Apple IOS 12

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    Apple IOS කියන්නේ දැනට සෑහෙන්න කාලෙකට කලින් නම් Android වලට වඩා performance ඉස්සරහින් තිබුන Os එකක්නේ. නමුත් මෑත කාලේ අපිට දැකගන්න ලැබුන දේ තමයි ඉතින් Android සම්පූර්නෙන්ම වගේ IOS performance සමකරලා ඊටපස්සේ එතනිනුත් ඒහාට එන්න සමත් උනානේ. ඉතින් මෙතනදී ඇත්තටම උන දේ විදියට හදුන්වන්න පුලුවන් හේතුව තමයි Android වලට සාපෙක්ශව IOS සමාන වේගෙකින් improve නොවීම. මේකේදී අපිට Apple hardware වලට ඇගිල්ල දිගුකරන්න හැකියාවක් නම් නැහැ මොකද අපි මෑත කාලේ ආපු Apple chipset වල benchmark scores ඒවගේම cache වගේ හැමදෙයක්ම ඉහලින්ම තියෙනව දැක්ක නිසා. ඇත්තම කිව්වොත් ඉතින් මෑත කාලේ ආපු සෑහෙන්න හොද Apple chipset, IOS වල දුර්වලතා නිසා performance නිවැරදිව දෙන්නට සමත් උනේ නෑ කිව්වොත් තමයි හරියටම හරි.

    ඉතින් මෙන්න මේ Apple ලගේ පැත්තෙන් උන ලොකුම ලොකු අඩු පාඩුවට අවසානේ ඊයේ announce කරපු IOS 12 එකෙන් කොහොමහරි Apple ලා පිලිතුරක් ලබාදෙන්න සමත් උනා. මේකේ අවශ්‍යතාව කොච්චරද කියනවනම් ඉතින් Apple ලා ඊයේ IOS 12 එක ගැන මුලින්ම කියන්න පටන්ගත්තෙත් මෙන්න මේ ලොකු performance improvement එකෙන් තමයි. ඉතින් මේ Apple IOS වල performance නැවතත් තිබුන තත්වෙට ගේන වැඩපිලිවෙලට පේනවිදියටනම් Apple ලගේ සුපිරි hardware engineers ලා software engineers එක්ක එකට වැඩකරලා කියලා තමයි හිතන්න පුලුවන්. කොහොම උනත් මේ Apple engineers ලා අවසානේ සමත්වෙලා තියෙනවා peak load demand එක වගේ දේවල් ඔවුන්ට හැකි උපරිම මට්ටමෙන් optimize කරන්න hardware වල processing power එක කලින්ට වඩා සෑහෙන්න හොද තත්වෙන් පාවිච්චි කරලා. ඉතින් මේ අනුව IOS 12 එකේ load එකත් එක්ක app start වෙන times 2ගුනයකින් විතර improve වෙනවා කලින් IOS 11 එකට වඩා ඒවගේම app launching times කලින්ට වඩා 40% කින් විතර improve කරලා තියෙනවා, Keyboard app එක 50% විතර වැඩි speed එකකින් open වෙන්නත් camera app එක 70% විතර ලොකු speed එකකින් launch වෙන්නත් IOS 11 එකට සාපෙක්ශව මේ පාර IOS 12 එකේදී. ඉතින් ඒවගේම තමයි Apple ලා කියන විදියට මේවා average numbers ලූ. ඉතින් හොදම දේ මේ performance improvements අයිති වෙන්නේ අලුත් devices වලට විතරක් නම් නෙවෙයි දැනට අව්රුදු කිහිපෙකට කලින් ආපු devices වලට උනත් මේ IOS 12 වලින් මේ performance improvement එක ලැබෙනවා කිව්වොත් කව්ද පිලිගන්නේ..? උදාහරනයක් විදියට දැනට අව්රුදු කිහිපෙකට කලින් ආපු iphone 6 Plus දුරකතනයේ Apple ලගේ testing වලට අනුව මේ අලුත් IOS 12 එක්ක මේ 40% වේගෙකින් app launch වගේ මේ ඉහත කියපු performance improvements හැමදේම ලබාගන්න පුලුවන් උනාලු. ඉතින් කාටද විශ්වාස කරන්න පුලුවන් මේ පුදුමේ..? 😅 කොහොම උනත් ඉතින් එක දෙයක් නම් කියන්න පුලුවන් ඒ තමයි පරන Apple device එකක් උනත් අලුත් Apple device එකක් උනත් මේ හැමෝටම මේ IOS 12 එකනම් සෑහෙන්න ආසා හිතෙන update එකක් වෙයි කියන එක. ඉතින් ඒවගේම තමයි මේ අලුත් IOS 12 එක්ක Apple devices දැනට Android device speed test වලදි පරාද කරන්න පුලුවන් උනොත් ඒ ගැන නම් කාටවත් පුදුම වෙන්න දෙයක් නැතිවෙයි මේ improvements එක්ක IOS 12 එකේ. ඒවගේම කියන්න ඕන ඉතින් IOS 12 එකේ මේ සුපිරි performance improvement එකට අමතරවනම් සුපිරි කියන්න පුලුවන් features මුකුත්ම මටනම් දැකගන්න ලැබුනේ නැහැ ඇත්තටම. ඉතින් අවසානේ අපිට ඉතුරුවෙන්නේ එක ප්‍රශ්නයයි ඒ තමයි මේ වගේ හොද performance improvement එකක් එක්ක battery life වල මොනවගේ වෙනසක් වෙයිද කියන දේ තමයි.... 😇✌🏻🤗

