Anna araki club eke bona CCTV video eka eliyata daala

monson

Well-known member
  • May 7, 2007
    25,308
    27,790
    113
    පසුගිය 30 වැනිදා අලුයම 1.30ට පමණ පැපිලියාන වික්‍රමරත්න ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තිඹිරිගස්යාය පොලිස් ක්‍ෂේත්‍රබල මූලස්ථානයේ පදිංචිව සිටි පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණු උපදේශක වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක ගමගේ අජන්ත ගාමිණි මහතා මිය ගියේය.

    මෙම අනතුරෙන් ගාමිණි මහතාගේ බිරිය, ලොකු පුතා සහ වයස අවුරුදු 8ක් පමණ වූ බාල පුතා බරපතළ තුවාල ලැබූහ.

    අනතුර සිදුවූයේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝගය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරියක වූ ගුණවර්ධන භද්‍රාගේ තිලානි කාවින්ද්‍යා නමැති වෛද්‍යවරියගෙනි.

    ඇය රත්නපුර මහ රෝහලේ සේවය කළත් සති දෙකකට වරක් පිළියන්දල විද්‍යාල මාවතේ නො. 41 හි පිහිටි නිවෙසට පැමිණෙන්නේ සිය වයස අවුරුදු 10ක පමණ දරුවා බැලීමටය. ඇයගේ සැමියා ව්‍යාපාරිකයකු වන අතර ඔහු පිළියන්දල නිවෙසේ දරුවා සමඟ පදිංචිව සිටින බවද වාර්තා වෙයි.

    සිද්ධිය වූ දිනයේ පොලිස් පරීක්ෂක ගාමිණි මහතා බොරලැස්ගමුව එගොඩවත්ත ප්‍රදේශයේ සිය සොහොයුරියගේ නිවෙසට පැමිණෙන්නේ මවගේ 82 වැනි උපන් දිනය නිමිත්තෙන් පැවැති පිරිතට සහභාගි වීමටය. එදින පැවැති බොක්සිං තරග කිහිපයක්ද ගාමිණි මහතාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ඔහු වෙනදාට වඩා කලින් බොරලැස්ගමුව එගොඩවත්ත ප්‍රදේශයට යෑමට උත්සාහ කළේ සිය මව බැලීමටය.
    සිය පණටත් වඩා මවට, සහෝදරයන්ට, සහෝදරියන්ට, බිරියගේ පවුලේ සැමට, කුඩා දරුවන්ට පවා ගාමිණී මහතා මහත් ආදරයක් කරුණාවක් දැක්වීය. කුඩා කාලයේ සිටම බොක්සිං ක්‍රීඩාවට දස්කම් දැක්වූ ගාමිණි මහතා ඉගෙනීමටද දක්ෂ විය.

    පාසල් ගොස් නිවෙසට පැමිණි පසු බොක්සිං ක්‍රීඩාවේ නිරත වූයේ නිවෙසේ තිබූ කොටසද උපයෝගි කර ගනිමිනි. උදේ පාන්දර 4ට නැඟිටින ගාමිණී මහතා ව්‍යායාම කිරීම අරඹයි. උදේට නැඟිට දිනකට කිලෝමීටර් 5ක් පමණ දිව විත් ව්‍යායාම කිරීමෙන් අනතුරුව සිය ක්‍රීඩා කටයුතු කිරීම ඔහුගේ දින චර්යාවේ කොටසකි.

    දිනපතාම බුදුන් වැඳීමට අමතක නොකරන ගාමිණී මහතා දිනපතාම භාවනා කිරීමටද හුරු වූ අයෙකි. සිය මවට පියාට පණ මෙන් ආදරය කරන ඔහු මවුපියන්ට මුදල්ද ලබා දෙයි. ඔහු මවුපියන්ට ඒ මුදල දෙන්නේ කවරයක දමා මවුපියන්ට දණ ගසා වැඳ මවගේ සහ පියාගේ මුහුණ සිඹීමෙන් අනතුරුවය.

    ගාමිණී මහතා හැම විටම කියන්නේ මේ ජීවිතයෙන් පලක් නැත කියාය. බුදු ගුණ අනුව ජීවත් වෙන්න තියේ නම් ඇති කියාය.

    දානමානවලට වැඩි කැමැත්තක් දැක්වූ ඔහු හැම විටම කීවේ අම්මට ඉස්සර මම මැරෙන්න ඕනෑ කියාය. 'අම්මා මම කලින් මැරුණාම මට දුක වැඩියි. ඒ නිසා අම්මට කලින් මම මැරෙන්න ඕන යැයි හැම විටම කීවේ සිය මවට තුරුළු වෙමිනි. අජන්ත මහතාගේ පියා මියගොස් දැනට වසර 23ක් පමණ වෙයි.

    අජන්ත ගාමිණී මහතාගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙකි. පිරිමි හතර දෙනයි ගැහැනු තුන් දෙනෙකි. අජන්ත ගාමිණි මහතා පවුලේ හය වැනියාය. සිය පවුලේ වගකීම කරටගත් ඔහු පියකුමෙන් කටයුතු කළ අයෙකි.

    1989දී අජන්ත ගාමිණී මහතා උප පොලිස් පරීක්ෂකයකු ලෙස පොලිසියට එක්වෙයි. දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු වූ ඔහු පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ දී (1991දී) රිදී හා ලෝකඩ පදක්කම්වලින් රටට කීර්තියක් ගෙන දී තිබේ. මීට අමතරව දක්ෂ බොක්සිං ශිල්පියකු ලෙසත් දක්ෂ පුහුණුකරුවකු ලෙසත් රට වෙනුවෙන් උපරිම දායකත්වයක් දීමට ඔහුට හැකි විය. ඔහුගේ දක්ෂතා නිසා පොලිසියෙන් උසස්වීම් ලැබිණි.

    සිය මවගේ උපන් දිනයට කේක් එකක් මිලදී ගත්තත් අවශ්‍ය ඉටිපන්දම් සොයා ගැනීමට 29 වැනිදා අජන්ත ගාමිණි මහතාට නොහැකි විය. මේ නිසා රාත්‍රි 8.30ට පමණ ඉටිපන්දම්ද රැගෙන නිවෙසට පැමිණෙන තුරු නිවැසියන් ආහාර ගැනීමෙන්ද වැළැකී සිටියේය. ඒ ඔහුට ඇති ආදරය නිසාය.

    රාජකාරියේදී කවුරුත් අජන්ත ගාමිණි ලෙස හැඳින්වුවත් සිය පවුලේ උදවියට ඔහු පොඩි මහත්තයා විය. නෑදෑ දරුවන්ට පොඩි මාමාය. මවගේ උපන් දිනය දා සිය ජීවිතයේ අවසන් ගමන යාවි යැයි ඔහු කිසි විටෙකත් සිතන්නට නැත. ගාමිණී මහතා ගීත ගායනයටද දක්ෂයෙකි.

    සෙත් පිරිත් නිම වූ පසු මව වෙනුවෙන් ගෙනා කේක් ගෙඩියද කපා ගීත ගායනා කිරීමටද ඔහු අමතක කළේ නැත. ගාමිණි මහතා කැමැති ගීතයක් වූයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සසර වසන තුරු නිවන් දකින තුරු ගීතයයි. එම ගීතයද ඔහු ගායනා කළේ අවසන් වතාවටය. සිය ආදරණීයන් සමඟ සතුටු වී රාත්‍රි 12.30ට පමණ තමන් පදිංචි වී සිටි තිඹිරිගස්යායේ පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ පිහිටි නිවෙසට ඒමට පිටත් විය.

    වයස අවුරුදු 21 පමණ වූ සිය වැඩිමල් පුත්‍රයාට වාහනය පදවන ලෙස කියා ඔහු ඉදිරි අසුනේ වාඩි විය. බිරිය හා බාල දරුවා පිටුපස අසුනෙහි වාඩි වූහ. අජන්ත ගාමිණී මහතාට දරුවන් තිදෙනෙකි. පාසලේ පැවැති පිහිනුම් තරගයකට සහභාගි වීමට සිදු වූ නිසා දෙවැනි දරුවාට සිය මිත්තණියගේ උපන් දිනයට සුබ පැතීමට ඒමට නොහැකි විය.

    සිය සහෝදරියගේ නිවෙසින් පිටව අජන්ත ගාමිණි මහතාට එතරම් දුරක් පැමිණීමට නොහැකි විය. ඒ කොහුවල සිට පිළියන්දල දෙසට පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක් ගාමිණි මහතා ගිය මෝටර් රථයේ මුහුණට මුහුණ වැදීම නිසාය.

    මෙම වාහනයේ සිටියේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක වූ ගුණවර්ධන හදුන්ගේ තිලානි කාවින්ද්‍යා සහ තවත් පිරිමි දෙදෙනකු සමඟ කාන්තාවක්ය. තමන්ගේ දරුවා පදවන වාහනය දෙසට අධික වේගයෙන් එන මෝටර් රථය නිසා අනතුරක් වේදෝ සිතූ අජන්ත ගාමිණී මහතා සිය පුතා දෙසට නැවී වාහනය වම් පසට කැපීමට උත්සාහ ගෙන ඇත. ඒ අනතුරින් බේරීමටය.

    එහෙත් එම උත්සාහය අසාර්ථක වූයේ ඒ වන විටත් වේගයෙන් පැමිණි මෝටර් රථය අජන්ත ගාමිණී මහතා ගමන් කළ රියේ ගැටීම නිසාය.

    ඉදිරියෙන් පැමිණි වාහනය වැදීමත් සමඟ ගාමිණී මහතා ගමන් ගත් වාහනයට දැඩි අලාභහානි සිදු විය. සිය වාහනය බේරීමට තැත් කිරීම අසාර්ථක වුවත් සිය දරුවාට අනතුරක් නොවී බේරා ගැනීමට අජන්ත ගාමිණි මහතා උත්සාහ කළේය. නමුත් දෛවය ඊට හරස් විය. සිය වැඩිමහල් පුතාගේ පාදවලට මෙම අනතුරින් දැඩි හානි සිදු වී තිබිණි. බාල පුතාගේ සුෂුම්නාව ප්‍රදේශයට දැඩි හානි වී තිබේ. එම දරුවා දැන් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේය. මේ අනතුරින් සිය බිරියගේ මුහුණ හා ඔළුව වැදී ඇය සිහිසුන් විය. තමන් වාහනයේ යකඩ කැබලි අස්සට හිර වී තිබෙන බව අජන්ත ගාමිණී මහතාට තේරිණි. ඒ නිසා ඔහු පුතා සිටි පැත්තේ වීදුරුවෙන් අත වනා උදවු ඉල්ලා තිබේ.

    අනතුර සිදු වූ ස්ථානයේ පිහිටි වෙළෙඳසලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී අජන්ත ගාමිණි මහතා ගමන් කළ වාහනයෙන් කෙනකු එළියට බසිනවා පෙනේ. ඒ අජන්ත ගාමිණී මහතා විය හැකිය. මන්දයත් සුන්බුන් අතරින් එළියට පැමිණි අජන්ත ගාමිණී මහතා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව සිය දරුවන් හා බිරියව එළියට ගෙන රෝහලට ගෙනයෑමටද කටයුතු කර තිබේ.

    සිය දරුවන් රෝහලට යැවීමට 1990 ගිලන් රථ සේවය හරහා කටයුතු කළ අජන්ත ගාමිණී මහතා පසුව එම ස්ථානයේම බිම දිගා වූයේ ඇති වූ ක්ලාන්ත ගතිය හෙයිනි. ඒ වන විට 1990 ගිලන් රථ සේවය නැවත පැමිණ තිබූ අතර ගිලන් රථයේ සේවකයන් ඔහුට ඔක්සිජන්ද ලබා දී තිබේ. අනතුරින් තුවාල ලැබූ අය වහාම රැගෙන ගියේ කළුබෝවිල රෝහලටය.

    රෝහලට ඇතුළත් කළ පසු අජන්ත ගාමිණී මහතා සිය නම ගම පවා රෝහල් සේවකයන්ට පවසා ඇත. ඉන් පසුව නැඟිට තමාට තුවාල නැතැයි කියමින් සිය බිරිය හා දරුවන්ගේ නම්ද රෝහල් බලධාරීන්ට ලබාදී ඇත. ඔවුන් ගැන සොයා බලා අවශ්‍ය වෛද්‍ය පහසුකම් වෙනුවෙන්ද යොමු කර ඇත්තේ අජන්ත ගාමිණී මහතාමය.

    සිය පවුලේ උදවිය වෙනුවෙන් පැය එකහමාරකට වඩා වෙහෙසුණු අජන්ත ගාමිණී මහතා එක්වරම ක්ලාන්තයි මහන්සි යැයි කියමින් රෝහලේ ඇඳක් මත නිදාගෙන ඇති අතර ඉන් විනාඩි දෙකකට පමණ පසු ඔහු මෙලොවින් සමු ගත්තේය.

    ගල්කිස්සේ රාත්‍රි සමාජ ශාලාවකට ගොස් ඕල්ඩ් අරක්කු බෝතලයක්, වයිට් රම් ෂොට් 10ක් සහ බියර් දෙකකින් මිතුරන්ද සමග පදම් වී සිටි වෛද්‍යවරිය සහ පිරිස සිය සුඛෝපභෝගී වාහනයේ නැඟී පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පැමිණ තිබේ.

    කොහුවල හන්දියේ ආලෝක සංඥා පවා නොතකමින් ඇය අධික වේගයෙන් සිය රථය ධාවනය කර තිබුණු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. එම අවස්ථාවේදී කොහුවල සිට පිළියන්දල දෙසට යමින් සිටි ත්‍රිරෝද රථයකටද වෙට්ටු දමා වේගයෙන් මෙම වාහනය ගිය බවට ත්‍රිරෝද රථයේ රියැදුරුද පවසයි. එලෙස ගිය රථය වික්‍රමරත්න මාවත අසලදී අජන්ත ගාමිණී මහතා පැමිණි මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී තිබේ.

    එම අනතුරින් වෛද්‍යවරියගේ පාදයට පමණක් පොඩි සීරීමක් වී තිබේ. වාහනය පදවාගෙන ආ වෛද්‍යවරිය බීමතින් සිටි බවට ඇති අනෙක් ප්‍රබලතම සාක්ෂියක් වන්නේ ගිලන්රථ රියැදුරන්ගේ ප්‍රකාශයයි. අනතුර සිදුවී සුළු වේලාවකින් ගිලන් රථ එතැනට පැමිණෙන විටත් වෛද්‍යවරිය බිම වාඩි වී හිස කකුල් දෙක උඩ තබාගෙන සිට ඇත. එක් එක් රෝගීන් රෝහලට ගෙන යෑමට ගිලන් රථ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

    වෛද්‍යවරිය සමඟ සිටි කාන්තාව කොට ඩෙනිම් ෂෝට් එකක් ඇඳ සිටියාය. ඇයගේ ඇඟ පුරාම පච්ච කොටා තිබිණි. අනතුරෙන් ඇයගේ ඔළුව පැළී තිබිණි. ඇය සමඟ තවත් පිරිමි අයකු සිටි අතර ඔහුද ඇඟ පුරාම පච්ච කොටා තිබිණි.

    වෛද්‍යවරිය ඇඳ සිටියේ තැඹිලි පාට කොට ගවුමකි. ඇය ටික වේලාවකින් අනතුර සිදු වූ ස්ථානයේ බිම දිගා වී ඇත. හැරෙන විට ගවුම උඩ ගොස් තිබිණි. එහිදී ගිලන්රථ සේවකයන් දැක තිබුණේ වෛද්‍යවරිය යට ඇඳුමක් පවා ඇඳ නොසිටි බවය. වෛද්‍යවරිය සමඟ ඉදිරි අසුනේ පැමිණි පිරිමියාට වයස අවුරුදු 35ක් පමණ වන්නට ඇත. ඔහුට තුවාල නැත. නිල්පාට ඩෙනිම් ෂර්ට් එකක් ඇඳ සිටි අතර ඔහු වෛද්‍යවරියගේ පෙම්වතා බව පොලිසිය සැක කරයි.

    මේ සියල්ලන්ම හොඳ පදමට වෙරි වී සිට ඇත. එසේම ගල්කිස්ස ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවේ වේටර්වරයකු පොලිසියට ලබාදී ඇති කටඋත්තරය මත ඔවුන් සතර දෙනා පෙර කී මත්පැන් වර්ග පානය කළ බවට ප්‍රකාශයක්ද ලබාදී තිබේ.

    මෙම සමාජ ශාලාවට වෛද්‍යවරිය නිතරම යන එන තැනක් බවද වාර්තා වෙයි. අප මේ ගැන සොයාබැලීමට එම ප්‍රදේශයට ගිය වෙලාවේ පොලිසියෙන් දැනගන්නට ලැබුණේ එම සමාජ ශාලාවේ වෛද්‍යවරිය මත්පැන් බොන ඛ්ඛ්ඊඍ වීඩියෝ දර්ශන ඇති බවය. එම වීඩියෝ දර්ශන පොලිසිය භාරයට ගෙන ඇති බවද වාර්තා වෙයි. එහෙත් වෛද්‍යවරියගේ පාර්ශ්වයෙන් එම ඛ්ඛ්ඊඍ දත්ත මැකීමට උත්සාහ කළ බවටද තොරතුරු තිබේ. එම උත්සාහයට පෙර පොලිසිය අදාළ දත්ත ලබාගෙන ඇත.

    වෛද්‍යවරිය රෝහලට ඇතුළු කළ පසු එහි සේවයේ සිටි වෛද්‍යවරයා ඇයගෙන් මත්පැන් ගඳක් වහනය නොවන බව ප්‍රකාශ කිරීමත් සමඟ එම වෛද්‍යවරයා අනතුර සිදුකළ වෛද්‍යවරියගේ පැත්තගෙන කටයුතු කළ බව මේ වනවිට කරුණු අනාවරණය වෙයි.

    කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතාය. අනතුර සිදුකළ වෛද්‍යවරියද ගුණවර්ධනය. ඒ නිසා ඥාති සබඳකමක් ඇති බවත් එම නිසා වෛද්‍යවරියගේ පැත්ත ගත් බවත් යනුවෙන් චෝදනාවක් පොලිස් පරීක්ෂක අජන්ත ගමගේ මහතාගේ පාර්ශ්වයෙන් එල්ල විය. නමුත් අපි මේ පිළිබඳව කළුබෝවිල රෝහලට ගොස් සොයා බැලුවෙමු. එහිදී සොයාගත හැකිවූයේ වෛද්‍යවරියගේ මව කළුබෝවිල රෝහලේ ර්.ර්ණී.ඩ්. එකේ ච්.ර්.ර්ණී වෛද්‍යවරිය ලෙස සේවය කර ඇත.

    ඒ 2014 වසරේදීය. ඇයගේ නමද ගුණවර්ධනය. කාවින්ද්‍යා වෛද්‍යවරියද වෛද්‍ය පත්වීම ලබා කළුබෝවිල රෝහලේ දියවැඩියා ඒකකයේ සේවය කර තිබේ. ඉන්පසු විදේශගතව විභාග සමත් වී විශේෂඥ වෛද්‍යවරියක ලෙස රත්නපුර මහ රෝහලේ සේවයට ගොස් තිබේ.

    බොරලැස්ගමුව රථවාහන පොලිසියට ලබාදී ඇති කටඋත්තරය අනුව (වාර්තාවට අනුව) වෛද්‍යවරිය පවසා ඇත්තේ තමාට නින්දයෑම මත අනතුර සිදුවූ බවකි. නමුත් එම කටඋත්තරය බොරු බව ඇය විසින් බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන්ට දෙනු ලැබ ඇති තවත් කටඋත්තරයකින් ඔප්පු වී තිබේ. ඇයගේ වයස අවුරුදු 39ක් බවත් පිළියන්දල විද්‍යාල මාවතේ නො. 41 නිවෙසේ පදිංචිව සිටින බවත් පවසා ඇත. රත්නපුර නිවෙසක් කුලියට ගෙන එහි පදිංචිව සිටින ඇය පිළියන්දල නිවෙසට සති දෙකකට වරක් පැමිණෙන්නේ වයස අවුරුදු 10ක් වන සිය දරුවා බැලීමට බව ඇය ප්‍රකාශ කර තිබේ.

    සිද්ධිය වූ දින රාත්‍රි 12ට පමණ සමාජ ශාලාවෙන් වෛද්‍යවරිය පිටවී ඇති බව ප්‍රකාශ කර ඇත. සැමියා පෞද්ගලික අංශයේ සේවය කරන අයෙකි. වෛද්‍යවරිය පොලිසියට ලබාදී ඇති කටඋත්තරයට අනුව ඇය මත්පැන් පානය කර නැති බව ප්‍රකාශ කර තිබේ. නමුත් ඇල්කෝලයිසරය යොදා පරීක්ෂා කිරීමේදී එය කොළපාට වූ බව පොලිසිය කියයි.

    වෛද්‍යවරිය බොරලැස්ගමුව පොලිසියට ලබාදුන් තවත් කටඋත්තරයක සඳහන් වන්නේ ඇල්කෝලයිසරය තද කොළපාට නොවූ බවත් එය පිම්බූ පසු ළා කොළ පාට වූ බවත්ය. ඒ අනුව වෛද්‍යවරියට ලබාදුන් ඇල්කෝලයිසරය භාවිත කළ පසු කොළ පාටට හැරී තිබේ. සාමාන්‍යයෙන් ඇල්කෝලයිසරයක් පිම්බූ සැණින් තද කොළ පාටට හැරෙන්නේ නැත. එය ටිකෙන් ටික තද කොළ පාටට හැරෙයි.

    රාත්‍රි සමාජ ශාලාවේ සිට අධික වේගයෙන් සිය මෝටර් රථය පදවාගෙන ගියේ ඇගේ නිවෙසට ගොස් සින්දු කියා විනෝද වීමටද නැත්තම් වෙනත් සාදයකට සහභාගිවීමටද කියා ඇය පැහැදිලිව පවසා නැත.
    කෙසේ වෙතත් ඔක්තෝබර් 01 වැනිදා රත්නපුර ඇයගේ චැනල් සෙන්ටර් එකේ රෝගීන් 45 දෙනකු මුදල් ගෙවා ඇයගෙන් ප්‍රතිකාර ගැනීමට කාලය වෙන් කරවාගෙන ඇත. වෛද්‍යවරියගේ පෞද්ගලික ජීවිතය කෙබඳු වුවත් ඇය රෝගීන්ට කාරුණිකව කටයුතු කරන බව වාර්තා වෙයි.

    මෙම අනතුර නිසා පොලිසිය ඇය අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට එහිදී නියම විය.

    වෛද්‍යවරිය මේ වනවිට කළුබෝවිල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇයගේ පාදයට පමණක් සීරීමක් වී තිබියදී ඇයට මේ අනතුර නිසා අමාරු යැයි පෙන්වා ඇය රෝහල් ගත වී සිටින බව පොලිසියද කියයි.

    කළුබෝවිල රෝහලේ 11 වැනි වාට්ටුවේ 30 වැනි ඇඳේ ප්‍රතිකාර ලබන වෛද්‍යවරිය බැලීමට අපිද පසුගිය බදාදා දින රෝහලට ගියෙමු. දහවල් 12ට රෝගීන් බැලීමට යන අවස්ථාවේ ඇය සිනහ සිසී බන්ධනාගාර නිලධාරිනිය සමඟ සුහද කතාබහක සිටියාය. වෛද්‍යවරිය සිටින්නේ අත්අඩංගුවේ වුවත් එලෙස ඇය නොසිටින බව අපට පෙනිණි.
    "අපි "මව්බිම" පත්තරෙන්.

    වෛද්‍යවරිය සමඟ කතා කරන්න ඕන" යැයි අපි බන්ධනාගාර නිලධාරිනියට කීවෙමු.

    "ඔබතුමන්ලා කොහෙන්ද? වෛද්‍යවරිය සමඟ කතා කරන්න පුළුවන් වෛද්‍යවරුන්ට විතර" යැයි බන්ධනාගාර නිලධාරිනිය අපට කීවාය.
    "නැහැ අපි පත්තරෙන් අපි කීවෙමු."

    එහෙම නම් කතා කරන්න බැහැ. වැලිකඩින් අවසර ගෙන එන ලෙස බන්ධනාගාර නිලධාරිනිය අපට කීවාය. නමුත් වෛද්‍යවරිය සමඟ කතා කිරීමට ඇයට හිතවත් වෛද්‍යවරුන්ට අවස්ථාව තිබේ.

    ඒ සඳහා බන්ධනාගාරයෙන් අවසර ගැනීමක් අවශ්‍ය නමුත් එය එසේ නොවන බව අපට පෙනී ගියේය. මන්දයත් රත්නපුර මහ රෝහලේ ඇයට හිතවත් වෛද්‍යවරුන්" නෑදෑ හිතවතුන් ඇය බැලීමට පැමිණෙන බව රෝහල් සේවකයෙක් අපට කීය. එහිදී බන්ධනාගාර නිලධාරිනිය ඊට ඉඩප්‍රස්තාව ලබාදී ඇති නමුත් වෙනත් අය ගිය විට වැලිකඩින් අවසර ගත යුතුයි. කාවින්ද්‍යා වෛද්‍යවරිය සැකකරුවෙකි. රිමාන්ඩ් භාරයේ සිටින අයෙකි.

    ඒ නිසා රෝහලේ සිටියත් ඇය සිටිය යුත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවේය. එහෙත් කළුබෝවිල රෝහලට ගිය අපට පෙනී ගියේ අත්අඩංගුවේ සිටින්නේ බන්ධනාගාර නිලධාරිනිය බවයි. ඇය වෛද්‍යවරුන්ගේ මතයට අවනත වෙමින් වෛද්‍යවරුන් කරන කියන පිළිවෙළට ක්‍රියා කරයි. දහවල් 12ට අනෙක් රෝගීන් බැලීමට එන ඥාතීන් කාවින්ද්‍යා වෛද්‍යවරිය දකීවි යැයි යන බිය නිසා තිර දමා ඇයව ආවරණය කිරීමට වෛද්‍යවරු සහ හෙදියෝ ලහි ලහියේ ක්‍රියා කරති. මෙය දිනපතාම කරන බවට රෝහලේ සේවකයෙක් අප සමඟ කීවේය.

    නීතිය කාටත් පොදුය. එහෙත් කාවින්ද්‍යා වෛද්‍යවරියට කිසිදු අසාධ්‍යය තත්ත්වයක් නොමැතිව රෝහල් ගත කර ලබන 9 වැනිදා දක්වා තබා ගැනීමට වෛද්‍යවරුන් උත්සාහ ගන්නා බවක් පෙනේ. මේ නිසා අදාළ බලධාරීන් මේ ගැන සොයා බැලිය යුතුයි. ඇත්තෙන්ම කිවහොත් බන්ධනාගාර නිලධාරීන් මේ ගැන සොයා වෛද්‍යවරිය තබාගත යුත්තේ කළුබෝවිල ද නැත්නම් බන්ධනාගාර රෝහලේද කියා තීරණය කළ යුතුය.

    අජන්ත ගාමිණී මහතාගේ මරණ පරීක්ෂණයේදී ද වෛද්‍යවරුන් උත්සාහ ගන්නේ එය අනතුරක් නිසා සිදුවූ මරණයක් නොව ස්වාභාවිකව සිදුවූ මරණයක් බව ඔප්පු කිරීමටය. වෛද්‍යවරියගේ අපරික්ෂාකාරී ධාවනය, බීමත්ව සිටීම ආදී කාරණා වසන් කිරීමට එම චෝදනා යටපත් කිරීමට මේ උත්සාහය ගෙන ඇත. මරණ පරීක්ෂණය පැය තුනකට ආසන්න කාලයක් සිදුවිය. එහිදී වෛද්‍යවරයා උත්සාහ ගත්තේ අජන්ත ගාමිණී මහතා බීමත්ව සිටි බවට ඔප්පු කර ගැනීමටය. එහෙත් අජන්ත මහතාගේ පාර්ශ්වයෙන් කියා සිටියේ අජන්ත මහතා කිසි දිනෙක මත්පැන් නොබන බවයි. ඉන්පසු අනතුරට පෙර "හාර්ට් ඇටැක්" එකක් ඇවිත් යයි කියා තව මතයක් ගෙන ඒමට උත්සාහ දරා ඇත. නමුත් අවසානයේ වෛද්‍යවරිය විසින් සිදුකරන ලද අනතුර නිසා ශරීරයේ අක්මාවක හා උදර කුහරයට සිදුවූ තුවාල මත අභ්‍යන්තර ලේ වහනයක් සිදුවීමෙන් මරණය සිදුවූ බව සඳහන් වී ඇත. :angry:

    එසේම වෛද්‍යවරිය මත්පැන් පානය කර ඇති බවට කළ ඇල්කෝලයිසර පරීක්ෂාව සියයට සියයක්ම හරි බව පොලිසිය පවසයි.

    වෛද්‍යවරිය මත්පැන් නොබී සිටිනවා යැයි, ඇගේ කටින් මත්පැන් ගඳක් පිට නොවූවා යැයි වාචිකව පැවසූ විට එයට නීතිමය පසුබිමක් නැත. වෛද්‍යවරියගේ ශරීරයේ මත්පැන් අන්තර්ගත වී නැතැයි කියා වෛද්‍යවරයා වාර්තාවක් ලබා දිය යුත්තේ ඇයගේ රුධිර පරීක්ෂාවක් කිරීමෙන් පසුවය. නමුත් කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයා වෛද්‍යවරියගේ කට සිඹීමෙන් පමණක් මත්පැන් බී නැතැයි කියා ඉදිරිපත් කරන මතය මතයක් පමණි. එහි නීතිමය වලංගු භාවයක් නැත. එසේම ඇල්කෝලයිසරය භාවිත කළ පසු එය කොළපාට වන්නේ රුධිරයේ ඇල්කොහොල් අඩංගු නම් පමණි. ඒ අනුව වෛද්‍යවරිය මත්පැන් පානය කර සිටි බව ඉන් පෙනෙන බව පොලිසිය පවසයි.

    වරදක් වූවා නම් නීතිය කාටත් පොදුය. වෛද්‍යවරියට පමණක් විශේෂයක් නොවිය යුතුය. ඒ නිසා මියගිය පොලිස් පරීක්ෂකවරයාටත් බරපතළ තත්ත්වයේ පසුවන ඔහුගේ පවුලේ අයටත් සාධාරණයක් වීමට නම් මේ පරීක්ෂණ විනිවිද විය යුතුය. 30 වැනිදා පාන්දර සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂක අජන්ත මහතාගේ බිරිය සහ දරුවන් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේය. එහෙත් අද (5දා) සවස වන විට ඒ මහතාගේ බිරියගේ අසනීප තත්ත්වය සුව නොවී තිබියදීත් රෝහල් බලධාරීන් ඇයව බලහත්කාරයෙන් ටිකට් කපා රෝහලෙන් පිටත් කර හැරීමට සැලැසුමක් දියත් කර තිබේ.

    අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට පෙන්වා ඇයගේ තත්ත්වය බලා වාර්තාවක් ලබා දෙන ලෙසට ඉල්ලා තිබියදීත් රෝහල් බලධාරීන් ඇයව පිටත් කර යවා තිබේ. රෝහල් බලධාරීන්ගේ මේ උත්සාහය වන්නේ 9 වැනිදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත රිය අනතුර සිදු කළ වෛද්‍ය කාවින්ද්‍යාට ඇප ලබා ගැනීමේ උත්සාහයක් දැයි සැක සිතේ. ඒ නිසා අදාළ බලධාරීන්ගේ දැඩි අවධානය ද මේ සඳහා යොමු විය යුතුය.

    ප්‍රගීත් සම්පත් කරුණාතිලක


    - http://mawbima.lk/print20180101MB20181230.php?id=21329

    ...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113

    මම හිතුවා මේ ගෑණිත් පොහොට්ටුවේ කවුරු හරි කියලා උඹ ලොකු හෑල්ලක් දානකොට.:D
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    පොලිසියේ එක්කෙනෙක් හැප්පිලත් hospital එකේ උන් බොරු කියනවනම් සාමාන්‍ය මිනිහෙකුට උනහම මොන කතාද?