චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියට පින් සිද්ද වෙන්න ලංකාවට ලැබුණු Asia/Colombo Time Zone එක ගැනයි මේ කියන්න යන්නේ.. එතුමිය ජනාධිපති වෙලා ඉන්න මුල්කාලේ අපි ඉපදිලත් නැහැ. එතුමිය අතීතයේදී ලංකාවේ වැඩ කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් පැය බාගයක් වෙනස් කරලා තියනවා. ( මම මෙතන එහි ඇති ගුණ දොස් කීමට කියන්නේ යන්නේ නැහැ . නමුත් ප්රතිවිරුද්ධවාදීන් දේශපාලුවන් ඈත අතීතයේදී මෙය හෙලා දැකල තියනවා )
එතුමිය වෙලාව වෙනස් කරන්න කලින් අපි අම්මල තාත්තලා පාවිච්චි කරලා තියෙන්නේ ඉන්දියාවේ කල්කටා Time Zone එක. නමුත් ලංකාවේ වෙලාව වෙනස් කිරීම නිසා අපිට ජාත්‍යන්තර සම්මතයන්ට අනුව Asia/Colombo time zone එක ලැබුනා. පසුව මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ වෙලාවට ලංකාවේ වෙලාව නැවත වෙනස් කලත් ඒ Asia/Colombo Time Zone එක අදටත් අපිට හිමිවෙලා තියෙනවා.
එහෙම නොතිබුනානම් උබල වින්ඩෝස් ඉන්ස්ටෝල් කරනකොට නැත්නම් වෙන Software එකක් දානකොට සිලෙක්ට් කරන්න වෙන්නේ ඉන්දියාවේ කල්කටා Time Zone එක තමා. අපිට අඩුම තරමේ මේ වෙනුවෙන් අනන්‍යත්වයක් හිමිවීම ගැන සතුටු වෙන්න පුළුවන්.
Last edited:
