ඔය ස්ලෝ ස්පීඩ් වැඩ කරන මැශින් වලට බය හිතෙන්නෙ නැහැ. ඒකයි ගොඩක් වෙලාවට බය නැතිව අත දාන්නෙ. ඔතන මහ සද්දෙට වැඩ කරන මෝටරයක් හරි බ්ලේඩ් එකක් හරි තිබුනා නං නතරවෙලා තිබුනත් අත දාන්න බය හිතෙනවා.
මගේ ලඟත් පට්ටම පරිස්සමෙන් වැඩ කරන්න ඕන මැශින් තියනවා, කොයි තරම් පරිස්සමෙන් කරත් සමහර වෙලාවට කෙලවෙනවා
මගේ අතින් tablesaw එක කික් බැක් වෙලා ආපස්සට ලී කෑල්ලක් ආවා, වෙලාවට මම push stick එක යූස් කරා පැත්තකටත් වෙලා හිටියෙ. ලී කෑල්ල පිටිපස්සෙ තිබුනු MDF බෝඩ් එකක් හිල් වෙලා ඒක ඇමිනිලා තිබුනා
Miter saw එකෙන් ඇලුමිනියම් බාර් එකක් කපද්දි ශුවර් එක වැඩි කමට blade එක stop වෙන්න කලින් saw එක උඩට ගත්තා, කපපු කෑල්ල බ්ලේඩ් එකේ පැටලිලා ඇහිබැමේ වැදුනා. ඇහේ වැදුනා නං ඇහැ නෑ. ඒක උනේ දවසෙම eye protection goggle එක දාල වැඩ කරලා එක කෑල්ලක් මදි වෙලා goggle එක නැතිව කපපු වෙලේ. ඇහි බැමේ කියතට කැපුනු ඇලුමිනියම් කුඩු එම්බෙඩ් වෙලා තිබුනෙ.
දැං නං ටූල් එක අතට ගන්න කලින් safety equipment ටික හොයාගන්නවා.