Android සල්ලි_දීලා ගන්න වෙයිද
ගූගල් සමාගමට ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ධයෙන් යුරෝපීය සංගමය විසින් ඩොලර් බිලියන පහක දඩයක් ගහල!
මේනිසා තවදුරටත් ඇන්ඩ්‍රොයිඩ් OS එක ෆ්‍රී දෙන්න බැරි වෙන තත්වයක් ඇවිල්ල තියනව.
මේ දඩයට හේතුව විදිහට සඳහන් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එකේ ගූගල්ලාගේ ක්‍රෝම් වගේ ඇප්ස් බලෙන් ඉන්ස්ටෝ කිරීමට දුරකථන නිශ්පාදකයන්ට බලකිරීම සහ ඇන්ඩ්‍රොයිඩ් OS එක අධිකව මොඩිෆයි කරල හදන OS වලට Google Play Services පාවිච්චි කරන්න අවසර නොදීම.
අපි දන්නව ගූගල් ප්ලේ සර්විසස් නැතුව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් ඒහැටි වැඩක් ගන්න බෑ. මොකද ඇප්ස් ඉන්ස්ටෝ කරගන්න ප්ලේ ස්ටෝ එක නැති නිසා.
ගූගල් එකෙන් ප්ලේ සර්විස් පාවිච්චි කරන්න අවසර දෙන්නේ ගූගල් එකෙන් නියම කරන තත්වයන් සම්පූර්ණ කරන දුරකථන වලට විතරයි.
මේ තත්ව වලින් එකක් තමා Google Chrome, Google App, Gmail, Drive, Youtube හා අනෙකුත් ගූගල් ඇප්ස් අනිවාර්යයෙන් ඇතුලත්ව තිබීම.
යුරෝපියන් යුනියන් (EU) එකට අනුව මේක පාරිභෝගික හා වෙළඳ අයිතීන් කඩවීමක්.
ඒවගේම ගූගල් එකෙන් අධිකව මොඩිෆයි කරපු ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් වලට Play Services දෙන්නෙත් නෑ. ඒකත් EU එකට අනුව පාරිභෝගික හා වෙළඳ අයිතීන් කඩ කිරීමක්. (වරදවා වටහා ගන්න එපා මේකට EMUI, GraceUX, Oxygen Os වගේ ඒවා අදාල නෑ. ඒව මොඩිෆයි උනාට ලිමිට් එකක ඉන්න ඒවා)
දැනට EU එකෙන් ගූගල් එකට දින 90ක් දීලා තියනව මේව වෙනස් කරගන්න. එහෙම වෙනස් නොකලොත් දඩය ගෙවන්න වෙනව.
ආරංචි වලට අනුව Google එකෙන් ඇපෑලක් ඉදිරිපත් කරනවලු.
EU එකේ මේ දඩයට Google එකේ පිලිතුර තමා ඔවුන් පාරිභෝගිකයන්ට Chrome වැනි ඇප්ස් භාවිතා කිරීම අනිවාර්ය කර නැති බවත් අවශ්‍ය නම් පාරිභෝගිකයන්ට වෙනස් කල හැකි බවත්. (ඒක ඇත්ත කියල අපිත් දන්නවනේ). නමුත් EU එක ඒක පිලිගන්න බවක් නෑ.
ගූගල් ආයතනය දැනට අනතුරු අඟවල තියනව මේ විදිහේ බලපෑම් නිසා අනාගතයේදී ඇන්ඩ්‍රොයිඩ් OS එක සඳහා Google Play Services නොමිලේ ලබාදීම කරන්න බැරිවෙයි කියල. ඒකේ තේරුම අපිට සල්ලි ගෙවල Google Play Services ඇක්ටිව් කරගන්න වේවී.
වැඩේ කියන්නේ මේක EU එක ගූගල් එකට දඩගහපු පලවෙනි වතාව නෙවේ. මීට පෙර කීපවතාවක්ම EU එකෙන් Google එකට දැවැන්ත දඩ ගහල තියනව.
වරක් Google Search වල රිසාල්ට් වෙනස් කලා කියල ඩොලර් බිලියන 2.7ක් දඩගැහුව.
පුදුම දෙයක් කියන්නේ යුරෝපියන් යුනියන් එක ඇමරිකානු ව්‍යාපාර වලට විවිධ චෝදනා මත දඩ ගැසීම් කරනව හා කරල තියනව.
වරක් Apple inc. එකට ඩොලර් බිලියන 15ක් දඩයක් බදු විදිහට ගෙවන්න නියම කලා.
Microsoft එකට දෙවරක් දඩ ගැහුව වින්ඩෝව්ස් 7 වලට වෙබ්‍රව්සර් එක සම්බන්ධව.
ඉන්ටෙල් එකට ඩොලර් බිලියනයක් දඩ ගහල තියනව 2009දී. ෆේස්බුක් එකට බිලියනයකට ආසන්නව දඩ වදිනව ගිය අව්රුද්දේ.
මේ දිගින් දිගට තාක්ෂණික සමාගම්වලින් දඩ ගහන එක එක්තරා දේශපාලන ප්‍රයෝගයක් වෙන්න පුළුවන්.
තමන් තවමත් ලෝක බලවතුන් කියල පෙන්නන්න යුරෝපියන් රටවල උත්සහයක් වෙන්න පුළුවන්. මොකද දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ දේශපාලන බලය ඇමරිකාව, රුසියාව අතර බෙදුන. යුරෝපය දුර්වල උනා.
දැන් ලෝකේ බලවතෙක් විදිහට චීනය නැගී සිටියම යුරෝපය තවත් දුර්වල උනා.
මේ ලිපිය ලියන මගේ (Rezor Kenway) පෞද්ගලික අදහස යුරෝපය මේ කරන්නේ තමන් තාම සෙල්ලමේ ඉන්නව කියල පෙන්නන්න කරන උත්සහයක් කියල මිසක ඇත්තටම පාරිභෝගිකයන් වෙනුවෙන් කරන දෙයක් කියල නෙවෙයි.
කොහොම උනත් මේකෙන් දැවැන්ත බලපෑමක් අපිටත් වෙනව මේ දෙවල් මේ විදිහටම ඉඳිරියට ගියොත්!
Android වැඩකාරයෝ FB page වෙනුවෙන් Rezor Kenway