ane ammooooooooooooooooooo

prabuhetti

Member
Sep 15, 2013
127
40
0
Maha Muhuda
:confused::confused::confused
Image.image001.jpg@01CCDF2F.0C7E4300.jpg

mokada bole mehema weenne:shocked
 
Last edited:

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"


    මචො, Attachment එකක් විදියට දාන්න බැරිනම් වෙන Free Online File Hosting Site එකකට Upload කරලා මෙතන image එක දාන්න, උදව්වක් හැටියට ඔයා දාපු කතාව මම මෙතන දාන්නම්,,

    මේක නේද කතාව ?


    විශාල කර්මාන්තශාලාවක සේවකයන් දිනක් දිවා ආහරයෙන් පසු නැවතත් ආයතනයට පැමිනෙන විට දුටුවේ ආයතනයේ ඉදිරි දොරටුවේ තිබූ දැන්වීමකි. එහි සදහන් වූයේ පහත පණිවිඩයයි,
    "මෙම ආයතනය තුල ඔබේ දියුණුවට බාධා කල ඔබේ හිතවතා මිය ගියා,ඔහුගේ අවසන් කටයුතු සදහා ශ්‍රවනාගාරය වෙත පැමිනෙන්න"
    මෙය දුටු පමනින් සියළු සේවකයන් තමන් සමග එකට සේවයේ නියුතු සහෝදර සේවකයෙකුගේ මරණය පිලිබදව ශෝක වූවත් මද වේලාවකින් ඔවුන් තුල වූ කුතුහලය ඇවිස්සුනේ මිය ගොස් ඇත්තේ කවුරුන් ද යන්න ඔවුන් කිසිවෙකුත් නොදැන සිටි නිසයි.
    ශ්‍රවනාගාරය වෙත සේවකයන් ලගා වන විට ඔවුන් තදින් නොසන්සුන් වී සිටියා, "කවුද මටත් නොදැනී මගේ දියුණුවට බාධා කල පුද්ගලයා" සියලු දෙනාගේම සිත් තුල වූයේ එවැනි පැනයක්.මිය ගොස් සිටින්නේ කවුරුන් විය හැකි දැයි අනුමාන කිරීමට ඔවුන් උත්සාහ දැරුවා.
    ශ්‍රවනාගාරය තුල තැනූ කුඩා කුටියක් තුල මිනී පෙට්ටිය තැන්පත් කර තිබූ අතර සේවකයන් එකා පසුපස එකා බැගින් තම සගයාට අවසන් ගෞරව දැක්වීම සදහා මිනී පෙට්ටිය අසලට පැමිනියා. මිනී පෙට්ටිය අසලට පැමිනෙන සේවකයන් සියලු දෙනා ඒ තුලට එබී බැලූ විට විශ්මයෙන් ගල් ගැසුනු අතර මුවෙන් එකදු වදනක්වත් පිට වූයේ නෑ.
    ඇත්ත වශයෙන්ම මිනී පෙට්ටිය තුල වූයේ කණ්ණාඩියක් පමනයි.මිනී පෙට්ටිය තුලට එබී බැලූ සියලු පුද්ගලයන් ඒ තුලින් දුටූවේ තමාගේම මුහුනයි.ඒ අසලින්ම වූ කුඩා සටහනක මෙසේ සදහන් වූවා,
    "ඔබේ දියුණුවට සීමා පැනවිය හැකි මෙලොව සිටින එකම පුද්ගලයා ඔබම පමනයි"
    ඔබේ ජීවිතය පරිවර්තනයකට භාජනය කල හැකි එකම පුද්ගලයා ඔබ පමනයි,ඔබ ඔබේ ජීවිතය තුල ලබා ගන්නා සතුට පාලනය කල හැක්කේත් ඔබට පමනයි,ඔබ ජීවිතය තුල ලබා ගන්නා සාර්ථකත්වය තීරණය කල හැකි වන්නේත් ඔබටම පමනයි.
    ඔබේ ආයතනය වෙනස් වන විට,ඔබේ ප්‍රධානියා වෙනස් වන විට,ඔබේ මිතුරන් වෙනස් වන විට,ඔබේ සහකරුවා/සහකාරිය වෙනස් වන විට ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත.,ඔබේ ජීවිතය වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි,ඔබ ඔබට හැකි යැයි ඔබ විසින්ම පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි,ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි.




     
    • Like
    Reactions: Street Fighter