April 13 සඳුදා සිට April 19 ඉරිදා දක්වා
සතිය ආරම්භයේදී ආදායම් සරු වන අතර සතිය මැදදී වියදම් අධික වේ. ගමන් බිමන් අධික වේ. සති අන්තයේ සිතට වද දෙන ප්*රශ්නයක් මතු වෙයි. ගෙදරදොර වැඩ කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත් වේ. මංගල කටයුතු අසාර්ථක වෙයි.
ව්*යාපාර කටයුතු දියුණු වේ. ඇඳුම් පැළඳුම් සහ ආහාරපාන වෙළඳාමේ යෙදෙන අයට සතියේ මුල් භාගයේදී ඉතා වාසිදායකය. සතිය මැදදී වෙළෙඳ කටයුතුවලට බාධා පැමිණේ. අඹුසැමි ප්*රශ්න ඇති විය හැක.
ආදායම් තත්ත්වයේ සතුටුදායක වෙනසක් ඇති වෙයි. සතියේ මුල් දින කිහිපය තුළ වියදම් අධික වේ. රැකියාවේ උසස් වීම් ලැබේ. ව්*යාපාරිකයින්ට සතුටුදායක සතියකි.
දරුවන්ට රෝග පීඩා ඇති වේ. දරුවන්ගේ ප්*රශ්න නිසා වියදම් අධික වේ. බලාපොරොත්තු කඩ වීම නිසා සිතේ සතුට අඩු වේ. සතිය මැදදී සුළු අස්වැසිල්ලක් ලබයි. සතියේ අග භාගය මංගල කටයුතු සඳහා යහපත්ය.
කරදර කම්කටොලු රැසක් නිරාකරණය වෙයි. හදිසියේ දුර ගමනක් යෙදෙන අතර හදිසි කරදරවලට ද හේතු වෙයි. රෝග පීඩාවලට ද ගොදුරු වීමේ අවදානමක් ඇති හෙයින් ප්*රවේශම් විය යුතුය.
මංගල කටයුතු සාර්ථක වන අතර පෙම් බැඳුම් ඇති කර ගැනීමේ අවස්ථා එළඹේ. ව්*යාපාරිකයින්ට සතියේ මුල් දින කීපය තුළ සතුටුදායක ආදායම් ලැබේ. සති අන්තයේ දුර බැහැර ගමනක් නිසා අධික මුදලක් වැය කිරීමට සිදු වන අතර බලවත් ලෙස වෙහෙසට පත් වේ.
ආදායම් තත්ත්වය සතුටුදායක වෙයි. රැකියාවේ විශේෂ වෙනසක් ඇති වෙයි. ඉතාමත් උනන්දුවෙන් ක්*රියා කරන සතියකි. වගා කටයුතුවලින් හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. මංගල කටයුතු සාර්ථක වන අතර පෙම් බැඳුම් ඇති වේ.
ආත්ම ශක්තිය අඩු වන අතර චපල ගති මතු වේ. රැකියාවේ සුළු අතපසු වීම් සිදු විය හැකි නිසා කල්පනාකාරීව ක්*රියා කළ යුතුයි. ගෙදරදොර කරදර මදක් අඩු වෙයි.
අධ්*යාපන කටයුතුවල විශේෂ වෙනසක් ඇති වෙයි. උසස් විභාග ජය ගැනීමට පුළුවන. මුදලක් තැන්පත් කර ගැනීමේ අවස්ථාව උදා වේ. මංගල කටයුතු සාර්ථක වෙයි. දරුවන්ගේ ප්*රශ්නවලට සාර්ථක පිළිතුරු ලැබේ.
වැඩ කටයුතු රැසක් අවුල් වීමට ඉඩ ඇත. බලාපොරොත්තු සුන් වීමෙන් සිතේ කලබලකාරී තත්ත්වයක් ඇති වේ. සතිය අගදී ප්*රශ්න නිරාකරණය කර ගැනීමට පුළුවන. අඹුසැමි ප්*රශ්න සුළුවෙන් හෝ ඇති වේ.
කරදර රැසක් නිරාකරණය වේ. සතියේ මැද භාගය තුළ රැකියාවේ වෙනස් වීමක් ශුභදායක අන්දමින් සිදු වේ. දරුවන්ගේ ප්*රශ්න විසදේ. ප්*රේම සබඳතා ඇති වන සතියකි. ඥාති මිත්*රාදීන් සමග සතුටින් සිටීමට හැකි වේ.
ප්*රේම සබඳතා ඇති වේ. අනවශ්*ය පෙම් බැඳුම් ඇති විය හැකිය. හිතවතුන් සමග සතුටු වීමේ අවස්ථා ඇති වේ. දුර ගමන් සහ කෙටි ගමන් යෙදේ. පවුල් අවුල් ඇති කරයි. රැකියාවේ විශේෂ දියුණුවක් ඇති වේ. දරුවන්ගේ වැඩ කටයුතු අවුල් සහගත තත්ත්වයක පවතී.



