනොත් අපිට සිංහලෙන් search කරන්නවත්, සිංහලෙන් බ්ලොග් ලියන්නවත්, facebook එකේ සිංහලෙන් කමෙන්ට්ස් දාන්නවත් විදියක් නැති වෙනවා.
ඉතිං භාෂා හෙළකුරු නිර්මාණය බිහිවෙන්නෙ ඔන්න ඔය ගැටළු සියල්ලටම පොදු පිළියමක් වශයෙන්. ඒ වගේම දැයේ සහ බසේ අවශ්‍යතාවක් වශයෙන්. හෙළකුරු සිංහල යතුරුපුවරුව සහ සිංහල අකුරු ඇතුළත් කිරීමේ ක්‍රමය (Helakuru Sinhala Keyboard Layout+IME) නිර්මාණය වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක ඕනෑම තැනක සිංහලෙන් යතුරු කළ හැකි ලෙසින්. එනම් SETT බ්‍රව්සරයේ විතරක් නෙමෙයි, messages, facebook, twitter, Gmail වැනි ඕනෑම app එකක් තුළ පවා හෙළකුරු භාවිතා කර සිංහලෙන් යතුරු කරන්න පුළුවන්.
මේ සඳහා භාවිතා වෙන්නෙ ජංගම දුරකථන සඳහා ප්‍රායෝගිකව පහසුතම ආකාරයෙන් සැකසූ ශබ්දානුකූල යතුරු පුවරු සැකැස්මක් (phonetic keyboard layout). මෙම හෙළකුරු යතුරුපුවරුව ජංගම දුරකථන සඳහා වන ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව ද වෙනවා.
භාෂා හෙළකුරු යතුරුපුවරුව ලබාගන්නෙ කොහොමද?
ඔබේ Android දුරකථනයෙන් Android Market වෙත ගොස් Helakuru සඳහා සොයන්න.
Helakuru යතුරුපුවරුව බාගත කරගෙන ස්ථාපනය කරගන්න.
Settings > Language & Keyboard වෙත ගොස් Helakuru තෝරන්න.
අකුරු ලිවිය යුතු තැන long press කර Input Method තෝරා ඉන්පසු Helakuru තෝරන්න.
ඒත් ඔය යතුරු කරන සිංහල පෙනේවිද?
ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කර තිබෙන හෝ නොතිබෙන ඕනෑම කෙනෙකුට දැන් ඉතිං ඔය ප්‍රශ්නෙ අනිවාර්යෙන් මතුවෙන්න ඇති. මොකද එය තර්කානුකූලයි. ඇන්ඩ්‍රොයිඩ් සඳහා තවමත් සිංහල සහය නැත්නම් අපි මේ ටයිප් කරන සිංහල පේන්න විදියක් නෑ. ඔව් ඒක හරි. ඒත් එහෙමයි කියලා අපිට මුකුත් නොකර ඉන්න බෑනෙ නේද? අන්න ඒ නිසයි ඒ ගැටළුවට හෙළකුරු වෙතින් මෙවැනි පිළියමක් සැපයෙන්නෙ.
හෙළකුරු යතුරුපුවරුව ඔබ කලින් කියූ ආකාරයට ක්‍රියාත්මක කළාට පස්සෙ ඔබට පෙනෙයි ඉහත ආකාරයේ යතුරු පුවරුවක් ඔබ අකුරු ඇතුළත් කරන තැනක් tap කරන හැම විටකදිම දිස්වෙනවා. මේ තමයි හෙළකුරු යතුරුපුවරුව. මෙහි පහළ වම් කෙළවරේ දෙවැනියට ඇති භාෂාව මාරු කරන බොත්තම ඔබා සිංහල සහ ඉංග්‍රීසි භාෂා අතර මාරු වෙන්න පුළුවන්.
මේ බොත්තමෙන් ඔබ සිංහල භාෂාව තේරූ විට ඔබට පෙනෙයි ඉහත රූපයේ ආකාරයට නිල් පැහැති හෙළකුරු පෙරදසුන් තීරුව දිස්වෙනවා. අපි කලින් කතාවුන ගැටළුවට, එහෙමත් නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් මත අපිට සිංහල හරිහැටි නොපෙනීමේ ගැටළුවට පිළියම සැපයෙන්නෙ මෙන්න මේ හෙළකුරු පෙරදසුන් තීරුව හරහායි. ඔබේ දුරකථනයේ සිංහල සහය නොමැති නිසා ඔබ අකුරු ඇතුළත් කරන තැන ඔබ ඇතුළත් කරන සිංහල යුනිකේත අකුරු හරිහැටි නොපෙනුනත්, ඒ ඔබ ඇතුළත් කරන සිංහල අකුරු වලම පෙරදසුනක් ඔබට මේ හෙළකුරු පෙරදසුන් තීරුවෙන් නිවැරදි rendering සහිතවම දැක බලාගන්න පුළුවන්. (එනම් භාෂා හෙළකුරු යතුරුපුවරුව භාවිතා කරන්න ඔබ දුරකථනය root කර තිබීම හෝ සිංහල fonts ස්ථාපනය කර තිබීම කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නෑ.)
Source
ඉතිරිය කියවන්න >> ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts
Under Creative Commons License: Attribution Non-Commercial

Last edited: