කරුමේ කියන්නේ, මුන්ට දඩ ගැහුවාමවත් ආණ්ඩුවට හරි හමන් ආදායමක් හම්බ වෙන්නේ. නැහැ. ඩෝල් එකෙන් ඉන්න dole bludgers ලා වෙච්ච මෙවුන්ට හරි හමන් ආදායමක් නැති නිසා, දඩ මුදල එකවරම අය කරගන්න ලැබෙන්නේ නැහැ.
දඩ මුදල ගෙවීමට කැමති වීම මත, ( Agreed in principle) අඩු ආදායම් ලාභීන් නිසා, payment plan එකකට ගිහිල්ලා සතියකට ඩොලර් දෙක ගානේ විතර ගෙවන්න එකඟ උනාම ඒ මුදල බාර අරං නිකං ඉන්නවා හැර, රජයට වෙන විකල්පයක් නැහැ.
එහෙම නැත්නම් මුන් හිරේ දාන්න ඕනෑ. දඩ නොගෙවීම මත හිරේ අරිනවා කියන්නේ ඊටත් වඩා ඉල්ලං කෑමක්. සාමාන්‍ය හිරකාරයෙක් නඩත්තු කරන්න යන වියදම, එවුන්ට ඩෝල් එක ගෙවලා එළියේ තියන වියදම වගේ දහ ගුණයක් හෝ ඊටත් ඉහල ඇති. ඉතින් කොහොම ගියත් ආණ්ඩුවට ම තමයි පාඩුව.