    Info : https://www.phonearena.com/news/Apps-iOS-12-start-performance_id105462


    ගීෂ ගෙහාන් අනුරාද්

     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    "උදාහරනයක් විදියට දැනට අව්රුදු කිහිපෙකට කලින් ආපු iphone 6 Plus දුරකතනයේ Apple ලගේ testing වලට අනුව මේ අලුත් IOS 12 එක්ක මේ 40% වේගෙකින් app launch වගේ මේ ඉහත කියපු performance improvements හැමදේම ලබාගන්න පුලුවන් උනාලු."

    this is why apple is top in the mobile category...
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,832
    9,193
    113
    එක තැනක නෑ
    "උදාහරනයක් විදියට දැනට අව්රුදු කිහිපෙකට කලින් ආපු iphone 6 Plus දුරකතනයේ Apple ලගේ testing වලට අනුව මේ අලුත් IOS 12 එක්ක මේ 40% වේගෙකින් app launch වගේ මේ ඉහත කියපු performance improvements හැමදේම ලබාගන්න පුලුවන් උනාලු."

    this is why apple is top in the mobile category...


    :yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    දැන් ඉතින් අලුතින් පොන් එකක් රිලීස් කරයි ලක්ස 4ක විතර ඔය ප්ෆොර්මන්ස් සීන් එක කියල
    අපේ එවුනුත් පෝලිමේ ඉදල අරගෙන ඇවිත් අහ්හ් මරු මරු කියයි
    ඇපල් කොම්පැනිය මේ අවුරුද්දත් ගොඩ දැම්ම එහෙනම්
    සාදු කාරයක් දෙන්න බලන්න
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    "උදාහරනයක් විදියට දැනට අව්රුදු කිහිපෙකට කලින් ආපු iphone 6 Plus දුරකතනයේ Apple ලගේ testing වලට අනුව මේ අලුත් IOS 12 එක්ක මේ 40% වේගෙකින් app launch වගේ මේ ඉහත කියපු performance improvements හැමදේම ලබාගන්න පුලුවන් උනාලු."

    this is why apple is top in the mobile category...

    Battery health eka 80% වලින් පහළ වැටුන ගමන් Phone eke speed eka 40% throttle කරණකොට තාම apple වල athal එක පේන්නෙ. 😂😂
    තාම ගොඩක් අය ඔය sean එක දන්නේ නැති නිසා හොදයි.