ASP.NET සිංහලෙන් ඉගෙනගන්න ආසද ?

Vote for related technologies


  • Total voters
    61

yesx

Banned
Feb 12, 2015
85
6
0
මෙහෙම ASP උගන්නන්න උබට අවුදෘදු 22ක් වත් යයි :(
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    2

    වැඩත් එක්ක පොඩ්ඩක් බිසි උනා. සොරි වෙන්න ඕන. ඔන්න එහෙනම් අද දෙවනි කොටස පටන් ගනිමු.
    මුලින්ම එහෙනම් ප්‍රොජෙක්ට් එක රන් කරල බලමු මොනවද තියෙන්නෙ කියලා.

    ighwjm.jpg


    ටොප් මෙනු එකට පහලින් පේනව ඇති කොළපාට ඊතල ලකුණක් තියෙන්නෙ එතන අපේ default browser එක සිලෙක්ට් වෙලා ඇති. ඒ ලඟම තියන පොඩි ඊතලේ උඩ ක්ලික් කලාම අපේ මැශින් එකේ තියන ඔක්කොම බ්‍රව්සර්ස් පෙන්නනවා. ඒ ඕනම එකකින් අපිට සයිට් එක රන් කරන්න පුලුවන්. එහෙනම් රන් කරල බලන්න. සයිට් එක ඕපන් උනාම එන්නෙ ඩිෆෝල්ට් තීම් එකක් එක්ක සයිට් එකක්. මේකෙ css files ඔක්කොම තියෙන්නෙ Solution Explorer-> Content folder එක ඇතුලෙ. Site.css තමයි ඩිෆෝල්ට් ස්ටයිල් තියන ෆයිල් එක.

    හරි දැන් බලන්න හෝම් පේජ් එකේ උඩම තියනවා Login එකයි Register එකයි. මුලින්ම ලොගින් එකට යන්න ගිහින් Log in උඩ ක්ලික් කරලා බලන්න. අපිට තාම account එකක් නැති නිසා log වෙන්න බෑ. ඕන්නම් register එකට ගිහින් account එකක් හදාගෙන ලොග් වෙන්න පුලුවන් (පොඩ්ඩක් ඉන්න දැන්ම එපා). එතකොට කොහොමද ඒක වෙන්නෙ ? අපි හැදුවෙ නෑ නේ මුකුත් ?
    :shocked::shocked::shocked:

    මේක වෙන්නෙ මේ ප්‍රොජෙක්ට් එක හැදෙනකොටම අපිට ඕන කරන configurations එනවා default. මුලින්ම View->Server Explorer (Ctrl+W,L) යන්න. ඒකෙ බලන්න Data Connections කියන එකේ මුකුත්ම connection එකක් නෑ. දැන් Solution Explorer එකේ App_Data folder එක උඩ රයිට් ක්ලික් කරලා Open Folder in explorer දෙන්න. ෆෝල්ඩර් එක ඇතුලෙ මුකුත්ම database එකක් නැහැ නේද :):)

    හරි දැන් ප්‍රොජෙක්ට් එක රන් කරල තියනම් register ගිහින් අලුත් account එකක් හදාගන්න. පළවෙනි පාර ටිකක් වෙලා යනවා. ඉවර උනාම ඉබේම ලොගින් වෙලා හෝම් එක ඕපන්වෙනවා.
    දැන් කොහේද මේ account එක හැදුනේ ? database එකක් තිබ්බෙ නෑ නේ
    :shocked::shocked:
    දැන් ප්‍රොජෙක්ට් එක stop කරලා ආයෙත් අපි අර කලින් බලපු තැන්වල බලන්න(App_Data and server explorer). තියනව නේද අලුත් database එකක් හැදිලා ?:) server explorer එකෙන් DB එකට connect වෙලා බලන්න Users කියල ටේබල් එකක් හැදිලා ඇති. ඒකෙ අපි දැන් හදපු එකා ඉන්නවා.

    මේක වෙන්නෙ ASP.NET membership provider කියන එකෙන්(https://msdn.microsoft.com/en-us/library/yh26yfzy(v=vs.140).aspx). මේක ටිකක් advance වගේම inbuilt එනවා. ලොකු ප්‍රොජෙක්ට් එකකට නම් මේක customize කරලා ගන්න පුලුවන්. හොද වගේම නරකත් තියනවා මේකෙ. මොකද එයාලගෙ API methods තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නෙ. හැබැයි අපි මේකෙදි ඒක පාවිච්චි නොකර අපේම DB connection එකකින් ලොගින් එකක් හදමු. :cool:


     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලොගින් එකක් හදන්න කලින් තව පොඩි දෙයක් කියන්නම්.
    login screen එකට ගියාම බලන්න දකුණු පැත්තෙ තියනවා section එකක්.
    Use another service to log in. කියලා

    11l67a1.jpg


    මේකෙන් අපිට පුලුවන් Facebook, Google, twitter වගේ external accounts හරහා ලොග් වෙන්න. ඒකට කරන්න තියෙන්නෙ මේකයි.
    මුලින්ම ප්‍රොජෙක්ට් එක රන් වෙනවනම් stop කරන්න. දැන් යන්න Solution Explorer එකෙන් App_Start කියන ෆෝල්ඩර් එක ඇතුලෙ තියන AuthConfig.cs ෆයිල් එකට.
    ඒකෙ තියන මෙන්න මේ කෝඩ් ටික uncomment කරන්න ඔක්කොම


    //OpenAuth.AuthenticationClients.AddTwitter(
    // consumerKey: "your Twitter consumer key",
    // consumerSecret: "your Twitter consumer secret");

    //OpenAuth.AuthenticationClients.AddFacebook(
    // appId: "your Facebook app id",
    // appSecret: "your Facebook app secret");

    //OpenAuth.AuthenticationClients.AddMicrosoft(
    // clientId: "your Microsoft account client id",
    // clientSecret: "your Microsoft account client secret");

    //OpenAuth.AuthenticationClients.AddGoogle();


    දැන් ආයෙත් ප්‍රොජෙක්ට් එක රන් කරල ලොගින් එකට ගිහින් බලන්න. තියනවා නේද අර කියපු සයිට්ස් වල ලොගින්ස් ?
    දැන් මේවා හරහා ලොගින් වෙන්න පුලුවන් අපේ සයිට් එකට. හැබැයි ෆේස්බුක් වගේ නම් AppID අනන් මනන් configuurations හදාගන්න වෙනවා. Security reasons නිසා. Google නම් ඕපන් අයිඩී 2.0 වලින් ලොග් වෙනවා.
    :yes: