ගුවන් හමුදා යානයකට පට්‌ටල් බාස් කෙනෙකුගෙන් අමතර කොටසක්
කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සි - 130 වර්ගයේ දැවැන්ත හර්කියුලිස් යානාවට එහි නිෂ්පාදන සමාගමෙන් අමතර කොටසක් නොගෙන්වා මාලඹේ යකඩ පට්‌ටල් බාස් කෙනෙකු ලවා අමතර කොටසක් සාදා ගුවන්ගත කිරීමේ ක්‍රියාවත් අනාවරණය වී ඇත. ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ ඇතැම් නිලධාරීන් ගුවන් හමුදා සෙබළුන්ගේ ජීවිත අනතුරකට ලක්‌කරලා. මේ අමතර කොටසට තත්ව පාලන සහතිකයක් නැහැ" යෑයි ගුවන්හමුදා ආරංචි මාර්ග ඊයේ (9වැනිදා) අනාවරණය කළේය.
මේ හර්කියුලිස් යානාවන්ට අමතර කොටස් සපයන ලෝන්නිට් සමාගමට පවා මේ සිද්ධිය මෙතෙක් වාර්තා වී නැත.
ගුවන්යානා නිෂ්පාදනය නීතිරීති අනුව එකී යානා නිපදවන ආයතනයෙන් මිස හොර අමතර කොටස් යොදවා ගුවන්යානා ගුවන්ගත කිරීම නීතිවිරෝධී වේ.
මේ අන්දමට හර්කියුලිස් යානාවට යකඩ පට්‌ටල් බාස් කෙනෙක් ලවා ව්‍යාජ අමතර කොටසක් නිෂ්පාදනය කර ඇත්තේ බලඝන නායකයකු හා කෝප්‍රල්වරයකු යෑයි ගුවන්හමුදා ආරංචි මාර්ග දක්‌වයි.
දැන් මේ සිද්ධිය ඉහළපෙළේ ආරක්‍ෂක බලධාරීන්ගෙන් වසන් කිරීමට උත්සාහ ගන්නා බව අනාවරණය වී ඇත.