ඊයෙ බලල ඉවර කලා සීසන් දෙකම. 7/10 වගේ රේට් කරන්න පුලුවන්. බලද්දි මට නොට් උන ඉන්ටරස්ටිං ආගමික කාරණා දෙකක් ගැන සඳහන් කරන්න හිතුන.
**Minor Spoilers**
එකක් තමා අපේ අසුරයා පොඩි කාලෙ අඝෝරී සාධුවරු හමුවෙන්න යන එක. ඔය අඝෝරී සාධුවරු කියන්නෙ ටිකක් සුවිශේෂී හින්දු භක්තිකයො පිරිසක්. එයාලගෙ දර්ශනය ජෙනරලයිස් කරලා සඳහන් කලොත්, ඒ අය පිළිගන්නේ අපි දෙවියන් වහන්සේ හෝ දෙවියන්වහන්සේගේ නිර්මාණයක් නම් අපි කරන කියන දේවල් වලින් අපිව අපිරිසිදු වෙන්න බැහැ කියල. ඒ කියන්නෙ එහෙම අපි කරන කියන දේ වලින් අපිව අපිරිසිදු වෙනවා නම් අපි දෙවියන්ගේ නිර්මාණයක් වෙන්න බැහැ. ඒ නිසා හොඳ සහ නරක දෙකම ට්‍රාන්සෙන්ඩ් කිරීම තුලින් අපිට පුලුවන් ඒ උතුම් ශුද්ධවූ දෙවියන් හෝ පරමාත්මය සමග එක්වෙන්න හෝ තමා තුල තිබෙන ඒ පරමාත්මය තේරුම් ගන්න. කතාවෙ ඇන්ටොගනිස්ට්ගෙ දර්ශනයේ තියන හොද නරක බැහැර කිරීමයි මේ අයගේ දර්ශනයෙයි යම් සමානකමක් තියනවා.
අනෙක් කාරණය තමා කුඩා බෞද්ධ භික්ෂූව. සමහර හින්දු විශ්වාසයන්ට අනුව ගෞතම බුදුන් වහන්සේ කියෙනනේ විශ්ණුගෙ නමවෙනි අවතාරය. උන්වහන්සේ මේ ලෝකයට බුද්ධ වේශය අරගෙන ආවේ අසුරයන්ව නොමග යවන්න. වේදයෙන් මනුශ්‍යයා ඉවත් කරලා මනුශ්‍යයාව අධර්මයට යොමුකරන කෙනෙක් විදිහට තමා ගෞතම බුදුන්ව ඒ අය හඳුනන්නේ. එක්තරා හාමුදුරුවෝ කෙනෙක් සඳහන් කරපු විදිහට සමහර හින්දු අය කියන්නෙ "බුදුහාමුදුරුවො කියන්නෙ විශ්ණුගෙ අවතාරයක්. ඒ නිසා වැඳපල්ලා පුදපල්ලා, ගරු කරපල්ලා හැබැයි දේශනා කරන දේ නම් අහන්න යන්න එපා, ලස්සනට දේශනා කරනවා නමුත් ඒක අපිව නොමග යවන්න කියන දෙයක්" කියලා. ඕක බුදුහාමුදුරුවන්ට ජීවමාන කාලයෙත් කරලා තියන චෝදනාවක්. බුදුහාමුදුරුවො සතුව අන්‍යාගමිකයන් තමන්ගේ ආගමට (නොමගට) හරවාගන්න පුලුවන් විදිහේ යම්කිසි මායාත්මක හැකියාවක් තියනවා කියලා අන්‍ය ආගමිකයන් කරපු චෝදනාවක් සඳහන් වෙනවා භද්දිය සූත්‍රයේ. අපේ කතාවේ අසුරයාව නොමග යවන්නත් බෞද්ධ භික්ෂුව පාවිච්චි වීම ඒ කතාවට සමනකමක් පෙනෙනවා.