Asterix-සුරපප්පා

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔන්න මචන්ලා කලකට පස්සෙ හරිහමන් ත්‍රෙඩ් එකක් දාන්න කියල ආවේ

    අද කියන්න යන්නෙ අපි කව්රුත් ආදරේ කරන සූර පප්පා හෙවත් ASTERIX ගැනයි... :yes::yes::yes:

    AsterixObelix.jpg


    ASTERIX කතා මාලාව ගැන කියන්න කලින් ඒක ලියපු දෙන්නා ගැන කියන්න ඕන

    ඒකෙ මූලිකයා තමයි මේ ඉන්නෙ...රෙනේ ගොසිනි (René Goscinny)

    Ren%C3%A9_Goscinny_IMAV_%C3%89ditions%2C_Paris.jpg


    රෙනේ උපන්නේ 1926 අගෝස්තු 14 වෙනිදා. ඔහුගේ දෙමව්පියන් පෝලන්තයේ සිට ප්‍රංශයට පැමිණි යුදෙව් ජාතිකයන්. රෙනේ කියන්නෙ පව්ලේ බඩපිස්සා....ඔහුට අවුරුදු හයකින් වැඩිමහල් අයියා කෙනෙක් හිටියා...

    රෙනේ ට වයස අවුරුදු දෙකක් වෙද්දී ගොසිනි පවුල ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් වෙත සංක්‍රමණය වුනා. එහිදී ගෙවුණු ඔහුගේ ළමා කාලය බොහොම සුන්දර එකක් වුනා...

    1943 දී ඔහු පාසල් ජීවිතය අවසන් කරද්දීම ඔහුගේ පියා ජිවිත ගමන අවසන් කරා...එනිසා රෙනේ ට වහාම රැකියාවක් සොයාගන්න සිදු වුනා...ඒ අනුව ඔහු ටයර් rebuild කරන සමාගමක සහය ගණකාධිකාර වරයකු ලෙස පත් වුනා....ඊළඟ වසරේදී ඔහු වෙළඳ දැන්වීම් නිෂ්පාදන සමාගමක චිත්‍ර නිර්මාණ ශිල්පියෙකු ලෙස රැකියාව සොයාගන්නවා....

    1945 වසරේදී ඔහු සිය මව සමග ඇමරිකාවට යනවා...නමුත් ඇමරිකානු හමුදා සේවයට බන්දවාගනිමෙන් වැලකිම සඳහා ඔහු නැවතත් ප්‍රංශයට යනවා ....එසේ යන ඔහු 1946 දී ප්‍රංශ හමුදාවට බැඳී එහි කෝප්‍රල් වරයෙකු ලෙස පත්වනවා...හමුදවේදීත් ඔහුට පැවරෙන්නේ හමුදාමය චිත්‍ර සටහන් සහ දැන්වීම් නිර්මාණය කිරීමයි....

    600full-rene-goscinny.jpg


    ඔහුගේ මුල්ම කෘතිය වන්නේ the girl wih the golden eyes නම් කෘතියක්....
    අනතුරුව නැවතත් ඇමරිකාවට එන රෙනේ , බිංදුවේ සිටම සිය වුර්තිය ගොඩනගනවා...1948 වසරේ සිට කුඩා ස්ටුඩියෝවක් පවත්වාගෙන ගියත් ඉන් වැඩි ප්‍රතිපලයක් ලැබෙන්නේ නැහැ....

    goscinny.gif


    10212009102237PM.jpg


    1951 වසරේදී ඔහුට ඇමරිකාවේදී මුණගැසෙන ප්‍රංශ ජාතික Georges Troisfontaines නම් chief press ආයතනයේ සභාපතිවරයා , රෙනේට ආරාධනා කරනවා ප්‍රංශයට පැමිණ ඔහුගේ කාර්යාලයේ ප්‍රධානි තනතුර භාරගන්නට....

    harvey-kurtzman-john-severin-rene-goscinny.jpg


    එසේ පැමිණි පසු ඔහුට හමුවන ඇල්බර්ට් අඩර්සෝ (Albert Uderzo) සමග එක්ව වැඩ කරනවා....
    ඔහු සමග එක්ව 1959 දී මේ දෙදෙනා මුළු ලොවම ආදරෙන් වැළඳගන්නා Asterix චරිතය නිර්මාණය කරනවා...

    රෙනේගේ හිතමිත්‍ර මෙන්ම කාටුන් හවුල්කරු වන ඇල්බර්ට් ඉතාලි සම්භවයක් ඇති ප්‍රංශ ජාතිකයෙක් ...ඔහු ඉපදී ඇත්තෙ 1927 අප්‍රේල් 25 දිනයි

    6_uderzo.jpg


    1934 වසරේදී ප්‍රංශ පුරවැසිභාවය ලබාගන්නා ඇල්බර්ට්, දෙවන ලෝක යුධ සමයේදී බොහොම සුන්දර ගම් පලාතක් වන බ්‍රිටනි වෙත ගොස් එහි ගොවිපොලක සේවය කරනවා...
    පසුකාලීනව සුරපප්පා ගෙ ගම විදියට තෝරාගන්නේ මුහුද ආසන්නව තිබු මේ සුන්දර ගමයි....එය ඔවුන් සිය කෘතියට යොදාගන්නවා...

    මුලින්ම ටින් ටින් සඟරාවට ඔවුන් Oumpah-pah නම් කතා මාලාවක් සාර්ථකව ලිව්වත් පසුව ඔවුන් දෙදෙනා එක්ව Pilote නම් අලුත්ම සඟරාවක් ආරම්භ කරනවා Asterix වෙනුවෙන්ම...

    250px-Asterixcover-asterix_the_gaul.jpg


    එය මුල් දිනයේ සිටම අතිශය සාර්ථක සහ ජනප්‍රිය වනවා....මුල්ම පොත තමයි Asterix the Gaul



    OumpahPahEtlespirates_27022004.jpg


    oumpahpah_t1.jpg


    Asterix කතා මාලාවේ එන ප්‍රධාන චරිත දෙක වන ඇස්ටරික්ස්(සුර පප්පා) සහ ඔබෙලික්ස්(ජිම් පප්පා) යන චරිත දෙකෙන් සුර පප්පා කියන්නෙ තීක්ෂණ බුද්ධියෙන් යුත් සහ ඉවසිලිවන්ත සහ නිර්භීත කෙනෙක්...ඔහු ශරීර ප්‍රමාණයෙන් කුඩා වුනත් බොහොම ඥානවන්තයි...ඒ වගේම සටන් කරන්නෙ අවශ්‍යම වෙලාවට පමණයි
    ජිම් පප්පා හෙවත් Obelix කියන්නෙ ඔහුගේ අතිජාත මිත්‍රයා...ඔහු තරමක් මෝඩයි....හැඟීම වලට තමයි මුල් තැන දෙන්නෙ...හැමදේම ගුටියෙන් තමයි විසඳන්නේ...හැබැයි බොහොම මානුෂිය සහ අහිංසක කෙනෙක් (රෝමන් කාරයොන්ට නං නෙවේ :no:)
    ජිම් පප්පගේ සුරතලා තමයි චුටි කුකූ හෙවත් Dogmatix

    මෙයාල ඉන්න රට ගෝල් දේශය කියලයි හඳුන්වන්නේ...ඒක අතීත ප්‍රංශ සහ බෙල්ජියම කලාපයේ ඇති ප්‍රදේශයක්...මොවුන්ගේ පරම හතුරා වන ජුලියස් සීසර් මුළු ගෝල් දේශයම යටත් කරගෙන සිටියත් පප්පලගේ ගම විතරයි බේරිලා තියෙන්නෙ...ඒ වෙද පප්පගේ අරිෂ්ටේ නැත්තං Magic Portion එකට පිං සිද්ධ වෙන්න...:yes::yes::yes:

    මිට අමතරව එම කතා මාලාවේ එන අනෙකුත් සියලුම චරිත වලට නම් යොදා ඇත්තෙ ඒ අයගේ චරිතයට වඩාත් ගැලපෙන තේරුමක් ඇති වචන ආශ්‍රයෙනුයි...සිංහල පරිවර්තනයේදී මෙය දැකගන්නට ලැබෙන්නේ නැහැ....

    මෙන්න ගමේ සෙටාර් එක....


    289373-76727-vitalstatistix_large.png

    ගමේ ලොක්කා...VITALSTATISTIX

    miraculi.gif

    ගමේ වෙදමහත්තයා GETAFIX

    59-d.jpg

    CACOFONIX

    fulli2.gif

    FULLIAUTOMATIX - ගමේ කම්මල් කාරයා වගේම වලිකරයා...

    unhygenix.jpg

    UNHYGENIX - මාළුකාරයා

    ඒ වගේම හැම ගෝල් ජාතිකයෙක්ගේම නම් "...ix" විදියට තමයි ඉවරවෙන්නේ.... ඒ වගේම රෝමන් කාරයන්ගේ හැම නමක්ම "...US" විදියටයි ඉවර වෙන්නේ...උදාහරණ ලෙස BRONTOSAURUS, CHRISTMASCACTUS වගේ නම් තියෙනවා....ඒ විදියට හැම ජාතියකටම අනන්‍ය විදියට තමයි නම් දාල තියෙන්නෙ....

    මේ පොත් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරලා තියෙන්නෙ Anthea Bell සහ Dereck Hockridge කියල දෙන්නෙක්

    anthea-bell.jpg

    Derek%20Hockridge_thumb%5B1%5D.jpg


    මේ වනවිට Asterix කතා පොත් 34 ක් ප්‍රකාශයට පත්ව ඇති අතර ඒවා ලොව පුරා භාෂා 100 කට වඩා පරිවර්තනය වෙලා තියෙනවා....

    දැන් රෙනේ සහ ඇල්බර්ට් ගැන ඉතුරු ටිකත් කියමු...

    වසර 51 ක් ආයු වළඳා රෙනේ ගොසිනි 1977 නොවැම්බර් 5 වනදා හ්ර්ද්‍යාභාදයක් හේතුවෙන් මෙලොවින් සමුගන්නවා...මෙමෙ කතා මාලාවේ නියම වීරයා ලෙස සැලකෙන්නේ ඔහුයි...ඒ මොකද ඔහුගේ සහභාගිත්වය තිබුණු කතා වඩාත් කතා රසයෙන් සහ හාස්‍යයෙන් යුක්තයි

    goscinny.jpg


    රෙනේ විසින් ලියපු Morris නම් ශිල්පියෙකු චිත්‍ර ඇඳපු තවත් ප්‍රසිද්ධ කතාවක් තමයි Lucky Luke කියන්නෙ....ලංකාවේ අයනම් හුඟක් දන්නෙ ....

    Lucky%20Luke%20Coming%20Soon%20Ad%5B6%5D.jpg


    කව්ද බෝයි කිව්වම :yes::D:D

    රෙනේ මියගියාට පස්සෙ ඇල්බර්ට් විසින් දිගටම එහෙත් වඩාත් සෙමින් asterix පොත් ලිව්වා...ඒ පාටක දැඩි ඉල්ලීම නිසා...කෙසේ වුනත් මේවා රෙනේ ඉන්න කාලේ ඒවා තරම් ගතියක් නෑ කියල තමයි කියන්නෙ....කියවනකොට මටත් ඒක තේරුණා...ඒත් මේ මනුස්සයාගේ කැපවීම අපි අගය කරන්න ඕන...දැනට අවුරුදු අනුවකට කිට්ටු වෙලත් ඔහු තාමත් වසර 4 කට 5 කට සැරයක් පොතක් එලි දක්වනවා...

