Arduino පලමු වැඩසටහන 02 – Led Blinking

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
Arduino පලමු වැඩසටහන 02 – Led Blinking

මුලින්ම වෙනදා වගේම මතක් කරනවා මගේ කලින් ලිපි ටිකත් මේ ලිපියට කලියෙන් අනිවා කියවන්න කියලා.

Arduino category එකෙන් කියවන්න පුලුවන් කලින් ලිපි ටික.👇👇👇

https://make.lk/category/arduino/

අද පාඩම තමා කොහොමද led light එකක් blink කරන්නේ කියලා.ඉතින් මේක අහන සමහරුට නං ටිකක් හිනත් යනවා ඇති😆.මොකද මෙච්චර arduino වලින් ලොකු වැඩ කරද්දි led එකක් blink කරන එක මහ ලොකු දෙයක් යෑ.😒.

ඒ උනාට ආරම්භයේ හොදට ගත්තොත් තමා අවසානය ලස්සනට ඉවර කරන්න පුලුවන් වෙන්නෙ.ඒ නිසා මේ පොඩි පාඩම ඔයාලගේ arduino knowledge එකට හුගක් ලොකු උදව්වක් වේවි.

arduino2520pulsierende2520led-1-1-700x519.jpg


මුලින්ම මම කරලා තියෙන්නේ GND pin එක led බල්බයේ සෘණ (-) අග්‍රයට jumper වයර් උදව්වෙන් සම්බන්ධ කිරීමයි.මෙතනදි 220ohm වගේ රෙසිස්ටරයක් භාවිතා කරන එක හොදයි.(led එකේ ආරක්ශාවට.)

ඊලගට ධන අග්‍රය (+) නව වෙනි digital pin එකට සම්බන්ද කරලා තියෙනවා.

Let’s start coding !!..

මුලින්ම IDE එකේ new project එකක් open කරගන්න.
arduinoide.png



දැන් void setup කියන තැන {} වල ඇතුලේ 9 pin එකට pinMode එක හදමු.


HTML:
void setup() {
 
pinMode(9,OUTPUT);
 
}
මෙතනදී කියලා තියෙන්නේ නවය පින් එක output එකක් විදියට වැඩ කරන්න කියලා.

දැන් loop එක ඇතුලේ ලියමු.


HTML:
void loop () {
 
digitalWrite(9,HIGH);
 
delay(1000);
 
digitalWrite(9,LOW);
 
delay(1000);
 
}
මෙතනදී වැඩ කරන්නේ මුලින් led එකට විදුලිය ලැබෙනවා.ඊට පස්සේ තත්පරයක් (මිලි තත්පර දහසක්) ඉන්නවා. විදුලිය විසන්දි වෙනවා. ආයේ තත්පරයක් (මිලි තත්පර දහසක්) ඉන්නවා.
9829OS_04_07-1.jpg



දැන් board එකට upload කරලා බලන්න.

led_blink_320.gif


දැන් සාමාන්‍ය දුරට වැඩේ ඉවරයි.ඒ උනාට මේකේ තව චූටි extra ලිපියක් තියෙනවා😉..Good bye👋👋

source -: https://make.lk/arduino-පලමු-වැඩසටහන-02-led-blinking/