ස්කෑන් කරාට වයිරස් තිබුනොත් අහුවෙනවා ඒ උනාට අහුවෙන්නෙ නැතිව බයිනරි පැච් කරන්න පුලුවන්
උදාහරනයක් විදියට
APK එක පැච් කරන්න පුලුවන් සර්වර් එකට යන සේරම රික්වෙස්ට් හරි සර්වර් එකටත් යනවා අපේ සර්වර් එකටත් යනවා. මෙහෙම කරාම ඇප් එක කිසිම වෙනසක් නැතිව වැඩ කරනවා ඒත් සේරම රික්වෙස්ට් අපේ සර්වර් එකෙත් ලොග් වෙනවා
මේක අපි පොඩි සෙකියුරිටි මීටප් එකකදි කරලා පෙන්නුවා, වයිරස් ස්කෑනර් එකකට අහුවෙන්නෙ නැහැ මොකද කිසිම හාම්ෆුල් ඇක්ශන් එකක් කරන්නෙ නැහැ නෝමල් සර්වර් රික්වෙස්ට් එකක් යන්නෙ
මේක iOS වලටත් කරන්න පුලුවන් ඒත් iOS වල සාමාන්යෙන් ඇප්ස්ටෝ එකට පිටින් ඇප් ඉනස්ටෝල් කරන්නෙ නැති නිසා ගැටලුවක් නැහැ හැබැයි ඇන්ඩ්රොයිඩ් වල පිටින් ගන්න ඇප් වලට මේක ලේසියෙන්ම කරන්න පුලුවන්
අනික ඇන්ඩ්රොයිඩ් වල නෙට්වර්ක් රික්වෙස්ට් හැඩල් කරන ප්රසිද්ද ලයිබ්රි කීපයයි තියෙන්නෙ ගොඩක් ඇප් ඔය ලයිබ්රී වලින් එකක් තමයි යූස් කරන්නෙ. ඔය ලයිබ්රී ටික අර මම කියපු විදියට පැච් කරලා ලග තියාගත්තම ඕන APK එකක් බලලා අර අපි පැච් කරපු ලයිබ්රී එක දාල රී පැක් කරන එක විනාඩි දෙකක වගේ වැඩක් ඒක නිසා ඔහොම අන්ට්රස්ටඩ් සෝස් වලින් ඇප් දාන එක පට්ටම රිස්කි