    තමන්ගේ ගම අවට වගේම ඊජිප්තුව, ඉන්දියාව, ඇමරිකාව, රෝමය වගේ රටවල් කීපයකම මෙයාල සංචාරය කරනවා...

    දැනට ප්‍රංශයේ කොමික් නිර්මාණ කරුවන් අතරින් වඩාත්ම පරිවර්තනය ලක්වුවන් අතර ටින් ටින් රචක හ්ර්ජ් විරාජමාන වන අතර පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන වල රෙනේ සහ ඇල්බර්ට් ඉන්නවා...

    මේ වනවිට ඇස්ටරික්ස් වීඩියෝ ගේම්, Aserix චිත්‍රපට 10 ක් පමණ නිර්මාණය වී ඇති අතර ඉන් 6 ක් animation සහ 4 ක් සැබෑ නළුවන් සහිතයි (ඒ ටික බාගෙන බලපන් පුලුවන්නං ...ෆුල් ආතල් බං :D:D)

    poster.jpg


    මේ තියෙන්නෙ දැනට ආපු ඇස්ටරික්ස් පොත් - රෙනේ එක්ක ලියපුවා :yes::yes::yes:


    1. Asterix the Gaul (1961)[11]
    2. Asterix and the Golden Sickle (1962)[11]
    3. Asterix and the Goths (1963)[11]
    4. Asterix the Gladiator (1964)[11]
    5. Asterix and the Banquet (1965)[11]
    6. Asterix and Cleopatra (1965)[11]
    7. Asterix and the Big Fight (1966)[11]
    8. Asterix in Britain (1966)[11]
    9. Asterix and the Normans (1966)[11]
    10. Asterix the Legionary (1967)[11]
    11. Asterix and the Chieftain's Shield (1968)[11]
    12. Asterix at the Olympic Games (1968)[11]
    13. Asterix and the Cauldron (1969)[11]
    14. Asterix in Spain (1969)[11]
    15. Asterix and the Roman Agent (1970)[11]
    16. Asterix in Switzerland (1970)[11]
    17. The Mansions of the Gods (1971)[11]
    18. Asterix and the Laurel Wreath (1972)[11]
    19. Asterix and the Soothsayer (1972)[11]
    20. Asterix in Corsica (1973)[11]
    21. Asterix and Caesar's Gift (1974)[11]
    22. Asterix and the Great Crossing (1975)[11]
    (non-canonical) Asterix Conquers Rome (1976)
    23. Obelix and Co. (1976)[11]
    24. Asterix in Belgium (1979)[11]
    33. Asterix and the Falling Sky (2005)
    34. Asterix and Obelix's Birthday: The Golden Book (2009)[12]

    මේ තියෙන්නෙ ඇල්බර්ට් තනියෙන් ලියපුවා

    25. Asterix and the Great Divide (1980)[11]
    26. Asterix and the Black Gold (1981)[11]
    27. Asterix and Son (1983)[11]
    28. Asterix and the Magic Carpet (1987)[11]
    (non-canonical) How Obelix Fell into the Magic Potion When he was a Little Boy (1989)
    29. Asterix and the Secret Weapon (1991)[11]
    30. Asterix and Obelix All at Sea (1996)
    31. Asterix and the Actress (2001)


    ප්‍රංශයේ මිකී මවුස් ලෙස හඳුන්වන Asterix වෙනුවෙන් එහි අති විශාල උද්‍යානයක් පවා නිර්මාණය වෙලා තියෙනවා

    අවසාන වශයෙන් මගේ පෞද්ගලික අත්දැකීම කියන්නං
    අපේ තාත්ත ඉස්කෝලේ යන කාලේ පන්තියේ හිටපු යමක කමක් තියෙන පොරවල් Asterix, Tin Tin පොත් එහෙම ගේනවලු...ඒත් තාත්තට සීය ඒවා අරන් දෙන්නෙ නෑ...ඒ නිසා තාත්තා හිතාගෙන තියෙනව කවදාහරි රස්සාවක් කරන කාලෙක ඔය පොත් ගන්නවා කියල...කිව්වත් වගේ මම ඉපදෙනකොටත් ඒවා තාත්ත එකතු කරලා ඉවරයි....
    මචං මේ පොත් මාරම වටිනවා...Asterix, Tin tin දෙකම...උඹලා ගන්නවානම් සිංහලෙන් හඬ කවපු කාටුන් එක නැතුව මේ පොත් ගන්න...මොකද පොඩි දරුවන්ට නිකන්ම මේකෙන් spoken english හදාගන්න පුළුවන්...අනික කතාවේ නියම ගතිය එන්නේ එතකොට...අනික මේකේ තියෙන ඉංග්‍රීසි පොඩ්ඩක්වත් අමාරු නෑ...:yes::yes::yes:

    පොත් ටික මෙතැනින් බාගනිල්ලා Direct

    http://www.4shared.com/dir/IWT_32GT/Asterix_and_Obelix_book_pdf_co.html
    උඹලට 4shared එකෙන් බාල පුරුදු ඇති නේ...නැත්තන් රෙජිස්ටර් වෙන්න...free site එකක් :yes::yes:


    හොඳනම් කියන්න
    :) :) :)


    goscinny_uderzo_foto1967.jpg
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඉස්සර පුස්තකාලෙන් උස්සන් එන්නෙත් ඕව තමයි :P
    පට්ට ගහල පිටු නැහැ :baffled:
    ටින් ටින් වගේ මේකෙත් සිංහල පරිවර්තයක් ආවද බන්
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    patta pata pata :D

    woww nice tread..man asama cartoon1k..:cool:

    thanxx hode :)

    ඉස්සර පුස්තකාලෙන් උස්සන් එන්නෙත් ඕව තමයි :P
    පට්ට ගහල පිටු නැහැ :baffled:
    ටින් ටින් වගේ මේකෙත් සිංහල පරිවර්තයක් ආවද බන්

    යකුනේ ඉංග්‍රීසි පොත කියවපල්ලා...ඒකෙ ඉංග්‍රීසි මාරම ලේසි...අනික කතාව තනිකරම පින්තුර වලින්නේ යන්නෙ....මෙහෙ දැනට ඕව තිතට පරිවර්තනය කරන්න පුළුවන් අය නෑ මචං :no:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉස්සර පුස්තකාලෙන් උස්සන් එන්නෙත් ඕව තමයි :P
    පට්ට ගහල පිටු නැහැ :baffled:
    ටින් ටින් වගේ මේකෙත් සිංහල පරිවර්තයක් ආවද බන්
    :confused::confused::confused:
    අයි බන් සදුනෝ
    සිරසේ ගියේ හඩ කවලා
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    thanxx hode :)
    යකුනේ ඉංග්‍රීසි පොත කියවපල්ලා...ඒකෙ ඉංග්‍රීසි මාරම ලේසි...අනික කතාව තනිකරම පින්තුර වලින්නේ යන්නෙ....මෙහෙ දැනට ඕව තිතට පරිවර්තනය කරන්න පුළුවන් අය නෑ මචං :no:

    භාෂා 100කට පරිවර්තනය කරයි කියපු හින්ද ඇහුවෙ යකෝ
    මුන්ට මොනවා වෙලාද මන්ද අද
    :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    හරි හරි.. කෙල පාර නම් ඉවසන්න පුළුවන්..
    ඒත් එකට කාල එකට බීල එකට පිස්සු කෙලලා.. එකට මැරෙන්න ගිය එකෙකුගෙ Birth Day එක අමතක කළා එහෙනම් ඈ :no::no::no:
    :dull::dull::dull::no::no::no: