සුනාමි අනතුරක් ඇති බවට ඇතැම් පුද්ගලයින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එවන් කිසිදු අනතුරක බලපෑමක් නොමැති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරන්තර අවදානයෙන් සිටින බැවින් ජනතාව කිසිදු බියක් ඇතිකර නොගත යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒකක මගින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.