Astra Magerine!!! Dangerous!!!

thilinasan

Member
Jun 24, 2010
284
5
0
Kingston
ඇස්ට්‍රා මාගරින් සෞඛ්‍යට අහිතකරයි, භාවිතයෙන් වලකින්න’
June 24, 2011 at 10:07 am | Lanka C News.
download

ඇස්ට්‍රාමාගරින්, වයස අවුරුදු 03ට අඩු දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් වහාම එය අදාළ නිෂ්පාදනවල ‍ලේබල්හි සටහන් කරන ලෙස අනුරාධපුර ක‍හටගස්දිගිලිය මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කර ඇත.
ඇස්ට්‍රාමාගරින්වල අඩංගු ඊ 319 නැමැති ප්‍රතිඔක්සීකාරකය දරුවන්ගේ වැඩීමට අහිතකර ලෙස බලපාන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පනත මගින් පෙන්වා දී ඇති අතර ඒ බව ලේබල්වල සටහන් කරන ලෙස දැනුම් දුන්නද අදාළ සමාගම එම නියෝගය මෙතෙක් පිළිගෙන නොමැත.
ඒ හේතුවෙන් අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වී. එම්. ඒ. බාලසූරිය මහතා අධිකරණය වෙත නඩුවක් ගොනුකර ඇත. එහි ප්‍රතිළුලයක් ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබා දීමට පියවර ගෙන තිබේ.

:no::no::no: