Audi (අවුඩි)

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Audi_R8_AMI_2008.JPG


    Audi යනු ලොව සුපතල මෝටර් රථ සැලසුම්කර, සාදා බෙදා හරිනු ලබන ජර්මානු ආයතනයකි. එහි මූලස්ථානය පිහිටුවා තිබෙන්නේ ජර්මනියේ Ingolstadt, Bavaria හිය.
    මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ 1899 නොවැම්බර් 14 දින August Horch මහතා ආරම්භ කරන ලද "A. Horch & Cie" ආයතනයයි.

    නමුත් ඊට වසර 10කට පසු A.Horch මහතා සහ කලමණාකාරිත්වය අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන් ඉවත්වි 1909 දි "Horch Automobil-Werke GmbH" ලෙස නව ආයතනයක් ආරම්භ කරන ලදි.එවිට මුල් ව්‍යාපාරයේ කලමණාකාරිත්වය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය A.Horch මහතාට "Horch" යන වෙලඳ නාමය භාවිත කිරිම තහනම් කරමින් නඩු තීන්දුවක් දෙනලදි

    මෙයින් බලවත් අපහසුතාවයට පත් වු A.Horch මහතා ඔහුගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු වු Paul සහ Franz Fikentscher සමග පැවැත්වු සාකච්චාවකට පසු " Horch " යන වෙලඳ නාමය වෙනුවට "Audi" යන නාමය භාවිතා කිරීම ඇරඹිය.ප්‍රථම Audi මොටර් රථය වු Type B, 10/28PS රථය 1910 දී වෙලඳ පොලට නිකුත් කරන ලදි.

    Audi-Typ-B-10-28-PS-1910-1914.jpg


    1932 වසරේදී Audi ආයතනය Horch, DKW( Dampf-Kraft-Wagen), සහ Wanderer යන ආයතන සමග ඒකාබද්ධ කර නව “ Auto Union AG” පිහිටවන ලදි.දැනට භාවිතා කරනු ලබන එකට ඈඳුනු වලලු හතරක නිල ලංඡනයෙන් සංකේතවත් වන්නේ මෙම ඒකාබද්ධ කරන ලද අයතන හතරයි
    1966 වසරේ සිට Audi ආයතනයේ විශාලතම කොටස්කරු වන්නෙ 99.5% ක කොටස් හිමිකාරිත්වය දරන ජර්මනියේ Volkswagen ව්‍යාපාරයයි

    ලොව රටවල් 8ක Audi නිෂ්පාදනාගාර 9ක් පවති. ඒවා නම් ජර්මනියේ Ingolstadt, Neckarsulm ඉන්දියාවේ Aurangabad, ස්ලෝවේකියාවේ Bratislava ,බෙල්ජියමේ Brussels ,චීනයේ Changchun, හන්ගේරියාවේ Győr, ඉන්දුනීසියාවේ Jakarta සහ ස්පඤඤයේ Martorell.

    nawalowadenuma.com/
     
    • Like
    Reactions: TheRockSays

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,106
    16,908
    113
    ලොව රටවල් 8ක Audi නිෂ්පාදනාගාර 9ක් පවති. ඒවා නම් ජර්මනියේ Ingolstadt, Neckarsulm ඉන්දියාවේ Aurangabad, ස්ලෝවේකියාවේ Bratislava ,බෙල්ජියමේ Brussels ,චීනයේ Changchun, හන්ගේරියාවේ Győr, ඉන්දුනීසියාවේ Jakarta සහ ස්පඤඤයේ Martorell.