Artists who spport President

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    UGC සභාපතිට හා උපකුලපතිවරුන්ට එරෙහිව අන්තරෙන් මැකොට පැමිණිල්ලක් දේශීය 2010 ජනවාරි 19 වෙනි අඟහරුවාදා, 10:43
    udula.jpg
    මැතිවරණ නීති උල්ලංඝණය කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා හා ඇතැම් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.


    ඒ මහතා පවසන්නේ මේ වන විට ආණ්ඩුව විසින් රටේ මාධ්‍ය, කලාකරුවන්, ක්‍රීඩකයින් ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ට දැඩි මර්දනකාරී බලපෑමක් කරමින් ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට මැදිහත් වන ලෙස බලපෑම් කරන බවයි. ඒ අතර, මෙම බලපෑම්වලට යටත්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ගාමිණී සමරණායක මහතාත් තවත් විශ්වවිද්‍යාලය කිහිපයක උපකුලපතිවරුනුත් මැතිවරණ නීති පවා උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක රාජකාරිවල යෙදී සිටින බවත් ප්‍රේමරත්න මහතා පවසයි.

    "විශේෂයෙන්ම සෞන්දර්ය, කැලණිය, ජයවර්ධනපුර, කොළඹ යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් තමන්ට ආණ්ඩුවෙන් එල්ල වූ බලපෑම් හමුවේ මේ ආකාරයෙන් කටයුතු කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ලෙස පත් කරන්නෙ මහාචාර්යවරයෙක්. සරසවි උපකුලපතිවරුන් ලෙස පත් කරන්නෙත් ඒ වගේම උගත් ප්‍රවීන මහාචාර්යවරු. එවැනි උගතුන් පවා බියවද්දමින් හා ඔවුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් ආණ්ඩුව ඔවුන්ව තම මැතිවරණ ක්‍රියාවලියට යොදා ගැනීම පිළිකුල් සහගතයි.

    කෙසේ වෙතත් මේ හැසිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් නිසා අපි ඔවුන්ගේ එම ක්‍රියාවන් පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා" ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
    කලාකරුවන්ට තර්ජන තියන බව කියන්නෙ කලා කරුවොද? අන්තරේද? අන්තරේ ඉන්නෙත් හොඳ නළුවො කියල අහල තියනවා :P