Arrival Movie එක ගැන කථා කරමු.

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    film eka hodai eth ithin kiyapu tharam nan gathiyak danune na. tikak complicated story 1k
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේ චිත්‍රපටියේ හැටියට සප්තපාදික සක්වල ජීවින් එනවා අපේ ලෝකෙට, අමුතු හැඩේ යානා දොළහක. ඔවුන් මේ යානා නතර කරන්නේ ලෝකේ තැන් දොළහක. (මේකම ලොකු විශේෂත්වයක්නේ ඉතින්, මොකද හැම එකම එන්නේ ඇමරිකාවට විතරයිනෙ ) එහෙම එන මේ ජීවින් අපිට යම් පණිවිඩයක් දෙන්න හදනවා. එකට ඔවුන් ඔවුන්ගේ භාෂාව පාවිච්චි කරනවා. ඉතින් මේ භාෂාව තේරුම් අරන් ඔවුන් කියන්න උත්සහ කරන්නේ මොකද්ද කියන දේ හොයා ගැනීමේ වගකීම පැවරෙන්නේ අපේ කතානායිකාවට.
    මේ ලියන එකේ අරමුණ මේ භාෂා කතන්දරේ පැහැදිලි කරන එක නිසා කෙලින්ම ඒ ගැන කියන්නම්. ඒ සඳහා තේරුම් ගත යුතු වැදගත්ම කරුණ තමයි, මේ සප්තපාදිකයින් අපි වගේ කාලය රේඛීයව අත්විදින අය නෙවෙයි. ඔවුන් කාලය කියන මානය සංජානනය කරන්නේ අරේඛීය ආකාරයකටයි. ඉතින් මෙයාලගේ භාෂාවත් හදාගෙන තියෙන්නේ ඊටම ගැලපෙන විදියට නිසා එක තේරුම් ගන්න එකත් අමාරුම වැඩක් බවට පත් වෙනවා.
    මේ කතාව මැද හරියේදී අපේ වාග් විද්‍යාඥවරිය මේ එක සක්වල ජීවියෙක් සමග මුහුණට මුහුණ මුණ ගැහෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඇයටත් හැකියාව ලැබෙනවා, අර ජීවින් වගේම කාලය අරේඛීයව අත්විඳින්න. ඒ කියන්නේ අතීතයත් වර්තමානයත්, අනාගතයත් එකම පින්තුරයක් වගේ පේනවා. මේකෙන් කාලය හරහා යන්න පුළුවන් කියන දේ අදහස් වෙන් නෑ . ඇයට මේ හැකියාව ලැබෙන්නේ, අර අමුතුම හැඩයේ සංකේත වලින් ලියන සප්ත්පදිකයන්ගේ අරේඛීය භාෂාව තේරුම් ගැනීමත් එක්ක. ඒ දැනුම සම්පුර්ණ වෙන්නේ අර මුණ ගැහීමේදී. මෙන්න මෙතෙන්දි තමයි, Sapir- Whorf කල්පිතය අවශ්‍ය වෙන්නේ.
    Sapir- Whorf කල්පිතය: මේකෙන් කියවෙන්නේ, අපි භාවිතා කරන භාෂාව, අපි මේ ලෝකය අත්විඳින ආකාරය කෙරෙහි යම් බලපෑමක් කරන බව. ඒ කියන්නේ, ඉතා ප්‍රථමික භාෂාවක් භාවිත කරන කෙනෙක්ට වඩා, වැඩි වචන, අකුරු ඇති දියුණු භාෂාවක් භාවිත කරන පුද්ගලයෙක්, වඩා පුළුල් පරාසයකින් ලෝකය අත්විඳින බව. මේක ඇත්තක් කියලවත් බොරුවක් කියලවත් ඔප්පු කරලා නැති නිසා තමයි, මේකට "කල්පිතයක්" කියල කියන්නේ.
    කොහොම නමුත්, මේ ෆිල්ම් එකේ කතා නායිකාවට, අර භාෂාව තේරුම් ගැනීමත් එක්කම, කාලය අරේඛීයව අත්විඳින්න හැකියාව ලැබීම පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ, මේ කල්පිතය හරහා තමයි.
    අවසාන වශයෙන්, මේ ලැබෙන හැකියාව නිසා ඇයට පුළුවන් වෙනවා චීන නායකයාගේ හිත වෙනස් කරලා වෙන්න යන විනාශයක් වලක්වා ගන්න. ඒ වගේම, ඇයට ඇගේ මුළු ජිවිතයම, රේඛිය නොවන, චිත්‍රයක් වගේ පේනවා. මේ කතාව මුලදීම ඇගේ දුවගේ මරණය සිදුවන බවක් පෙන්නුවත්, ඇත්තටම එය තාම සිදුවුණු දෙයක් නෙවෙයි. ඒ ඇයට, සහ මෙහි අනෙක් ප්‍රධාන චරිතය වන භෞතික විද්‍යාඥයට දාව අනාගතයේදී ලැබෙන දියණිය. එම දියණිය අකාලයේ මියයන බවත්, සැමියා තමන් හැර යන බවත් ඇයට කල්තියා දැනුනත්, ඇය එම මාවත තෝර ගන්නවා. ඒක තමා මේ චිත්‍රපටයෙන් දෙන ගැඹුරු පණිවිඩය, ඔබට ඔබේ ජීවිතය චිත්‍රයක් වගේ, අගක් මුලක් නැති අරේඛීය සංකේතයක් වගේ සම්පුර්ණයෙන්ම දර්ශනය වුනොත්, ඔබ එය තෝර ගන්නවද? නැත්තම් එය වෙනස් කරනවද?

    අන්තර්ජාලයේ කරුණු ඇසුරිනි.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේ උට්ටා මොකෙක්ද උ යකෝ ෆිල්ම් ඩිරෙක්ටර් ටත් වඩා දන්නවා වගේ නේ ටොක
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මමත් ඊයෙ බැලුවේ ඉස්සෙල්ලාම, කියපු තරං ගතියක් නෑ හැබැයි

    3 පාරක් විතර බැලුවම තේරෙන්න ගන්නවා.. :baffled::baffled: පට්ට story එකක්.. :cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21407351 said:
    3 පාරක් විතර බැලුවම තේරෙන්න ගන්නවා.. :baffled::baffled: පට්ට story එකක්.. :cool::cool:
    නෑ බන්, බලල ඉවරවෙලා ඉන්ටනෙට් එකෙන් හොයල බලල කෑලි කෑලි මුට්ටු කරලා කතාව තේරුම් ගත්ත. ඒත් මට ඇල්ලුවේ නෑ කතාව. :sorry: