ATM_ජාලය_සුරක්ෂිතයි
අද (04) දින සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් ලංකා ක්ලියර් ආයතනය පැහැදිලි කිරීමක් කර සිටී.
එලෙස හුවමාරු වූ පණිවුඩයෙන් කියා තිබුණේ මෙරට සියලු බැංකු ජාල හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බවත් සියලු බැංකු ගිණුම් හිමියන් ඔවුන්ගේ ගිණුම් ශේෂ යළි වතාවක් පරීක්ෂා කර තහවුරු කර ගන්නා ලෙසත්ය. මෙම පණිවුඩයේ ඇතැම් බැංකුවල නම් සඳහන් කරමින් ඒවායේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM ) භාවිතා නොකරන ලෙස ද සඳහන් වී තිබිණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ක්ලියර් ආයතනය කියා සිටින්නේ විවිධ කණ්ඩායම් විසින් විවිධ අරමුණු ඇතිව එවැනි සාවද්‍ය පණිවුඩ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදා හරිනු ලබන බවයි.
මෙය මූල්‍ය ක්ෂේත්රයේ කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් කිසිදු ප්‍රතිපත්තියක් නැති දුෂ්ට පුද්ගලයින් විසින් බෙදා හරින ලද ද්වේෂ සහගත පණිවුඩයක් බව ලංකා ක්ලියර් වැඩිදුරටත් කියා සිටී.
මෙහිදී ලංකා ක්ලියර් ආයතනය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය (ATM) කිසිදු අවදානමකට පාත්‍ර වී නොමැති බවත් ATM පද්ධතිය භාවිතයට ආරක්ෂිත බවට සියලුම බැංකු තහවුරු කර තිබෙන බවත්ය.
ලංකා ක්ලියර් ආයතනය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.